Connect with us

උණුසුම් පුවත්

මිත්‍යා විස්වාස කරපින්නාගෙන කොරෝනා වසංගතයට මුහුණ දෙන්න බෑ – වෛද්‍ය අනිල් ජාසිංහ

කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණදීමට නම් මිත්‍යා විස්වාස පසුපස නොගොස් විද්‍යානුකූල ක්‍රියාවලියකට අනුගත වීමේ වැදගත්කම හිටපු සෞඛ්‍ය‍‍ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, වත්මන් පරිසර අමාත්‍යංශ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. නව වසරේ රාජකාරි ආරම්භ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඇතැම් පිරිස් මිත්‍යා විස්වාසවල එල්බගෙන ඒ පිළිබඳව පූර්ණ විස්වාසය තබා කටයුතු කරන බව පෙන්වා දෙන ජාසිංහ මහතා පවසන්නේ කොරෝනා වැනි වෛරසයක් සමග එවැනි ක්‍රමවලින් සටන් කළ නොහැකි බවයි. විද්‍යානුකූල ක්‍රමවේදයකට මූලික අවධානය යොමු කරමින් කටයුතු කළයුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

සමාජය තුළ ප්‍රශස්ත ලෙස ප්‍රතිශක්තීකරණය පවත්වාගෙන යාමට නම් ජනතාවගෙන් 70% කට වත් ප්‍රතිශක්තීකරණ එන්නතක් ලබාදිය යුතු බවත් එසේ නොමැතිව වෛරසය පාලනය කළ නොහැකි බවත් අනිල් ජාසිංහ මහතා පවසනවා.

කොවිඩ් 19 වෛරසයේ පළමු ව්‍යාප්තියේදී සැළකිය යුතු කාර්යභාරයක් ඉටුකළ අනිල් ජාසිංහ මහතා පිළිබඳව රටේ බහුතරයකගේ ප්‍රසාදය හිමි විය. කෙසේ නමුත් වත්මන් රජය බලයට පත්වීමෙන් ඔහු පරිසර අමාත්‍යංශයේ ලේකම් තනතුරට පත් කෙරිණි.

උණුසුම් පුවත්

ගෑස් සිලින්ඩර් සගවන පාරිභෝගිකයින් ගැන වහාම කියන්න.. හදිසි ඇමතුම් අංකයකුත්

ගෑස් සිලින්ඩර් සඟවා තබාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන ති‌බේ නම් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියට දැනුම් ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ සදහා පාරිභෝගික අධිකාරියේ 1977 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සදහන් කරයි.

ඉදිරියේදී ගෑස් මිල ඉහළ යනු ඇතැයි සිතා ගෑස් අලෙවිකරුවන් අලෙවි කිරීමට ඇති ගෑස් සිලින්ඩර සඟවා සිටින බවට තොරතුරු ලැබෙමින් පවතින බව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Continue Reading

උණුසුම් පුවත්

සියලුම ආර්ථික මධ්‍යස්ථාන දින දෙකකට විවෘත කරයි…

තොග වෙළදාම් කටයුතු සඳහා දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (17) සහ හෙට (18) දෙදින තුළ විවෘත ව පවතී. ජංගම වෙළඳුන්ට එළවළු සහ පළතුරු තොග මිලදී ගැනීම සඳහා එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතකර ඇත. පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ සහ මත්ස්‍ය වෙළෙඳ පොළ ද අද (17) අලුයම සිට විවෘතව කර තිබුණි

Continue Reading

උණුසුම් පුවත්

උදය ගම්මන් පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

සිංගප්පුරුවේ ආයතන කිහිපයක් මගින් වැඩි මිලට බොරතෙල් හා පිරිපහදු කරන ලද තෙල් ලබාගැනීම උදෙසා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක්  සම්බන්දව  විශේෂ විමර්ශණ ඒකකය වෙත ලැබී ඇති සාක්ෂි පදනම් කරගනිමින් අමාත්‍ය උදය ගම්මන් පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එම සම්බන්දයෙන් පොහොට්ටු අභ්‍යන්තරයේ කතිකාවතක් ඇතිව ඇති බව වාර්තා වේ.

පොහොට්ටු නිවේදනය තුළ කරුණු දෙකක් අඩංගු වෙනවා.

අංක එක වන්නේ ඉන්ධන මිළ වැඩි කිරීමේ තැනට රජය තල්ලු වන තුරු විෂය භාර ඇමතිවරයා තම ධුර කාලය තුළ කිසිවක්ම නොකළ බවයි. එසේ නොකළ දේවල් ලෙස අප දකින්නේ ඔපෙක් රටවල්වලින් ⁣ඉන්ධන මිළට නොගෙන, විශාල කොමිස් මුදලක් ලැබෙන සිංගප්පූරු තැරැව්කරුවන්ගෙන් ම දිගින් දිගටම ඉන්ධන මිළට ගැනීමයි. ඔපෙක් රටක් සමග ගිවිසුම් ගත වී ඉන්ධන ලබා ගන්නා විට කොමිස් මුදල් නොලැබෙන අතර එය රජයන් දෙක අතර ගිවිසුමට අනුව සිදුවේ. එවිට විශාල ලෙස අඩු මිළකට ඉන්ධන ලබාගත හැකිය.

දෙවැනි කාරණය නම්, බොරතෙල් ආනයනය කර ලංකාවේ පිරිපහදු කිරීම සඳහා පසුගිය වසර දෙක තුළ අමාත්‍යාංශය කිසිදු නව පියවරක් ගෙන නැති බවයි. සිදුකර ඇත්තේ පසුගිය රනිල්-සිරිසේන පාලනය විසින් තෙල් මිළට ගත් තැරැව්කරුවන්ගෙන් හතර දෙනාගෙන් ම මාරුවෙන් මාරුවට පිරිපහදු කළ තෙල් ලබා ගැනීම පමණි.

ලෝක වෙළඳපොල තුළ තෙල් මිළ අඩු වූ අවස්ථාවල අමතර තෙල් ගබඩා කිරීම සඳහා පහසුකම් වැඩි කළ යුතු බව කැබිනට් රැස්වීම්වල කිහිප වරක්ම දැනුම් දී තිබුණ ද ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඇමතිවරයා කටයුතු කර නැතිවීම මීළඟ ප්‍රශ්නයයි. මුහුදේ සිට තෙල් පොම්ප කරන දෙවැනි නල පද්ධතියක් එලිය යුතු බව ද කර ඇති ඊළඟ යෝජනාවයි. ඒ සඳහා ද පියවර ගෙන නැත.

මේ මොහොතේ ඉන්ධන මිළ වැඩිකිරීමට සිදුවීම ගැන පොදුජන පෙරමුණ විෂයභාර අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස කියන්නේ නැත. ඇතැමුන් එය පටලාගෙන තිබේ. මිළ වැඩිකිරීම මේ අවස්ථාවේ ගතයුතු තීරණයක් බව එම පක්ෂය සිතන බව නිවේදනයෙන් පෙනේ. එහෙත් ඇමතිවරයාට ඉල්ලා අස්වන ලෙස කියන්නේ මේ තත්වය උදාවන තුරු අමාත්‍යාංශය විසින් ගත යුතු ක්‍රියාත්මත කිසිවක්ම නොගැනීම මතය.

මේ මොහොතේ ඉන්ධන මිළ වැඩිකිරීමට සිදුවීම ගැන පොදුජන පෙරමුණ විෂයභාර අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස කියන්නේ නැත. මිළ වැඩිකිරීම මේ අවස්ථාවේ ගතයුතු තීරණයක් නොවන බව එම පක්ෂය සිතන බව නිවේදනයෙන් පෙනේ. එහෙත් ඇමතිවරයාට ඉල්ලා අස්වන ලෙස කියන්නේ මේ තත්වය උදාවන තුරු අමාත්‍යාංශය විසින් ගත යුතු ක්‍රියාත්මත කිසිවක්ම නොගැනීම මතය.

Continue Reading

Facebook

Advertisement

Updates

Off Road4 hours ago

දරුවන් දහදෙනෙකු බිහි කළායැයි කියමින් ලෝකෙම රැවටූ කාන්තාවගේ ඇත්ත කතාව

පහුගිය දිනවල අපේ රටේ මෙන්ම ලෝකයේම වැඩිපුර කතා බහට ලක්වුණු පුවතක් තමයි දකුණු අප්‍රිකාවේ මවක් දරුවන් දහදෙනෙකු එකවර බිහි කරපු...

ප‍්‍රධාන පුවත්7 hours ago

සදුදා සංචරණ සීමා ඉවතට.. Breaking News !

ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කෙරේ. එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල්...

ප‍්‍රධාන පුවත්11 hours ago

දෙහිවල සත්තු වත්තේ හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකු මිය යයි.. සිංහයෙකුට කොරෝනා..

දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින සිංහයෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙලිවී තිබේ. දින කිහිපයක් තිස්සේ උගුරේ වේදනාවක් සහ කැස්සකින් මෙම සිංහයා...

Uncategorized14 hours ago

උඩුවේ හිමියන්ගේ මෑණියන් සිහිසුන්වී නවලෝක රෝහලට.. හිමියන්ගෙන් පිණිවුඩයක්..

ප්‍රසිද්ධ ධර්ම කථික පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ මෑණියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් උන්වහන්සේ...

ප‍්‍රධාන පුවත්1 day ago

රනිල් එන්න කලින් වැඩ පෙන්නයි… සජිත්ගේ නගරාධිපතිවරු 04ක් එලවයි

එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය අවසන් කර සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දැරීම හේතුවෙන් නගර සභා කිහිපයක නගරාධිපතිවරුන් ධූරවලින් ඉවත් කිරීමට...

උණුසුම් පුවත්1 day ago

ගෑස් සිලින්ඩර් සගවන පාරිභෝගිකයින් ගැන වහාම කියන්න.. හදිසි ඇමතුම් අංකයකුත්

ගෑස් සිලින්ඩර් සඟවා තබාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන ති‌බේ නම් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියට දැනුම් ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ සදහා...

ප‍්‍රධාන පුවත්1 day ago

චන්නගේ කෝටි 20 නිවසේ කතාවට අසේල වැලිකඩ ? කෝටි 50 වන්දි ගෙවන්න වෙයි..

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඇතුල් කෝට්ටේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 200ක නිවසක් මිලදීගෙන ඇති බවත්, චන්න ජයසුමන, SPC සභාපති විශේෂඥ වෛද්‍ය...

උණුසුම් පුවත්2 days ago

සියලුම ආර්ථික මධ්‍යස්ථාන දින දෙකකට විවෘත කරයි…

තොග වෙළදාම් කටයුතු සඳහා දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (17) සහ හෙට (18) දෙදින තුළ විවෘත ව පවතී. ජංගම වෙළඳුන්ට...

ප‍්‍රධාන පුවත්2 days ago

මත්පැන් ඔන්ලයින් ක්‍රමය අවලංගුයි…

අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත. මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී...

ප‍්‍රධාන පුවත්3 days ago

මන්ත‍්‍රීවරුනට වාහන ගෙන්වීම අත්හිටුවයි.. මුදල් අමාත්‍යංශය තහවුරු කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මිල දී ගැනීමට නියමිතව තිබු වාහන ආනයනය සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News

en_USEnglish