උණුසුම් පුවත්
කතානායක නිරෝධායනයට ලක් කෙරේ..

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හුදෙකලා කිරීමකට ලක් වී තිබේ.
ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හේතුවෙන් සිය නිල නිවසේ හුදෙකලා ව සිටින ලෙස සෞඛ්‍ය අංශ විසින් ඔහුට දුන් උපදෙස් අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
කතානායක වරයාද සඳහන් කළේ සියලු දෙනාගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන තමන් මේ දිනවල හුදෙකලා ව කටයුතු කරන බවයි.
ආසාදිත ආරක්ෂකයන් දෙදෙනා තමන් සහභාගි වූ රැස්වීම් කිහිපයකට පැමිණ ඇතැයිද ඔහු කියා සිටියේය.
මේ අතර වාර්තා වන්නේ සෞඛ්‍ය අංශ විසින්ද උපදෙස් ලබා දුනහොත් කතානායක වරයාද PCR පරීක්ෂණයකට යොමු වීමට සූදානමින් සිටින බවයි.
උණුසුම් පුවත්
අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..

මීට පෙර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකළ ඖෂධ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කර එලිදැක්වීමේ වැඩසටහන යටතේ නිමොඩපීන් (Nimodipine) ඖෂධය එළිදැක්වීම රත්මලාන SPMC පරිශ්‍රයේදී සිදු කෙරිණි.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා අතින් ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන ගරු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාටත් ඉන් අනතුරුව අමාත්‍යතුමා විසින් ස්නායු ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මැතිතුමාට ඖෂධය පිළිගැන්විණි.
වෛද්‍ය සැපයුම් අංශය මෙම ඖෂධය මිලදී ගැනීමේදී එක් පෙත්තකට මීට පෙර රුපියල් 130 ක් වැය කර තිබූ අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) මෙම ඖෂධය සපයන්නේ රුපියල් 67ක මිලකට ය.

උණුසුම් පුවත්
බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි

බ්‍රිතාන්‍ය තුළ පැතිර යමින් තිබෙන නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් පනවා තිබූ තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරන්නේ.
ඒ අනුව බ්‍රිතාන්‍ය සංචාරකයන් සඳහා රට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සෞඛ්‍ය බළධාරීන්ගේ රැස්වීමකදී තීරණය කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය සංචාරකයන් සඳහා දින 14 ක නිරෝධායන කාලසීමාවකට යටත්ව මෙරටට පැමිණීමට අවසර ලබාදිය යුතු බවටයි.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශවලට යටත්ව බ්‍රිතාන්‍ය සංචාරකයන්ට මෙරටට සංචාරය කිරීමට අවස්ථාව හිමි වේ.
උණුසුම් පුවත්
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..

කොළඹ වරායේ සිට කොලොන්නාව නිමාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වෙත දිවෙන ඉන්ධන නල පද්ධතිය පිහිටි භූමියේ අනවසරයෙන් වසර 35 කට වැඩි කාලයක් පදිංචිව සිටි පවුල් 112 ක් සදහා ඛණීජ තෙල් නීතිගත සංස්ථාවත් භාණ්ඩාගාරයත් ඒකාබද්ධව රුපියල් මිලියන 500ක වියදමින් මහල් නිවාස ලබාදීමේ වැඩසටහනක් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් .17 දින කොලොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි. බලශක්ති අමාත්‍යතුමන් එහිදී සිදු කළ කතාව.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි නොබෝ දිනකින් අප සතුයි
මහින්ද නම් යුග පුරුෂයා
මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා විදිහට ඔබතුමාට ආරාධනා කළේ ඔබතුමන් මේ රටේ අග්‍රාමාත්‍යතුමන් නිසා නෙමේ, ඔබතුමා මේ නිවාස මිලදී ගැනීමට අරමුදල් වලින් කොටසක් සැපයූ මුදල් අමාත්‍යතුමා නිසාත් නොවේ, අපි ඔබතුමාට ඇරයුම් කළේ ඔබතුමන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් නිසයි. වරක් පාර්ලිමේන්තුවේ දී ඔබතුමා ප්‍රකාශ කළ ආකාරයෙන්ම, ඔබතුමා දැරූ ඔබතුමා දරණ සියලුම නාමයන්ට වඩා මහින්ද රාජපක්ෂ කියන නාමය දැවැන්ත කියන එකයි අපේ විශ්වාසය. මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමා යුග පුරුෂයෙක්. මහින්ද රාජපක්ෂ කෙනෙක් ඉතිහාසයේ කවදාවත් සිටියෙත් නෑ. අනාගතයේ බිහි වෙන්නෙත් නෑ.
ඔබතුමා කොටි ත්රස්තවාදයට එරෙහිව කරපු අරගලය අපි ඇස් දෙකෙන් දැක්කා. ඒ යුද්ධය දුටුගැමුණු රජතුමා එළාර රජතුමාට එරෙහිව කරපු යුද්ධයටත් වඩා අභියෝගාත්මක යුද්ධයක් වුණා. දුටුගැමුණු රජතුමාට විරුද්ධව එතුමාගේ කකුළෙන් අදින්න ඒ කාලේ විපක්ෂයක් තිබුණේ නෑ. ඒ වගේම කරන වැඩේ ජනතාවගේ මනසේ ව්‍යාකූල කරන්න රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් තිබුණෙත් නෑ. බලපෑම් කරන්න විදේශීය ප්‍රජාවන් ජාත්‍යන්තර ප්‍රජාවන් සිටියේ නෑ. බල්ලුක කියන ඉන්දියානු සහෝදරයට හමුදාව ඇරගෙන එන ලෙස එලාර රජතුමා පණිවිඩයක් යැව්වත් පණිවිඩය ගිහිල්ලා හමුදාව එන විට යුද්ධය ඉවර වෙලාත් ඉවරයි. අද වගේ ක්ෂණිකව බලපෑම් කරන්න, සම්මන්ත්රණ තියන්න, හමුදා එවන්න හැකියාවක් එදා තිබුණේ නෑ. ඒ සියල්ලටම වඩා ජනතාවගේ මනස විකෘති කරන්න බොරු ප්‍රචාර කරන සමාජ ජාල මාධ්‍යන් එදා තිබුණෙත් නැහැ.
ඒ නිසා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබ තුමා මේ රටට ගෙනාපු ජයග්‍රහනය, අතීතයේ අප ලද සියළුම ජයග්රහනයන් ට වඩා විශිෂ්ටයි අද්විතීයයි කියන එකයි අපේ විශ්වාසය. ඒ නිසයි ඔබතුමා අද අපේ ප්‍රධාන අමුත්තා වෙන්නේ.
ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීම
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි, 2010 ජනාධිපතිවරණයේ දී ඔබතුමා ජනවරම ඉල්ලූ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ඔබතුමා ජනවරම ඉල්ලනවා, ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කරන්න. එදා ඔබට දැවැන්ත ජනවරමක් ලැබුණත් එය මහ පොළොවේ ක්‍රියාත්මක වුණේ නෑ. ඒ නිසා තමයි මේ අමාත්‍යාංශය භාර ගැනීමෙන් අනතුරුව අද අමාත්‍යාංශයේ දැක්ම බවට ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීම කියන තේමාව යොදාගෙන තියෙන්නේ . අපි ආසියාවේ බලශක්ති කේන්ද්‍රය කරා යන ගමනේදී, අපිට තෙල් ගබඩා කිරීමේ හැකියාව, අපේ ධාරිතාව අතිශයින්ම තීරණාත්මක වෙනවා. ඒ නිසා තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම අපේ ක්‍රියාවලිය තුළ ඉතා වැදගත් සමාගමක් බවට පත් වෙනවා. ඉතාම වැදගත් ආයතනයක් බවට පත්වෙනවා. මේ වන විට ගරු අග්රාමාත්යතුමනි මෙට්ට්‍රික් ටොන් දහදාහක ධාරිතාවෙන් යුත් ටැංකි නමයක් ඉදිකිරීම් කටයුතු අපි ආරම්භ කරල තියනවා.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින්ම අප සතු වන බව
මං විශේෂ දෙයක් කිව යුතුයි. ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා පසුගිය ඉරිදා අවසන් කරන්න පුළුවන් වුණා. තාම මේක කොහෙවත් නිවේදනය කර නැහැ. ඉන්දියානු මහා කොමසාරිස් තුමාත් එක්ක තිබුණු අර්බුද සියල්ල කතා කරලා විසඳගන්න පුළුවන් වුණා. විශේෂයෙන් සිහිපත් කරන්න ඕන ඉන්දියානු මහා කොමසාරිස්තුමා ඉතාම නම්‍යශීලී වෙමින් 2017 අත්සන් කල ගිවිසුමේ තිබෙන විධිවිධාන අමතක කරමින්, කළමනාකාරීත්වය එක්ක සාකච්ඡා කරලා, වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරලා අපි විසින් ඉදිරිපත් කරපු කොන්දේසි සියල්ලටම එකඟතාවය පළකලා. මම මේ අවස්ථාවේ එය කෘතඥ පූර්වකව සිහිපත් කරන්න ඕන.
දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ මේ දක්වා නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තේ නැති , 2003 සිට අපට අහිමි වුණු අපේ මහා සම්පතක් වන ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින්ම අප සතු වන බව අපි බොහොම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ත්‍රිකුණාමලය ආසන්නයෙන් යන නැව් වලින් සාතිශය බහුතරය ඉන්දියාවට අයත් වෙන්නේ ඒ නිසා ඒ වෙළඳපොළ දිනාගැනීමට නම් ඉන්දියාවේ සහයෝගය අපට අත්‍යවශ්‍යයි . එම නිසා ලංකා අයිඕසි සමාගමත් සමග එකතුව ඉතාම සහයෝගයෙන් මේ තෙල් ටැංකි සංවර්ධනය කරල ලංකාවට දැවැන්ත විදේශ විනිමය උපයන තැනක් බවට, වසර අසූවක් පමණ නිදැල්ලේ ප්‍රයෝජනයක් නොගෙන තිබූ මෙම සම්පත භාවිතා කරන්නට නුදුරු අනාගතයේ දීම අපි කටයුතු කරනවා කියන එක අපි ජාතියට ප්‍රතිඥා දෙන්න කැමතියි.
තෙල් නල එලා තිබු භූමියේ අනවසර පදිංචිකරුවන්ට නව නිවාස
අද අපේ ගමනෙ ඉතාම වැදගත් දෙයක් තමයි .අපේ තෙල් නල පද්ධතිය. සමහර නල අවුරුදු හැත්තෑවක් පරණයි .හැබැයි මේකෙ ආයුකාලය අවුරුදු තිහයි. වරින් වර තෙල් කාන්දු වීම් නිසා අපටත් පාඩුවක් වෙනවා. පරිසරයට ඊටත් වඩා පාඩුවක් වෙනවා . තෙල් නල පද්ධතිය අලුතෙන් ඉදි කිරීමේදී අපට තිබුණ එක අභියෝගයක් තමයි වසර තිස් පහකට අධික කාලයක් මෙම තෙල් නල එලා තිබු භූමිය උඩින් නිවාස ඉදිවෙලා තියෙන එක . අපි නිවාස 112ක් අඳුනගත්ත. ඒ අනුව තමයි ඛණීජ තෙල් නීතිගත සංස්ථාවත් භාණ්ඩාගාරයක් ඒකාබද්ධව රුපියල් මිලියන 500ක් වෙන් කලේ, මේ නිවාස වල ඉන්න අයට මහල් නිවාස ලබා දීලා මේ නිවාස ඉවත් කිරීම සඳහා.
සමහරු අපෙන් අහනවා ඒ අය පදිංචි වෙලා ඉන්නේ රජයේ ඉඩමක නීතිවිරෝධීව නේද ? නීතිවිරෝධීව ඉන්න අය ඉවත් කරන්න වෙනම ගෙවල් දෙන්න ඕනද? කසිප්පු පෙරෙන කෙනෙක් අල්ලපුවම එයාට තැබෑරුමක් දීලද කසිප්පු පෙරන එක නතර කරන්නේ කියලා සමහරු අපෙන් ප්‍රශ්න කරා. නීතිය කෙසේ වෙතත් අපි මානුෂික වෙන්න ඕන. වසර 35 ක් නීතිවිරෝධීව ඔවුන් ගෙයක් හදාගෙන හිටියට පස්සේ එයාලව පාරට ඇදලා දාන්න තරම් අමානුෂික වෙන්න ජනතාව පිළිබඳ සංවේදී ජනාධිපති කෙනෙක් සහ අගමැති කෙනෙක් ඉන්න ආණ්ඩුවක් විදිහට අපට හැකියාවක් නෑ. ඒ නිසා තමයි ඒ ජනතාවට අලුත් නිවාස නොමිලේ ලබා දීලා, ඒ බිම් අපේ නල පද්ධතිය ප්‍රතිසංස්කරණය කර ගත හැකි ආකාරයට නැවත නිදහස් කරගන්න කටයුතු කළේ .
ඒ නිසා මේ නිවාසලාභීන් බොහොම සුහදශීලීව අපිත් එක්ක මේ ගනුදෙනුව කරන්න සම්බන්ධ වීම ගැන, ඔවුන් රටේ නීතියට එකඟව කටයුතු කරන්න අපිත් එක්ක එකඟ වීම ගැන ඒ අයටත් අපේ ප්‍රණාමය පුද කරනවා.
ශ්‍රී ලංකාව දුක්වින්ද යුගය නුදුරු අනාගතයේ දීම අවසන් කරනවා
ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක වසරක් බවට 2021 පත් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සපුගස්කන්දේ ත්‍රිකුණාමලයෙන් හම්බන්තොටත් තෙල් පිරිපහදු තුනක් ආරම්භ කරන්න වසර හැටකින් ලංකාවේ තෙල් පිරිපහදුව බිහිවෙලා නෑ. වසර හැත්තෑවක් පමණ පරණ තෙල් නල පද්ධතිය අලුත් කරන්න ඒ වගේම මේ වසර තුල මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් ගොඩගැනීමේ කටයුත්තත් අලූත් ආයතන බිහි කරලා අලුත් නීති රීති පද්ධතියක් යටතේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
අපේ තියනවා ඩොරොඩා කියලා ළිදක්, දෙදහස් එකොළහේ දී කැනපු ඒහි ගෑස් තියනවා වසර 30කට මෙගාවොට් 1000 ක විදුලි බලාගාරයක් නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත්. බැරකියුඩා කියන ළිඳේ වසර දහයක් මෙගාවොට් 300 ක ගෑස් විදුලි බලාගාරයක් නඩත්තු කරන්න ප්‍රමාණවත් ගෑස් තියෙනවා .මේ මහා සම්පත පොළොව යට තියාගෙන අපි ලෝකයට ණය වෙමින් දුක් විඳිමින් සිටිනවා. ඒ නිසා ශ්‍රී ලංකාව දුක්වින්ද යුගය නුදුරු අනාගතයේ දීම අවසන් කරනවා කියන ප්‍රතිඥාව ජාතියට ලබාදෙනවා.
සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ, අයි ඕ සී සමාගමේ කලමණකාර අධ්යක්ෂ මනෝජ් ගුප්තා, ඇමතිතුමන්ගේ පුද්ගලික ලේකම් උපුල් විජේසේකර යන මහත්වරුන් සහ සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරීන් වෘතීය සමිති නායකයින් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී විය.
– media unit
-
උණුසුම් පුවත්2 weeks ago
ප්‍රබල කැබිනට් ඇමතිගේ බිරිඳ ව්‍යාපාරිකයෙකු සමඟ පැන යයි..?
-
උණුසුම් පුවත්2 weeks ago
‘අම්…ට …. නැතිව වාඩිවෙයන්’: ප්‍රසන්න වාසුදේවට වාග් ප්‍රහාරයක්..
-
උණුසුම් පුවත්1 week ago
ප්‍රජා අයිතිය රැකගන්න හිටපු ජනපති මෛත්‍රී අනුරාධපුරේ ඥානක්කා හමුවීමට යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
මහින්දව අයින් කරන විමල්ගේ කතාවට ඇල්ලේ හිමිත් ඇවිලෙයි: පොහොට්ටුව හැදුවෙ බැසිල් බවත් ප්‍රසිද්ධියේ කියයි (VIDEO)
-
උණුසුම් පුවත්1 week ago
මේ වෙලාවේ නම් ආණ්ඩු බලය අල්ලන්න හිතන්නවත් එපා – රනිල්ගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට උපදෙස්..
-
උණුසුම් පුවත්1 week ago
බටහිර ජැටියට ඉන්දියාව කැමති වේ.. අදානි සමාගම ගිවිසුමට සූදානම්…
-
උණුසුම් පුවත්1 week ago
විමල්ලා, ගම්මන්පිලලාට තනියෙන් ඡන්දෙ ඉල්ලන්න බැහැනෙ. අන්තිමට අපි ළඟට එන්නම වෙනවා – ප්‍රසන්න
-
උණුසුම් පුවත්6 days ago
විමල් වීරවංශලා සමග ප්‍රබල දේශපේ‍්‍රමී විපක්ෂයක් හදන්න සූදානම්..