Off Road
20 රටට ද? බැසිල් ට ද?

20 ගැන තියෙන ලොකුම ප්රශ්නය ඕක ය.
20 ගේන්නේ රට වෙනුවෙන් ද ? බැසිල් වෙනුවෙන් ද ?
ප්රශ්නය කොරෝනා නොවේ, මේක ය.
ටොයියන්ට අනුව නම් 20 ගේන්නේ බැසිල් වෙනුවෙනි.
20 ට කලින් 19 ගැන කතා කළ යුතුය.
පිළිවෙළ එහෙම ය.
අද 20 ගැන කතා කරන බොහෝ දෙනා හදිසියේ නින්දෙන් අවදි වූ අය ය.
20 ගේන්නේ බැසිල් වෙනුවෙන් ය කියන අයට මතක් කර යුතු දේ නම් 19 ගෙනාවේ රනිල් වෙනුවෙන් බව ය.
ඒ, ජනතාවගේ ඡන්දය මංකොල්ලකෑමක් හරහා ය.
2015 දී මේ රටේ ජනතාව ඡන්දය දී බලයට පත් කරන්නේ විධායක ජනාධිපතිවරයෙකි.
ඒ විධායක ජනාධිපතිවරයා ගේ බලතල කිසිම දිනෙක මේ රටේ ජනතාවගේ ඡන්දයකින් ජනාධිපති විය නොහැකි රනිල් වික්‍රමසිංහ හොරා ගන්නේ 19 හරහා ය.
එය හරියටම සුබ සහ යස නාට්‍යය මෙනි.
අවසානයේ රජ වූයේ දොරටුපාලයා වූ රනිල් ය.
රනිල් මෛත්‍රී ගේ හිස ගසා දමනු වෙනුවට කළේ ඔහුගේ බලතල කපා දැමීම යි.
රජ දවස රජුගේ අන්තඃපුරය බාරව කටයුතු කළ ඇමැතියන් ට රාජකාරිය බාර දීමට පෙරාතුව ඔවුන්ගේ ශිෂ්ණය ඡේදනය කරන ලදි.
මෛත්‍රී ට සිදුවූයේත් අන්න ඒ ටිකම ය.
19 ප්‍රධානම වගන්තියක් වූයේ ජනාධිපතිවරයාට වසර 4 1/2 ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය යන්නයි.
ඒ වගන්තිය ඇතුළත් කළේ චන්ද්‍රිකා ගෙන් උගත් පාඩම අනුව ය.
2001 දෙසැම්බර් බලයට පත් රනිල් ගේ ආණ්ඩුව 2004 දී විසුරුවා හැරීමට චන්ද්‍රිකා කටයුතු කළා ය.
චන්ද්‍රිකා විසින් එතෙක් මෙතෙක් ගන්නා ලද නිවැරැදිම තීරණය වූයේ එය යි.
එසේ නොවන්නට ලෝක සිතියමට තවත් එක් රටක් එකතු වන්නට බොහෝ දුරට ඉඩ කඩ තිබුණි.
අද කාටත් අමතකව ඇති මිලේනියම් සිටි පාවාදීම සිදුවූයේ එදා වික්‍රමසිංහ ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය යටතේ ය.
2015 දී යහපාලන ආණ්ඩුව කරන්නේ රටේ ඔත්තු සේවා බිඳ වැට්ටවීමේ ඉදිරියටත් කරගෙන යෑම යි.
එහි අවසන් ප්‍රතිඵලය ලෙස පාස්කු ප්‍රහාරය රටට බුක්ති විඳීමට සිදුවිය.
එම පාස්කු ප්‍රහාරය ගැන 19 න් පසු නාමික ජනාධිපති වූ මෛත්‍රී දන්නේත් නැත.
19 න් පසු විධායක අගමැති වූ රනිල් දන්නේත් නැත.
පොලීසිය බාර සාගල දන්නේත් නැත.
දැනගෙන සිටි එකම තැනැත්තා වූයේ හරීන් ගේ පියා ය.
සකෝ බල ලෝ!
මේ යහපාලන නිඝණ්ඨ සමයේ රටේ ආරක්ෂා පත්ව තිබූ තත්ත්වය යි.
19 න් තවත් යෝජනාවක් සම්මත කරගනී.
එනම්, ද්විත්ව පුරවැසියන්ට ඡන්දය ඉල්ලීමේ අයිතිය අහෝසි කිරීම යි.
මේ යෝජනාව පළමුව ගෝඨාභයත්, දෙවනුව බැසිලුත් ඉලක්ක කරගෙන ගෙනෙන ලද්දකි.
ද්විත්ව පුරවැසිභාවය තබා මේ රටේ පුරවැසිභාවයවත් නැති කල්ලතෝනියකු මහ බැංකුවේ මහ පුටුවේ වාඩි කරවද්දී රනිල්ටවත්, රනිල්ගේ සට්ටම්බිරාළලාටත් ප්‍රශ්නයක් වූයේ නැත.
දැන් ප්රශ්නය බැසිල් ය.
බැසිල් ඇතුළට ඒම වැළැක්වීම ය.
මක්නිසාද යත් බැසිල් යනු මීටරයකි.
අද දේශපාලන කෙළිබිමේ සිටිනා අංක එකේ ගේම්කාරයා ය.
බැසිල් ගහන ගේම මැතිවරණ කොමසාරිස්ටවත් සිතාගත නොහැකිය.
ලංකාවේ සිටි ලොකුම දේශපාලන ගේම්කාරයා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ අද ජීවතුන් අතර සිටියා නම් ගේම් ගහන හැටි ඉගෙන ගන්න එන්නේ බැසිල් වෙතට ය.
මොන විරෝධය මතු වූවන් 20 ගෙන එන්නේ ය.
හකීම් ගේ, බදුර්දීන් ගේ, විමල් ගේ, මෛත්‍රී ගේ පක්ෂ කඩා හෝ ඡන්ද බාගෙන 20 සම්මත කරගන්නේ ය.
එය එසේ නොවන්නේ නම් බැසිල් ගෙන් වැඩක් නැත.
බැසිල් ට එය කළ හැකි වන්නේ නම් ද්විත්ව නොව ත්‍රිත්ව පුරවැසිභාවයක් තිබුන ද 20 නොව 25 වැනි සංශෝධනය ගෙනැවිත් හෝ බැසිල් ඇතුළට ගත යුතුය.
මන්ද යත් බැසිල් එවැනි වැඩකාරයෙක් නම් ඔහු සිටිය යුත්තේ පාර්ලිමේන්තුව ඇතුළේ මිස එළියේ නොවේ.
යහපාලනය පුද්ගලයන් ඉලක්ක කරගෙන කළ දෑ බොහෝ ය.
රවී කරුණානායක මන්දිර බද්දක් ගෙනාවේ පුද්ගලයන් කිහිප දෙනෙකු ඉලක්ක කරගෙන ය.
එහෙත් රවී කරුණානායක අපාර්ට්මන්ට් මිල දී ගන්නා විට මන්දිර බදු කැළේ ය.
CSN එක දඩයම් කළේත් එවැනිම ආකාරයකට ය.
කෘෂිකර්ම අමාත්‍යයාංශයට සබීතා ගේ බිල්ඩින් එක ගැනීම කිසි ලෙසකින් වත් සාධාරණීකරණය කළ නොහැකි විය.
ඩීල් එක පිටුපස සිටියේ වික්‍රමසිංහ සහෝදරයෙකි.
සියලු මඩ ටික කෑවේ දුමින්ද දිසානායක ය.
මේ අසාධාරණයන් සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටිය අයටත් නොපෙනී ගියේය.
” එකක් කඩතොළු
මකා ගන්නට
ගොසින් සිදු වූ කාරියා
දෙකක් කඩතොළු
හදා ගත්තයි
කම්මලේ ආචාරියා…”
මේ අපේ පැරණි කතාවකි.
මෙය වර්තමානයට ගලපා ගත් විට කියැවෙන්නේ මෙසේය.
” එකක් කඩතොළු
මකා ගන්නට
ගොසින් සිදු වූ කාරියා
6 ක් කඩතොළු
හදා ගත්තයි
සිරිකොතේ ආචාරියා…”
යහපාලනය 19 ගෙනාවේ ප්රජාතන්ත්රවාදය සුරැකීමටවත්, සාධාරණ සමාජයක් ගොඩනැගීමටවත්, දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් ඇති කිරීමටවත් වෙන මොන බම්බුවකටවත් නොවේ.
මෙරට දේශපාලනයෙන් රාජපක්ෂවරුන් ඉවත් කිරීමට ය.
අන්තිමේදී සිදු වූයේ එක රාජපක්ෂ කෙනෙකු ඉවත් කරන්නට ගොස් ගෝඨා , මහින්ද , චමල්, නාමල් , ශෂීන්ද්‍ර යන රාජපක්ෂවරුන් 5 දෙනාම පාර්ලිමේන්තුවට තේරී පත් වීම යි.
හෙට අනිද්දාට බැසිල් ද ආවිට සේරම ගණන 6 කි.
පුද්ගලයන් ඉලක්ක කරගෙන ව්‍යවස්ථා හදන්න ගිය විට සිදුවන නස්පැත්ති මේවා ය.
19 ගෙනෙන විට ජනමත විචාරණයක් අවශ්‍ය වූයේ නැත.
19 වෙනස් කරන්නට ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ කුමන පදනමක් යටතේ ද?
දේශපාලන භේදවලින් තොරව සිතා බැලිය යුතු කාරණා මේවා ය.
අනෙක් අතට මේ රටේ 69 ලක්ෂයක් ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේ නිකම් අත ගගා ඉන්නට නොවේ.
ජනතාවට උවමනා වැඩ ය.
20 ගේන්නේ ජතතාවට හොරා නොවේ.
ජනතාව දැනුවත්ව ය.
ජනතාව යහපාලකයන්ට එරෙහිව මනාපය පළ කළේ ඒකට ය.
හඬ අනුව තීන්දු දෙමින් පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් බවට පත් කළ කරූ ජයසූරිය කතානායකතුමාටත් දැන් හදිසියේම ප්රජාතන්ත්රවාදය මතක් වී තිබේ.
20 ගැන කෑ මොර ගස්න උදවිය 19 න් මේ රට නපුංසක රටක්, මේ රටේ නපුංසක පාලනයක්. ඇති කළ අන්දම ගැන කතා කරන්නේ නැත.
19 නිසා රටට වූ වින්නැහිය අපි සියැසින්ම දුටුවෙමු.
20 ගෙන ආ යුතුය.
බැසිල් ද ආ යුතුය.
දැන් අප ඉන්නේ නාසය තෙක් වතුරේ ගිලී ය.
ඉන් උඩට වතුර ගියා කියා ලොකු වෙනසක් නැත.
‘කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ ‘යැයි කීවාක් මෙන් යහපාලන සෙට් එකට දැන් කිරීමට සිදුව ඇත්තේ කට සහ අනිත් තැන වසාගෙන සිදුවන දේ බලාගෙන සිටීම පමණකි.
Off Road
සුරාබදු කප්පම් කරුවෙක් යාපනයයෙන්

යාපනය කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කයට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් සුරාබදු ලෙස ක්‍රියා කරන ප්‍රභාත් ජයවික්‍රම යන අය යාපනය දිස්ත්‍රිකයේ සුරාසැල් හා රෙස්ටුරන්ට් වලින් මසකට රුපියල් පනස්දහසක් බැගිනි හා යාපනය අර්ධද්වීපයේට ඇතුල් වන සෑම බෝතලයකින්ම රුපියල් 10 බැගින් කප්පම් ගනිමින් සිටින බවත්. එසේ නොගෙවන පුගලයන්ට හා සුරාසැල් හිමියන්ගේ බලපත්‍ර අහෝසි කරන බවට තර්ජනය කර ඇති බව වාර්තා වේ.
Off Road
ද්විත්ව පුරවැසි භාවය වගන්තිය ඇතුළුව 20 ට ඉදිරිපත් කළ සියළුම සංශෝධන 2/3 න් සම්මත වෙනවා. හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

විමල් වීරවංශ ප්රමුඛ ජාතිකවාදී කණ්ඩායම බැසිල් රාජපක්ෂට මිසක් 20 ට විරැද්ධ නෑ. ඔවුන්ගේ සැබෑ ප්රශ්නය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිත් අගමැති වෙන එක, ජනාධිපති අපේක්ෂකයා වෙන එක වැලැක්වීම මිසක්, 20 සංශෝධනයේ අහිතකර වගන්ති 30 කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර ගැනීම නොවේ යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
සෞභාග්‍ය යේ ආණ්ඩුව අද ආණ්ඩුපක්ෂයේත්, විපක්ෂයේත් භුමිකා දෙකම රඟපානවා. මේ ආණ්ඩුව හදපු බලවේග අද විපක්ෂයේ භුමිකාව නිරූපනය කරන්න, පෙත්සම් අත්සන් කරනවා. පුවත්පත් සාකච්ඡා තියෙනවා. කුමන්ත්‍රණ කරනවා. වොයිස් කට් දෙනවා. විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට තියෙන්නේ ජනාධිපතිවරයා අතේ බලය ගොනුවීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. බැසිල් රාජපක්ෂ පිළිබඳ ප්‍රශ්නයක් යැයි තෙන්නකෝන් පැවසූවේ සාහසික වියරුව පරදවමු ජනතා ව්‍යාපාරය නාරාහේන්පිට පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී ය.
අවසනාවකට ලංකාවේ දේශපාලන අනාගතය තීරණය වන්නේ ප්‍රතිපත්ති මත නොවෙයි මෙවැනි පුද්ගලික කාරණා මතයි. 17, 18, 19, 20 ව්‍යවස්ථා සංශෝධන හතරම ඡන්දය දෙන මන්ත්‍රීවරු 23 ක් ඉන්නවා. දේශපාලන අවස්ථාවාදය මිසක් ප්‍රතිපත්තියක් නැති කම තමයි ප්රශ්නය.
20 වන සංශෝධනය පිළිබඳ විරෝධය ජනාධිපතිවරයා අත බලය ගොනුවීම පිළිබඳ ප්‍රශ්නයක්. අපිට තියෙන්නේ ඊලඟට රටේ අගමැති, ජනාධිපති බිළිබඳ ප්‍රශ්ණයක් නෙවෙයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 4 – 5 ක මහජන නියෝජිතයෝ 20 ට පක්ෂව ඡන්දය දෙනවා. ආණ්ඩුව 20 ට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව 150 ට වැඩිය මන්ත්‍රීවරු 155 කට වැඩිය සුදානම් කරගෙන ඉන්න බව පැහැදිවම පේනවා.
මම ප්‍රාර්ථනා කරනවා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඡන්දය අවසන් වෙන කොට බදුල්ල, රත්නපුර, මඩකලපුව දිස්ත්‍රික්කවල විපක්ෂයට එකම මන්ත්‍රිවරයෙක්වත් ඉතිරිවේවා කියලා යැයැ ද කීර්ති තෙන්නකෝන් පැවසීය.
20 ට නීතිපති හරහා ගෙනාව සංශෝධන ඇස්බැන්දුමක්. හරක් මරන්නේ නෑ කියලා, හරක් රවට්ටපු ආණ්ඩුවක් මේක. ඒ වගේම පහුගිය සති දෙකේ 20 ට විරුද්ධ වුණු පිරිසක් අද, එයට පක්ෂයි කියනවා. මේක පැහැදිලි ඩීල් එකක්. ඉතාම පැහැදිලි ඩීල් යුගයකට රට නැවත පැමිණිලා තියෙනවා. මේ ඩීල් එකේ ප්‍රතිඑලය තමයි ද්විත්ව පුරවැසි භාවය ඇතුළු සියළු සංශෝධන 2/3න් සම්මත කර ගැනීම.
20 සම්මත වෙලා දින දෙකකට පස්සේ ඇමරිකාවේ පොම්පියෝ ලංකාවට එනවා. ඒ කියන්නේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනවා කියන එකයි. මේ ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුමට විරුද්ධ වුණේ බොරු ඇමරිකන් විරෝධයක් දක්වලා, මිනිස්සුන්ගේ ඡන්ද ටික ගන්න විතරයි.
20 හරහා ආණ්ඩුව තමන්ට පාලනය කළ හැකි බොරු විපක්ෂයක් නිර්මාණය කර ගන්නට උත්සහ කරනවා. එකේ විපක්ෂ නායකයා විමල් වීරවංශ යි. මේ රටේ මිනිස්සු කවරුත් මේ බොරු අවස්ථාවදී විපක්ෂය රැවටෙන්නේ නෑ යැයි ද හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් පැවසීය.
Off Road
කුලියාපිටිය රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක්.. ICU හා තවත් වාට්ටුවක් වසා දමයි..

කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොරෝනා ආසාදිත බව හෙළිවී තිබේ.
ඒ හේතුවෙන් එම දැඩි සත්කාර ඒකකය සහ රෝහලේ තවත් වාර්තාවක් වසා දමා තිබේ.
ඇයට සමීපව කටයුතු කළ වෛද්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ තිස් දෙකක් නිරෝධායන යොමු කර තිබේ.
ඇය එම ප්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගී වූ බවට තොරතුරු ඇතැයි ද රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කරයි.
එම සාදයේ දී ඇය ආසාදිතයන් කිහිපදෙනකු මුණගැසුනු බවට තොරතුරු ඇති නිසා සිදුකරන ලද පරීක්ෂාවෙන් ඇයද ආසාදිත බව හෙලි වූයේ යයි ඔහු පැවසීය.
-
උණුසුම් පුවත්2 weeks ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..
-
උණුසුම් පුවත්2 weeks ago
අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..
-
උණුසුම් පුවත්2 weeks ago
එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි