Connect with us

උණුසුම් පුවත්

රනිල් මංගලව පෙන්නා කෘත්‍යාධිකාරිය ශේප් කරගනී – 2023 දක්වා නායකයා රනිල් ?

එජාප ව්‍යවස්ථාව අනුව සෑම වසරක් අවසානයේදීම පක්ෂයේ සියලු තනතුරු අහෝසි වන අතර ඉන් අනතුරුව නැවතත් එම තනතුරු සඳහා නිළධාරීන් තෝරා ගැනීම සිදු වේ. ඒ අනුව මේ වනවිට පක්ෂයේ සියලු තනතුරු අහෝසි වී තිබෙන අතර ඉදිරියේදී පක්ෂයේ තනතුරු සඳහා සුදුසු පුද්ගලයන් පත්කර ගැනීමට නියමිතය.

සියලු තනතුරු වසර අවසානයේදී අහෝසි වුවද පක්ෂයේ නායකත්වය පමණක් 2023 ක්‍රියාත්මක වේ. රනිල් වික්‍රමසිංහ මහතා සිය කැමැත්තෙන් ඉල්ලා අස් වුවහොත් මිස ඔහුව ඉවත් කිරීමට පක්ෂයේ කිසිවෙකුටත් හැකියාවක් නොමැත.

අද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අතර එහිදී එජාප නායකයා පවසා තිබෙන්නේ පක්ෂයේ තනතුරු බෙදා ගැනීමට පෙර පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සිදුකළ යුතු බවයි. තනතුරු බෙදා ගැනීමට වඩා වැදගත් වන්නේ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම බවත්, ඉන් අනතුරුව තනතුරු බෙදාගත හැකි බවත් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

එජාප නායකයා ඒ සඳහා පසුගියදා හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මාතරදී සිදුකළ ප්‍රකාශයක් සිහිපත් කර ඇති අතර මංගලගේ කතාව ආදර්ශයට ගනිමින් පක්ෂය නැවත ගොඩනැගීම සඳහා සියලු දෙනා කැපවිය යුතු බව පවසා තිබෙනවා.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට හිතවත් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ තනතුරු ආරක්ෂා කරගෙන ඇති අතර ඒ හරහා ඔහු සිය නායකත්වයද ආරක්ෂා කරගෙන තිබේ. 2021 වසර ආරම්භයේදී පක්ෂය අලුත් නායකත්වයක් යටතට පත් කරන බව මීට පෙර ඔහු පවසා තිබුණද එය ඔහු විසින් නායකත්ව අර්බුදය සමනය කර ගැනීම සඳහා ලබාදුන් තවත් පොරොන්දුවක් පමණක් බවට පත්වනු ඇත.

මෙම තත්වය හමුවේ එජාපයේ ප්‍රමුඛ තනතුරු බලාපොරොත්තුවෙන් සිටි හිටපු මැති-ඇමතිරුන් ගණනාවක් දුර්මුඛ වී සිටින අතර ඉන් පෙරමුණේ සිටින්නේ ගාල්ලේ වජිර අබේවර්ධන මහතායි. ඔහු පක්ෂයේ සභාපති ධුරය බලාපොරොත්තුවෙන් සිටින අතර එය යථාර්ථයක් වන්නේද නොවන්නේද යන්න ඉදිරියේදී දැක ගැනීමට හැකිවනු ඇත.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර අලුත් දේශපාලන සබඳතාවයක් ගොඩනැගී ඇති අතර ඒ හරහා රනිල්-මංගල සුසංයෝගය යටතේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමට නියමිතය. එය සුපුරුදු පරිදි මීට පෙර විවිධ අවස්ථාවලදී සිදු වූ ආකාරයෙන්ම රනිල්ගේ නායකත්ව පුටුව ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිසංවිධානයක් මිස එජාපය ගොඩනැගීමේ ප්‍රතිසංවිධානයක් නොවනු ඇත.

මංගල සමරවීර මහතා එජාපය සමග ආරම්භ කර ඇති අලුත් ගමනේදීද තිරය පිටුපස චරිතයක් ලෙස පමණක් පෙනී සිටිනු ඇති අතර ඔහු ඉදිරි පෙළට පැමිණෙනවාද යන්න ඉදිරියේදී තීරණය වනු ඇත.

කුමන තත්වයක් මත හෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ එජාප නායකත්වය දශක තුනක් සම්පූර්ණ කිරීම නම් අනිවාර්යෙන්ම සිදුවන බව පෙනී යයි.

Lanka News Web

උණුසුම් පුවත්

රටෙන්ම වසංගතයේ බියකරු දත්ත සගවනවා.. චන්දිම ජීවන්දර, අනුරුද්ද පාදෙණිය කියයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර් මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා චෝදනා කරයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් ජනාධිපතිතුමාට හෝ නිවැරදි දත්ත ලබා නොදෙන බවත් රට ලොක්ඩවුන් කරගැනීමට නොහැකි එනිසා බවත් ඔවුන් චෝදනා කළහ. රූපවාහිනි වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Continue Reading

උණුසුම් පුවත්

ලෝකයම මවිත කරමින් චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්…

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන්නේ චීනයේ සයිනොෆාම් හා රුසියාවේ ස්පුට්නික් එන්නත් මෙරට නිෂ්පාදනය කිරීමට එම රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

මෙරට එන්නත් නිපදවීම සඳහා යෝජනා වී ඇති ස්ථානයක් නිරීක්ෂණය කිරීමට චීන සහ රුසියානු තානාපති කාර්යාලවලින් දැනටමත් එකඟතාවය පළකර ඇතැයිද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

Continue Reading

උණුසුම් පුවත්

රටපුරා දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට ලොක්ඩවුන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි…

කිසියම් ප්‍රදේශයක් හෝ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි හුදෙකලා කිරීමක් සිදුකළ හොත් ඒවායේ අත්‍යවශ්‍ය සේවා සැපයුම් හා අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ආර්ථික පුනර්ජීවන හා දරිද්රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සියළුම දිස්ත්‍රික්ක ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති එම උපදෙස් පත්‍රිකාව මෙසේය.

Continue Reading

Facebook

Advertisement

Updates

Uncategorized11 hours ago

17 වෙනිදා සිට ප‍්‍රදේශ රැසක් හදිසියේම ලොක්ඩවුන්..

දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම සේවා වසම් 38ක් හුදකලා කිරීමට තීරණය කර ඇත.මෙම හුදකලා කිරීම් 17 වන සඳුදා පෙරවරු 4.00 සිට...

ප‍්‍රධාන පුවත්2 days ago

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලැයිස්තුව මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත. දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි...

ප‍්‍රධාන පුවත්2 days ago

නැගෙනහිර පලාතේ ලොක්කටත් කොවිඩ් හැදෙයි..

මේ වන විට ඇය සිය පෞද්ගලික වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇයගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර...

ප‍්‍රධාන පුවත්2 days ago

හැදුනුම්පතේ අවසාන අංකය මත පමණක් නිවසින් බැහැර වන්න.. අළුත්ම නීතිය මෙන්න

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ හෙට දිනයේ සිට නිවසකින් පිටවීමට අවසර ඇත්තේ...

ප‍්‍රධාන පුවත්2 days ago

ඇගළුම් සේවිකාවන් හදිසියේ ලෙඩවෙති.. 9%කට කොරෝනා..

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයන් 100 දෙනෙකුගෙන් (09) දින සිදු...

ප‍්‍රධාන පුවත්2 days ago

හෙට සිට රටටම ගමන් තහනම්…

හෙට (13) දින රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා රට පුරාම සංචාරණ සීමා පනවා ඇත. නමුත් එම...

උණුසුම් පුවත්2 days ago

රටෙන්ම වසංගතයේ බියකරු දත්ත සගවනවා.. චන්දිම ජීවන්දර, අනුරුද්ද පාදෙණිය කියයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම...

ප‍්‍රධාන පුවත්2 days ago

සියළු වෙළදසැල් රාත්‍රී 07ට වැහෙයි..

සබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා...

උණුසුම් පුවත්2 days ago

ලෝකයම මවිත කරමින් චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්…

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත...

ප‍්‍රධාන පුවත්2 days ago

ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරි වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News