Connect with us

උණුසුම් පුවත්

කවුද හොඳම? – අසංක හදිරම්පෑල

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂතම වේගපන්දු යවන්නා ලසිත් මාලිංග කියලා හිතාගෙන ඉන්න චූටි පුතාලා හැමතැනම. එහෙම කිව්වහම මේ ‘මාලිංග ෆෑන් දරුවන්ට’ තරහ ගිහින් මෙහෙම අහනවා. ‘අපේ මාලි අන්තිම ඕවර් කීයක නම් මැච් කීයක් බේරලා තියෙනවද ? හැට්-ට්‍රික්ම කීයද ? කොණ්ඩෙම කොච්චර හැඩද ? කටම කොච්චර සැරද ? තොට පිස්සුද මී හරකා ! ක්‍රිකට් දන්නැති එකා !’

ඔව්, මාලිංග මැච් බේරලා තියෙනවා. එකක් නෙමෙයි ගොඩක්. 2014 දි 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයෙදි දෝනි සහ යුවරාජ්ව හිර කරපු හිර කිරිල්ල ඇතුළුව. කඩුලු ත්‍රිත්වයන් කිහිපයකුත් ඇතුළුව. එක පිට කඩුලු 4 දවාගත් අවස්ථා ඇතුළුව. මාලිංග කියන්නෙ විවාදයකින් තොරවම ලෝක මට්ටමේ වේගපන්දු යවන්නෙක්.

හැබැයි මේ කතාවත් අහන්නකෝ ඉතින් පුතාලා ටික…

අපට හිටියා චමින්ද වාස් කියලා වමත් මැදිවේග පන්දු යවන්නෙක්. එයා පැ.කි.මී. 140 ක විතර හයියෙන් පන්දු යැව්වෙ නම් නෑ. වැඩිපුර තරග ලැබුනෙත් මැරිච්ච තණතීරුවල. යෝකර් කින්ග් කියලා කවුරුත් කිව්වෙත් නෑ. ෆෑන් ක්ලබ් එකක් තිබුනෙත් නෑ. කවුරුත් එයා වගේ කොණ්ඩ දැම්මෙත් නෑ. යෝකර්ස් 6 ක් එකදිගට දැම්මෙත් නෑ. හැබැයි එයා මැච් බේරුවා, එක ක්‍රමයකින්.

පළවෙනි පන්දුවාර 5 ඇතුළත ප්‍රතිවාදී පිතිකරණ බල ඇණියෙ අත පය ගලවලා. ඒ කියන්නෙ පළමු කඩුලු 2-3 අතරට ඉක්මණින් ගිහිල්ලා, පීඩනය මැදට ප්‍රතිවාදී හොඳම පිතිකරුවන් ඉක්මණින් ගෙනල්ලා, අනෙක් පන්දු යවන්නන්ට ඔවුන්ව දවාගන්න අවස්ථාව හදලා දුන්නා.

ආරම්භක වේගපන්දු යවන්නෙක් කරන්න ඕන එච්චරයි.

හැබැයි එයා ඊට වඩා දේවල් කරා. කණ්ඩායමට ඕන නම් මැද ඕවර්ස්වල විකට් ගන්න, එයා ඒකත් කරලා දුන්නා. අන්තිම ඕවර්ස් 10 දිත් ඇවිත් කඩුලු ගත්තා. විවිධ පන්දු යැව්වා. බවුන්සර්, ඉන් ස්වින්ග්, අවුට් ස්වින්ග්, කටර්ස්, ස්ලෝ බෝල්, යෝකර්ස් වගේ. 2004 පෙබරවාරියෙදි අන්තිම ඕවරේක ලකුණු 8 ක් ඩිෆෙන්ඩ් කරපු හැටි තාම මතකයි. එදා එතකොට බැට් කරේ අති ප්‍රවේගකාරියෙක් වෙච්ච ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ඩ්ස් කියලා ඊටත් වඩා හොඳට මතකයි. (2008දි ෂිව්නරින් චන්ද්‍රපෝල් බෝල් 2 කට ලකුණු 10 ක් ගහලා මැච් එකක් වාස්ගෙන් උදුරගත්තු එකත් මතක නිසා ඒක පැත්තකින් තියමුකෝ)

ටෙස්ට් තරගවලදි වාස් වෙනම ජොබ් එකකුත් කළා. මුත්තයියා මුරලිදරන් කියන ශ්‍රේෂ්ඨ දගපන්දු යවන්නා තමන්ට තරමක් වාසි තණතීරු මත එක් අන්තෙකින් පන්දු යවද්දී, වාස් දාඩිය පෙරාගෙන අනෙක් අන්තෙන් පන්දු යැව්වා. ඒවා බොහෝවිට මැරිච්ච තණතීරු. ‘මට ආබාධ එනවය, මං දිහා කවුරුත් බැලුවෙ නැතය, කඩුල්ලේ තණකොළ නැතය, ඔක්කොම බැලුවෙ මුරලි දිහාය’ කියලා කියනව මේ වෙනතුරු දැකලා නෑ. එයා අවුරුදු ගානක් ක්‍රිකට් ගැහුවෙ කොන්දේ ආබාධයක් තියාගෙන. හැබැයි දූවිලි පිරුණු, වේලුණු විකට් එකක පන්දු යවන්න ඕන කොහොමද කියලා එයා අත්දැකීමෙන් ඉගෙන ගත්තා.

එයාට මුහුදෙන් එහාත් එකයි, මෙහාත් එකයි. මැරිච්ච විකට් උඩ ගහපු සමහර තරගවලදි ලොව ශ්‍රේෂ්ඨතම දගපන්දු යවන්නා කඩුලු 5 යි, වාස් 4 යි. වාස් එච්චර තරගකාරියි. 
සමහර වෙලාවට මුරලිදරන්ටත් පිතිකරුවෙක් වදයක් වෙනකොට මුරලි කෙලින්ම යන්නෙ වාස් ළගට. ‘මට අහවලා ගලවලා දියන්’, මුරලි ඔහොම කියපු බව වාස් අද කියන්නෙත් ඇහුවොතින් විතරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් වලින් විශ්‍රාම යනකොට එයා මෙහෙම දේවල් කරලා තිබුනා.
ටෙස්ට් තරග 111 කදී කඩුලු 355 යි.
එක්දින තරග 322 කදී කඩුලු 400 යි. (ලෝකයෙන්ම 4)
ටෙස්ට් කඩුලු 300 සහ එක්දින කඩුලු 400 පසුකළ එකම ශ්‍රී ලංකා වේගපන්දු යවන්නා.
ජාත්‍යන්තර ඉනිමකදී කඩුලු 5 දස්කම් – 16 යි.
එක්දින කඩුලු ත්‍රිත්ව – 2 යි.
ලොව හොඳම එක්දින පන්දු යැවීම – 19/8 (2001)
එක්දින තරග පන්දුවාරයක් තුළ පන්දු යවන්නෙකු විසින් ලබාගත් වැඩිම කඩුලු ප්‍රමාණය – 4 (2003)
ලොව එක්දින තරගයක ආරම්භක පන්දු 3 න් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ එකම පන්දු යවන්නා
එක්දින තරගයක පළමු පන්දුවෙන්ම වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා – 5
ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම කඩුලු වාර්තා කළ ශ්‍රී ලාංකිකයා – කඩුලු 23 (2003)
දැනට වසර 142 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් ලකුණු 3000 සහ ටෙස්ට් කඩුලු 300 පසුකළ එකම ශ්‍රී ලාංකිකයා. (ලොව 9 දෙනාගෙන් එක් අයෙක්)

එයා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් වුණත් අවස්ථාව ලැබුනොත් දායක වෙන්න දෙපාරක් හිතුවෙ නෑ. ඒ කාලෙ වාස්ව හැඳින්වුවෙ පන්දු යවන්නෙක් හැටියට විතරයි. ඒත් අද ලංකාවෙ ඉන්නවයි කියන තුන් ඉරියව් ක්‍රීඩකයන්ටත් වඩා හොඳට එයා අවශ්‍යම මොහොතේ පිත්ත හසුරුවලා තරග දිනවලා තියෙනවා.

දැන් එයා ජාත්‍යන්තර ක්‍රිකට්වලින් විශ්‍රාම අරගෙනත් අවුරුදු 10 කට කිට්ටුයි. ඒත් තාමත් ‘වැඩ්ඩා මම’ය කියනවා අහලා නෑ.

‘එයා වැඩ්ඩා’ය කියන්නෙ ක්‍රිකට් හොඳට බලපු දෙස් විදෙස් ප්‍රේක්ෂකයො සහ විචාරකයො. ඩීන් ජෝන්ස් එයාට කිව්වෙ “Doctor death” කියලා. මැරුණු තණතීරුවල, අවසන් පන්දුවාරවලදි එයා කරපු දේවලුයි, පිතිකරුවෙකු තමන්ටවත් නොදැනී මරණය කරා සූදානම් කරවපු අපූරුවයි නිසයි තමයි ඒ.

ඉතින් චමින්ද වාස් තමයි ඔහුගෙ නම. ඔහු තමයි මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂතම ජාත්‍යන්තර වේගපන්දු යවන්නා. සැකයක් එහෙම තියෙනවා නම් පරණ මැච් ටිකක් හොයාගෙන බලන්නකෝ. මේවා ඊළඟ පරපුරට භාරදෙන එක අපේ වගකීමනේ.

ඒත් විශ්වාස නැතිනම් සචින් ටෙන්ඩුල්කාර්ගෙන් ඇහුවත් කමක් නෑ. එක්දින ක්‍රිකට්වලදි විතරක් වාස් 9 වතාවක් සචින්ව කොර කරලා අවුට් කරලා තියෙනවා. ඔය කොරෝනාවලට කලින් තිබුණු ‘ලෙජන්ඩ්ස් තරගාවලියෙදිත්’ සචින්ට පුදුම වදයක්නෙ මේ චමින්ද වාස් අංකල් දුන්නෙ.

සචින් ටෙන්ඩුල්කාර් කියන්නෙත් කබ්බෙක් නෙමෙයිනෙ ඉතින් නේද ? ඒ විතරක්යැ, වාස් ක්‍රිකට් පටන්ගත්තු කාලෙ ඉඳන්ම ඔහුට අහන්න ලැබුනෙ ‘තමුසෙ වැඩක් නෑ ඕයි’ කියන එක. MRF ඇකඩමියෙදි ඩෙනිස් ලිලී වගේ අත්දැකීම් බහුල වේගපන්දු උපදේශකයන් පවා කිව්වෙ ‘උඹ නම් මදි !’ කියන එකමයි.

ඒත් මේ වාස් අංකල්ට තිබුනා ලොකු ගටක්. ඒ නිසා තනියෙන් මහන්සි වුනා. ආබාධ ආවත් නාවත්. බෝල 6 ඕවර් 20-25 දැම්මා. ටෙස්ට් මැච්වලදිත් මුරලි එක්ක හරි හරියට ඕවර් 20-25 දාපු අවස්ථා තිබුනා. මස් පිඩුවක්වත් රිදෙන්නැතුව ඒ වැඩේ කරන්න පුළුවන් කියලද පුතාලා හිතන්නෙ ? බෑනෙ, වේගපන්දු යවද්දි එහෙම බෑනෙ. රිදුම් ඉවසන්න වෙනවනෙ. ඉතින් අවුරුදු කිහිපයක් යද්දි, අන්තිමට ඔප්පු වුනා කවුද වැඩක් ඇත්තෙ, කවුද වැඩක් නැත්තෙ කියලා.

Click to comment

උණුසුම් පුවත්

උදය ගම්මන් පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

සිංගප්පුරුවේ ආයතන කිහිපයක් මගින් වැඩි මිලට බොරතෙල් හා පිරිපහදු කරන ලද තෙල් ලබාගැනීම උදෙසා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක්  සම්බන්දව  විශේෂ විමර්ශණ ඒකකය වෙත ලැබී ඇති සාක්ෂි පදනම් කරගනිමින් අමාත්‍ය උදය ගම්මන් පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එම සම්බන්දයෙන් පොහොට්ටු අභ්‍යන්තරයේ කතිකාවතක් ඇතිව ඇති බව වාර්තා වේ.

පොහොට්ටු නිවේදනය තුළ කරුණු දෙකක් අඩංගු වෙනවා.

අංක එක වන්නේ ඉන්ධන මිළ වැඩි කිරීමේ තැනට රජය තල්ලු වන තුරු විෂය භාර ඇමතිවරයා තම ධුර කාලය තුළ කිසිවක්ම නොකළ බවයි. එසේ නොකළ දේවල් ලෙස අප දකින්නේ ඔපෙක් රටවල්වලින් ⁣ඉන්ධන මිළට නොගෙන, විශාල කොමිස් මුදලක් ලැබෙන සිංගප්පූරු තැරැව්කරුවන්ගෙන් ම දිගින් දිගටම ඉන්ධන මිළට ගැනීමයි. ඔපෙක් රටක් සමග ගිවිසුම් ගත වී ඉන්ධන ලබා ගන්නා විට කොමිස් මුදල් නොලැබෙන අතර එය රජයන් දෙක අතර ගිවිසුමට අනුව සිදුවේ. එවිට විශාල ලෙස අඩු මිළකට ඉන්ධන ලබාගත හැකිය.

දෙවැනි කාරණය නම්, බොරතෙල් ආනයනය කර ලංකාවේ පිරිපහදු කිරීම සඳහා පසුගිය වසර දෙක තුළ අමාත්‍යාංශය කිසිදු නව පියවරක් ගෙන නැති බවයි. සිදුකර ඇත්තේ පසුගිය රනිල්-සිරිසේන පාලනය විසින් තෙල් මිළට ගත් තැරැව්කරුවන්ගෙන් හතර දෙනාගෙන් ම මාරුවෙන් මාරුවට පිරිපහදු කළ තෙල් ලබා ගැනීම පමණි.

ලෝක වෙළඳපොල තුළ තෙල් මිළ අඩු වූ අවස්ථාවල අමතර තෙල් ගබඩා කිරීම සඳහා පහසුකම් වැඩි කළ යුතු බව කැබිනට් රැස්වීම්වල කිහිප වරක්ම දැනුම් දී තිබුණ ද ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඇමතිවරයා කටයුතු කර නැතිවීම මීළඟ ප්‍රශ්නයයි. මුහුදේ සිට තෙල් පොම්ප කරන දෙවැනි නල පද්ධතියක් එලිය යුතු බව ද කර ඇති ඊළඟ යෝජනාවයි. ඒ සඳහා ද පියවර ගෙන නැත.

මේ මොහොතේ ඉන්ධන මිළ වැඩිකිරීමට සිදුවීම ගැන පොදුජන පෙරමුණ විෂයභාර අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස කියන්නේ නැත. ඇතැමුන් එය පටලාගෙන තිබේ. මිළ වැඩිකිරීම මේ අවස්ථාවේ ගතයුතු තීරණයක් බව එම පක්ෂය සිතන බව නිවේදනයෙන් පෙනේ. එහෙත් ඇමතිවරයාට ඉල්ලා අස්වන ලෙස කියන්නේ මේ තත්වය උදාවන තුරු අමාත්‍යාංශය විසින් ගත යුතු ක්‍රියාත්මත කිසිවක්ම නොගැනීම මතය.

මේ මොහොතේ ඉන්ධන මිළ වැඩිකිරීමට සිදුවීම ගැන පොදුජන පෙරමුණ විෂයභාර අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස කියන්නේ නැත. මිළ වැඩිකිරීම මේ අවස්ථාවේ ගතයුතු තීරණයක් නොවන බව එම පක්ෂය සිතන බව නිවේදනයෙන් පෙනේ. එහෙත් ඇමතිවරයාට ඉල්ලා අස්වන ලෙස කියන්නේ මේ තත්වය උදාවන තුරු අමාත්‍යාංශය විසින් ගත යුතු ක්‍රියාත්මත කිසිවක්ම නොගැනීම මතය.

Continue Reading

උණුසුම් පුවත්

‘තමුසෙ තමුසෙගෙ හෙළුව ලෝකෙටම පෙන්නල ඉවරයි’ සමන්තභද්‍ර හිමිගෙන් ඥාණානන්ද හිමිට ප‍්‍රහාරයක්..

දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමාධිපති පූජ්‍ය පිටිදූවේ සමන්තභද්‍ර හිමියන් විසින් මහමෙව්නා අසපු ජාලයේ ප්‍රධානී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට දැඩි විවේචනයක් එල්ල කරති.

‘තමුසෙ තමුසෙගෙ නිරුවත මුළු ලෝකෙම පෙන්නල ඉවරයි’ යයිද උන් වහන්සේ චෝදනා කරති.

සිය විහාරස්ථානයේ සිට අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් උන්වහන්සේ මෙම අදහස් පළ කරති. එම වීඩියෝව

https://fb.watch/601x62RNjO/

Continue Reading

උණුසුම් පුවත්

චන්දිමාල්ගේ පාටියට ගිය කලාකරුවන් පවුල් පිටින් පොලීසියෙන් සොයයි.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පංතියේ හෝටලයකදී පැවැති සාදයට සහභාගි වූයේ යැයි කියන ප්‍රසිද්ධ කළා පවුලක සාමාජිකාවක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ කරමින් සිටින්නේ යැයි කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

එම ප්‍රධාන හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂාවෙන් මෙම පුද්ගලයන් හදුනාගත් බවත් කොළඹ මධ්‍යම දූෂණ විමර්ෂණ ඒකකය පරීක්‍ෂණ පවත්වමින් සිටින බවත් එම පොලිස් නිලධාරියා පැවසීය. එම හෝටලයේ කළමනාකරුවකුගෙන් අද පෙරවරුවේ ප්‍රකාශයක් සටහන්කරගත් බවත් සිද්ධිය වාර්තා වූ පසුගිය මැයි 30 වැනිදා රාත්‍රී එම හෝටලයේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයාගෙන් හෙට ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවත් පොලිසිය කියයි. (lankadeepa)

Continue Reading

Facebook

Advertisement

Updates

Uncategorized14 hours ago

තවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..

අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් දැඩි සංචාරණ සීමා කියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි. දැනට...

ප‍්‍රධාන පුවත්2 days ago

V8 රථයක් ඥාණසාර හිමිට කොහෙන්ද.. හඬපට සාක්‍ෂි මෙන්න…

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජූලි 05 දින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ එය පක්ෂයට නැවත ලබා දිය යුතු...

ප‍්‍රධාන පුවත්2 days ago

පෙම්වතා හැර ගිය දුකට 14 හැවිරිදි දැරියක් නිවසේ උඩුමහලෙන් පනී

තම පෙම්වතා තමා සමඟ පැවැති ආදර සම්බන්ධතාව හිටි හැටියේ නතර කිරීමත් නිසා දැඩි ශෝකයෙන් සිටි 14 හැවිරිදි දැරිවියක් නිවසේ උඩුමහෙලෙන්...

උණුසුම් පුවත්2 days ago

උදය ගම්මන් පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

සිංගප්පුරුවේ ආයතන කිහිපයක් මගින් වැඩි මිලට බොරතෙල් හා පිරිපහදු කරන ලද තෙල් ලබාගැනීම උදෙසා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක්  සම්බන්දව  විශේෂ විමර්ශණ...

Uncategorized2 days ago

ගමමන්පිලට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි නියෝග කෙරේ…

ජන ජීවිතය ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව තිබෙන අවස්ථාවක ඉන්ධන මිල ඉහල දමා ඔවුන් තවත් පීඩාවට පත් කිරීම සම්න්ධයෙන් විෂයභාර අමාත්‍ය...

Uncategorized3 days ago

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අලුත උපන් සිගිති මිණිබිරිය මෙන්න..

අපේ රටේ ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආදරණීය එකම පුතු මනෝජ් රාජපක්ෂ මහතාගේ ආදරණීය බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ මහත්මිය දියණියක් බිහි...

ප‍්‍රධාන පුවත්3 days ago

තත්වය භයාණයකයි.. හුළගිනුත් බෝවෙන ප්‍රබේදයක් ලංකාවට ඇවිත් !

වාතය හරහා බෝවීම සිදු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇති කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් මෙරටට ඇතුළු වී...

ප‍්‍රධාන පුවත්3 days ago

වෛද්‍යවරයෙක් බිරියන් 05කට.. වෛද්‍යවරියක් සැමියන් 06කට කොරෝනා එන්නත් ගහලා.. කොලඹ ජාතික රෝහලේදී හසුවෙයි..

එක් වෛද්‍යවරයකුගේ බිරින්දෑවරුන් පස්දෙනෙක් තවත් වෛද්‍යවරියෙකු ස්වාමිපුරුෂයන් හය දෙදෙකුටත් කොරෝනා එන්නත් ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි....

Uncategorized4 days ago

සංචරණ සීමා ඉවත් කරන දිනය මෙන්න..

දැනට පනවා ඇති සංචරණ සීමාවන් එළඹෙන 14 වැනි දා අලුයම 04.00ට ඉවත් කිරීමට ගත් තීරණය මෙතෙක් කිසිදු වෙනසක් නැති බව...

ප‍්‍රධාන පුවත්4 days ago

මවයි දියණියයි මහළු සල්ලාලයින්ට විකුණු ජාවාරම්කරු අහුවෙයි – මව විකුණා ඇත්තේ ලක්ෂ 21කට (PHOTOS)

අන්තර්ජාලයේ දැන්වීම් පළ කර වයස අවුරුදු 15ක දැරියක් සහ ඇගේ මව මුදලට විකුණු පුද්ගලයෙකු ගල්කිස්ස මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News