උණුසුම් පුවත්
ගුවන්තොටුපල විවෘත කර සංචාරකයන් ගෙන්වන්න සියල්ල සූදානම්.. නියෝජිතයන්ට සූදානම් වන්නැයි දැනුම් දෙයි..

ගුවන්තොටුපල විවෘත කර සංචාරකයන් සදහා රට විවෘත කිරීමට සියල්ල සුදානම් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
සෞඛ්‍ය බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් පවතින සාකච්ඡා අවසන් අදියරේ පවතින බවද ඔහු පෙන්වා දෙයි.
මෙරට ගුවන් මෙහෙයුම් වල නිරත වන ගුවන්සේවා නියෝජිතයන් හා ඇමතිවරයා අතර (10) පැවති විශේෂ සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව දැනුම් දුන්නේය. මෙම සාකච්ඡාව ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලයේදි පැවැත්විණ. ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම, සිවිල් ගුවන්සේවා අධිකාරිය හා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ගුවන්තොටුපල හා රට කඩිනමින් සංචාරකයන්ට විවෘත කිරීමට අපේක්ෂා කරන බැවින් ඒ සදහා සුදානම් වන ලෙසද ඇමතිවරයා මෙහිදි ගුවන්සේවා නියෝජිතයන්ට දැනුම් දුන්නේය. ගුවන්සේවා සමාගමේ නියෝජිතයන් මෙහිදි කියා සිටියේ ශ්‍රී ලංකාවට නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමට සුදානම් බවයි. සෞඛ්‍ය ආරක්ෂිතව සංචාරකයන් මෙරටට ගෙන ඒමට සුදානම් බවද ඔවුන් කියා සිටියහ.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි ආවධාරණය කලේ සංචාරකයන්ට රට විවෘත කලද මෙරට වැසියන්ගේ ආරක්ෂාව පිළිබදව රජය දැඩි ලෙස සැලකිලිමත් වන බවයි. ඒ නිසා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරමින් සංචාරකයන්ට රට විවෘත කිරීම සිදු කල යුතු බව ඇමතිවරයා අවධාරනය කලේය. ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රම වේදය පිළිබද මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
මෙහිදි ඇමතිවරයා අවධාරනය කලේ සංචාරකයන් දිවයිනට පැමිණි පසු ඔවුන් රැදී සිටින හෝටල් සහ වාසස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කළ යුතු බවයි. එලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය නොකරන හෝටල් සහ වාසස්ථාන අසාදු ලේඛණ ගත කරන බවද ඇමතිවරයා කිවේය. සංචාරකයන් රදවා ගැනීමට අපේක්ෂා කරන හෝටල් හා වාසස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකයකයක් ලබා ගැනීම අනිවාර්යය කර තිබේ. එම සහතිකය සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ලබා ගත හැකිය එය සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේයි. ඊට අදාල අයදුම්පත් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තවමත් භාර ගන්නා බවද මෙහිදි අවදාරණය කෙරිණ.
– ප්‍රදීප් අනුර කුමාර
උණුසුම් පුවත්
දිල්ලි අගනුවර අඳුරු වේවිද? ඉන්දියාවේ තාප බලාගාර වල ගල් අඟුරු තොග ඇත්තේ තව දින 2කට!

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි තාප බලාගාරයේ ගල් අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනක් සඳහා පමණක් වන අතර එමගින් දිල්ලියට විදුලිය ලබා ගත හැක්කේ දිනක් හෝ දෙකක් පමණක් බව විදුලිබල ඇමති සත්යෙන්ද්රා ජයින් පසුගියදා පැවසුවා.. “රට පුරා ගල් අඟුරු බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයක් පවතී. දිල්ලියට විදුලිය ලබා දෙන බලාගාර වල ඉතිරිව ඇත්තේ එක් දිනකට සෑහෙන තොගයක් පමණි, ඉදිරිය සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු නැත” යනුවෙන් විදුලිබල ඇමතිවරයා පවසා ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා..
තවද ද ඉන්දියා එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පන්ජාබ් ප්‍රාන්ත බලශක්ති සංස්ථාව එහි තාප බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයකට මුහුණ පාමින් සිටින බවයි. එහි බලශක්ති උත්පාදනය අඩු කර ඇති බවයි ඔවුන් වාර්තා කර ඇත්තේ. පන්ජාබයේද බලාගාර වල ගල්අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනකට හෝ දෙකකට සෑහෙන තොග බවයි ඉන්දියා එක්ස්ප්‍රස් වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ.
ඉන්දියාව වැඩිපුරම ගල් අඟුරු ආනයනය කරන්නේ කැනඩාව, මොසැම්බික්, ඉන්දුනීසියාව සහ රුසියාව යන රටවල් වලිනි. ඉන්දියාව අගෝස්තු මාසයේ දී ගල් අඟුරු ටොන් මිලියන 9.5ක් පමණ ආනයනය කර තිබේ. ගෝලීය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් දැඩි ආර්ථික මෙන්ම සම්පත් හිඟයකටද මුහුණපා තිබේ. ලෝකයේ බලවත් රාජ්‍යක් මෙන්ම වැඩිම ජනගහනයක් සිටින දෙවන රට වන ඉන්දියාවටද මෙම සම්පත් හිඟය දැඩි ලෙස බලපෑම් කර තිබෙන බව මෙම විදුලි අර්බුදය තුළින් මනාව පෙනෙන්නට තිබේ.
උණුසුම් පුවත්
ලංකාවේ ක්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. ඔවුන් ක්‍රීඩා කලේ වාර්තා වෙනුවෙන් – අර්ජුන

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ දෙවෙනි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.
මහේල සංගක්කාර ක්‍රීඩා කරන කාලයේදී දෙවැනි පෙළක් නොහැදීම හේතුවෙන් අද තත්ත්වයට ක්‍රිකට් කඩා වැටී ඇතැයි ද ඔහු කියා සිටී.
ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කළේ නැති බවත් තමන්ගේ වාර්තාවන්ට පමණක් ක්‍රීඩා කළ බවත් රණතුංග මහතා පෙන්වා දෙයි.
වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ෆේල් වී ඇතැයිද පවසන ඔහු බාප්පා ජනාධිපති තාත්තා අග්‍රාමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතාට ක්‍රිකට් හදන්න නොහැකි නම් වෙනත් කිසිවකුට නො හැකි බවත් කියා සිටී.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ලදී.
2024 දී පොදු අපේක්ෂකයා තමන් විය හැකි බවද පවසන ඔහු තමන් ඊළඟ ඉම්රාන් ඛාන් වේවි යයි සියලු දෙනා තමන්ට බිය වී සිටින බවද එහිදී කියා සිටියේය.
උණුසුම් පුවත්
මුරුත්තෙට්ටු හිමිගේ ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් එසැණ විසඳුම්..

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණ විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගනී. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබාදීමට ද ජනාධිපතිතුමා එකඟතාව පළ කළේය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම තීරණවලට එළැඹිණ.
01. හෙද සරසවිය ආරම්භ කිරීම.
02. යහපාලන රජය සමයේ 2017.12.07 හා 32/2017 මගින් අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම.
03. අත්හිටුවා ඇති iii ශ්‍රේණියෙන් ii ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා ii ශ්‍රේණියෙන් i ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම.
04. රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම.
05. දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම.
යන කරුණු 5 වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේය.
රුපියල් දස දහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 1/100 අමතර සේවා දීමනාව ලබන අය වැයෙන් ලබාදීමටත් ජනාධිපතිතුමා විසින් එකඟතාව පළ කෙරිණ.
ඒ අනුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ යෝජනා සියල්ලට ජනාධිපතිතුමාගේ විසඳුම් ලැබිණ.
රජය සෞඛ්‍ය අංශය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන අතර හෙද සේවාවට ඉහළ පිළිගැනීමක් ලබාදෙන බවත් හෙද වෘත්තිකයන්ට නිසි තැන ලබා දෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය