Uncategorized
යාපනය විශ්වවිද්‍යාලයේ උණුසුම් තත්වයක්….

යාපනය විශ්වවිද්‍යාලයේ කලා අංශයේ සිසුන් හා ආචාර්ය මණ්ඩලයේ අතර 08 රාත්‍රියේ ඇති වූ උණුසුම්කාරි තත්වය පිළිබඳව පූර්ණ පරික්ෂණයක් පවත්වා විනයානුකූල පියවර ගන්නා බවට යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ශ්‍රී සද්ගුණරාජා පවසා සිටියේය.
යාපනය විශ්වවිද්‍යාලයේ කලා අංශයේ දෙවන හා තුන්වන වසර වල සිසුන් පිරිසක් අතර සරසවි උද්‍යානය තුල ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුමක් දක්වා දුරදිග යාමේ උණුසුම්කාරී තත්වයක් හට ගැනීමත් සමග එය විසඳීම සඳහා සරසවි ආචාර්ය වරුන් කිහිප දෙනෙකු හා ආරක්ෂක නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ ඇත.
එහිදී සරසවි ආචාර්ය වරුන් සමග සිසුන් ඇතිකරගත් බහින්බස් වීමක් දුර දිග යාමෙන් එහි සිසුන් පිරිසක් විසින් සරසවි ආචාර්ය වරුන් විසින් තමන්ට තර්ජනය කොට පහරදුන්නේ යැයි පවසා විරෝධතාවයක නිරත වූහ.
එහිදී සිසුන් විසින් යාපනය විශ්ව විද්‍යාලයේ ඇතුල්වීමේ දොරටුව ඉදිරිපිට හිඳගනිමින් සරසවි ආචාර්ය වරුන්ට එරෙහිව විරෝධතාවක නිරත වෙමින් සාධාරණයක් සිදු කරන ලෙසට ඉල්ලා සිටියහ.
අනතුරුව අදාල ස්ථානයට පොලීසිය සමග පැමිණි යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති එස්. ශ්‍රීසද්ගුණරාජා විසින් අදාල සිදු වීම සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා බවටත් සියලු වැරදි කරුව්නට එරෙහිව විනායානු කූල පියවර ගන්නා බවටත් ප්‍රකාශ කිරීමෙන් පසුව විරෝධතාවය නවතා දැමීමට සිසුන් විසින් පියවර ගනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Uncategorized
තවත් කොරෝනා මරණ 03ක්!

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.
Uncategorized
බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

වැඩ සමග යළි ගමට දකුණු පලාත් සංවර්ධන වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.
හිටපු අමාත්‍ය ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී අද මෙම උත්සවය පැවැත්වින. ඒ සඳහා පළාත් වල සියලු මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
එම වැඩසටහන් මාලාවක් රට පුරා පළාත් මට්ටමෙන් මේ සතිය තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනය වයඹ පළාතේද, අනිද්දා උතුරුමැද, ඊට පසු මධ්‍යම ඇතුළු සෙසු පළාත්වල ද මෙම කටයුත්ත සිදු කෙරේ.
2021 අයවැය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දිරිද්රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.
Uncategorized
සතොස ගැන බොරු කියූ අනුරට වහාම පිළිතුරු.. මාධ්‍ය නිවේදනයක්!

ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විසින් සතොස සභාපතිවරයාට චෝදනා නගමින් පෙරේදා (04 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණා.
එහිදී මන්ත්‍රිවරයාගේ චෝදනාව වූයේ සතොස සභාපති සීනි මෙට්‍රික් ටොන් 5000ක් ඔහුගේ ඉහළ පෙළේ අයෙකුගේ මිත්‍රයෙක් ගෙන් තීරු බදු ඉවත් කළ විගසම මිලදී ගත් බවයි.
මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් එහි සත්‍ය කරුණු අණාවරණය කරමින් ලංකා සතොස ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්..


-
උණුසුම් පුවත්2 weeks ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..
-
උණුසුම් පුවත්2 weeks ago
අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..
-
උණුසුම් පුවත්2 weeks ago
එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි