Off Road
Toyota ෆැක්ටරියක් ලංකාවට..

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආයෝජනය පිණිස ජපන් ආයෝජකයන් ඉදිරිපත්ව සිටීම පිළිබඳව බෙහෙවින් සතුටු වන බවත් අප රට කෘෂිකර්මාන්තය පදනම් කරගත් රටක් බැවින් අගය එකතු කරන ලද කෘෂිකාර්මික නිෂ්පාදන ආශ්රිත කර්මාන්ත සඳහා ජපන් ආයෝජකයන්ට ඇරයුම් කර සිටින බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
කොල්ලුපිටිය, ගාලු පාර, 73/1 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ජපාන තානාපති සුගියාමා අකිරා මහතා සමඟ පැවැති සාකච්ඡාවේ දී ඒ මහතා මෙසේ පැවසීය.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික – ආගමික වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පැවැති සබඳතාව පිළිබඳව මෙහි දී සිහිපත් කළ ජපාන තානාපතිවරයා අද ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනට සහයෝගය ලබා දීමට ජපාන ආයෝජකයන් හා ආයතන ඉතා කැමැත්තෙන් සිටින බව මෙහි දී පැවසීය. ශ්‍රී ලංකාවට පැමිණෙන ජපාන ආයෝජකයන් සඳහා දිය හැකි උපරිම සහන ලබා දීමට කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත් වන බව ද අමත්‍යවරයා ඊට පිළිතුරු වශයෙන් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වාහන ආනයනය සීමා කිරීම වසර 10ක් අඛණ්ඩව පවත්වා ගෙන ගියහොත් මෙරට තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට හැකි බවට ටොයොටා ලංකා සමාගමේ නියෝජිතයන් තමන් හමු වී පැවසූ බව මෙහි දී අමාත්‍ය විමල් වීරවංශ මහතා ජපාන තානාපතිවරයාට සිහිපත් කළේය. ජපාන තානාපති සුගියාමා අකිරා මහතා පවසා සිටියේ ජපානයේ ටොයොටා මව් සමාගම සමඟ ද සාකච්ඡා කොට ඒ පිළිබඳව ධනාත්මක තීරණයක් ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සලසන බව ය.
මෙම අවස්ථාවට ජපාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම්, දේශපාලන අංශයේ ප්‍රධානී ඔසාකි ටකෙෂි සහ තෙවන ලේකම්, (සංස්කෘතික සබඳතා සහ රාජ්‍ය සබඳතා) කවකාමි අෂූසා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති/අධ්යක්ෂ ජනරාල් අනුෂ්ක ගුණසිංහ යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
Off Road
සුරාබදු කප්පම් කරුවෙක් යාපනයයෙන්

යාපනය කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කයට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් සුරාබදු ලෙස ක්‍රියා කරන ප්‍රභාත් ජයවික්‍රම යන අය යාපනය දිස්ත්‍රිකයේ සුරාසැල් හා රෙස්ටුරන්ට් වලින් මසකට රුපියල් පනස්දහසක් බැගිනි හා යාපනය අර්ධද්වීපයේට ඇතුල් වන සෑම බෝතලයකින්ම රුපියල් 10 බැගින් කප්පම් ගනිමින් සිටින බවත්. එසේ නොගෙවන පුගලයන්ට හා සුරාසැල් හිමියන්ගේ බලපත්‍ර අහෝසි කරන බවට තර්ජනය කර ඇති බව වාර්තා වේ.
Off Road
ද්විත්ව පුරවැසි භාවය වගන්තිය ඇතුළුව 20 ට ඉදිරිපත් කළ සියළුම සංශෝධන 2/3 න් සම්මත වෙනවා. හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

විමල් වීරවංශ ප්රමුඛ ජාතිකවාදී කණ්ඩායම බැසිල් රාජපක්ෂට මිසක් 20 ට විරැද්ධ නෑ. ඔවුන්ගේ සැබෑ ප්රශ්නය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිත් අගමැති වෙන එක, ජනාධිපති අපේක්ෂකයා වෙන එක වැලැක්වීම මිසක්, 20 සංශෝධනයේ අහිතකර වගන්ති 30 කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර ගැනීම නොවේ යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
සෞභාග්‍ය යේ ආණ්ඩුව අද ආණ්ඩුපක්ෂයේත්, විපක්ෂයේත් භුමිකා දෙකම රඟපානවා. මේ ආණ්ඩුව හදපු බලවේග අද විපක්ෂයේ භුමිකාව නිරූපනය කරන්න, පෙත්සම් අත්සන් කරනවා. පුවත්පත් සාකච්ඡා තියෙනවා. කුමන්ත්‍රණ කරනවා. වොයිස් කට් දෙනවා. විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට තියෙන්නේ ජනාධිපතිවරයා අතේ බලය ගොනුවීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. බැසිල් රාජපක්ෂ පිළිබඳ ප්‍රශ්නයක් යැයි තෙන්නකෝන් පැවසූවේ සාහසික වියරුව පරදවමු ජනතා ව්‍යාපාරය නාරාහේන්පිට පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී ය.
අවසනාවකට ලංකාවේ දේශපාලන අනාගතය තීරණය වන්නේ ප්‍රතිපත්ති මත නොවෙයි මෙවැනි පුද්ගලික කාරණා මතයි. 17, 18, 19, 20 ව්‍යවස්ථා සංශෝධන හතරම ඡන්දය දෙන මන්ත්‍රීවරු 23 ක් ඉන්නවා. දේශපාලන අවස්ථාවාදය මිසක් ප්‍රතිපත්තියක් නැති කම තමයි ප්රශ්නය.
20 වන සංශෝධනය පිළිබඳ විරෝධය ජනාධිපතිවරයා අත බලය ගොනුවීම පිළිබඳ ප්‍රශ්නයක්. අපිට තියෙන්නේ ඊලඟට රටේ අගමැති, ජනාධිපති බිළිබඳ ප්‍රශ්ණයක් නෙවෙයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 4 – 5 ක මහජන නියෝජිතයෝ 20 ට පක්ෂව ඡන්දය දෙනවා. ආණ්ඩුව 20 ට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව 150 ට වැඩිය මන්ත්‍රීවරු 155 කට වැඩිය සුදානම් කරගෙන ඉන්න බව පැහැදිවම පේනවා.
මම ප්‍රාර්ථනා කරනවා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඡන්දය අවසන් වෙන කොට බදුල්ල, රත්නපුර, මඩකලපුව දිස්ත්‍රික්කවල විපක්ෂයට එකම මන්ත්‍රිවරයෙක්වත් ඉතිරිවේවා කියලා යැයැ ද කීර්ති තෙන්නකෝන් පැවසීය.
20 ට නීතිපති හරහා ගෙනාව සංශෝධන ඇස්බැන්දුමක්. හරක් මරන්නේ නෑ කියලා, හරක් රවට්ටපු ආණ්ඩුවක් මේක. ඒ වගේම පහුගිය සති දෙකේ 20 ට විරුද්ධ වුණු පිරිසක් අද, එයට පක්ෂයි කියනවා. මේක පැහැදිලි ඩීල් එකක්. ඉතාම පැහැදිලි ඩීල් යුගයකට රට නැවත පැමිණිලා තියෙනවා. මේ ඩීල් එකේ ප්‍රතිඑලය තමයි ද්විත්ව පුරවැසි භාවය ඇතුළු සියළු සංශෝධන 2/3න් සම්මත කර ගැනීම.
20 සම්මත වෙලා දින දෙකකට පස්සේ ඇමරිකාවේ පොම්පියෝ ලංකාවට එනවා. ඒ කියන්නේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනවා කියන එකයි. මේ ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුමට විරුද්ධ වුණේ බොරු ඇමරිකන් විරෝධයක් දක්වලා, මිනිස්සුන්ගේ ඡන්ද ටික ගන්න විතරයි.
20 හරහා ආණ්ඩුව තමන්ට පාලනය කළ හැකි බොරු විපක්ෂයක් නිර්මාණය කර ගන්නට උත්සහ කරනවා. එකේ විපක්ෂ නායකයා විමල් වීරවංශ යි. මේ රටේ මිනිස්සු කවරුත් මේ බොරු අවස්ථාවදී විපක්ෂය රැවටෙන්නේ නෑ යැයි ද හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් පැවසීය.
Off Road
කුලියාපිටිය රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක්.. ICU හා තවත් වාට්ටුවක් වසා දමයි..

කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොරෝනා ආසාදිත බව හෙළිවී තිබේ.
ඒ හේතුවෙන් එම දැඩි සත්කාර ඒකකය සහ රෝහලේ තවත් වාර්තාවක් වසා දමා තිබේ.
ඇයට සමීපව කටයුතු කළ වෛද්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ තිස් දෙකක් නිරෝධායන යොමු කර තිබේ.
ඇය එම ප්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගී වූ බවට තොරතුරු ඇතැයි ද රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කරයි.
එම සාදයේ දී ඇය ආසාදිතයන් කිහිපදෙනකු මුණගැසුනු බවට තොරතුරු ඇති නිසා සිදුකරන ලද පරීක්ෂාවෙන් ඇයද ආසාදිත බව හෙලි වූයේ යයි ඔහු පැවසීය.
-
උණුසුම් පුවත්2 weeks ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..
-
උණුසුම් පුවත්2 weeks ago
අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..
-
උණුසුම් පුවත්2 weeks ago
එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි