Connect with us

උණුසුම් පුවත්

ලොව හොල්ලන කොරෝනා මඩින බෙහෙත සිංහල වෙද මහතෙක් සොයාගනී.. වතුපිටිවල රෝහලේ මුල් වට දෙකේම සාර්ථකත්වය 100%යි.. රාජ්‍ය අනුග‍්‍රහය මැද අවසන් පරීක්‍ෂණය ඇරඹේ..

කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන් මැඩපැවැත්විය හැකි දේශීය ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබේ.

මෙම ඖෂධය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යානූකූලව සිදුකළ මූලික පර්යේෂණ දෙකක දී 100% ප්‍රතිශතයකින් කොවිඩ් රෝගීන් සුවය ලබා ඇති බව පර්යේෂණය සිදුකළ වෛද්‍ය කණ්ඩායම පෙන්වාදෙයි.

කොවිඩ් මර්දනය උදෙසා දේශීය වෛද්‍ය ක්‍රමය තුළ වූ ඖෂධයන් හා ප්‍රතිකාර ක්‍රම පිළිබඳ පසුගිය කාලය තුළ දැඩි ලෙස කතාබහට ලක්වූ අතර ලෝකය පුරාද විවිධ එන්නත් නිපදවමින් පර්යේෂණ ගණනාවක් මේ දිනවල විවිධ රටවල පර්යේෂණ කණ්ඩායම් සිදුකරමින් පවතී.

ඒ අතර කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෙදමහතෙකු විසින් නිර්මාණය කළ දේශීය ඖෂධයක් පරීක්ෂා කර බැලීමට බටහිර වෛද්‍යවරු කණ්ඩායමක් තීරණය කර තිබුණි.

ඒ අනුව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය අධිකාරී චූල බණ්ඩාර මහතා, කොවිඩ් ප්‍රතිකාර ඒකකය භාර වෛද්‍ය ධම්මික කුමාර මහතා සහ කොළඹ ජාතික රෝහලේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය සමිද්දි සමරකොන් මහත්මියගේ මැදිහත්වීමෙන් එම ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 140 දෙනෙකු සම්බන්ධ කරගනිමින් පළමු පර්යේෂණය ආරම්භ කර තිබේ.

පී.සී.ආර් පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී දින 06ක් ගතවූ රෝගීන්ට මෙලෙස දින 03 ක් අඛණ්ඩව දවසට දෙවරක් බැගින් මෙම ඖෂධය පානය කිරීමට අවස්ථාව ලබාදීමෙන් අනතුරුව එම ඖෂධය පානය කළ රෝගීන් අතරින් අහඹුලෙස තෝරාගත් දස දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට වෛද්‍ය කණ්ඩායම කටයුතු කරනු ලැබීය.

ඒ අනුව පළමු පර්යේෂණය යටතේ සිදුකළ අත්හදා බැලීමට අනුව පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ රෝගීන් දසදෙනාගේම ශරීරවලින් කොවිඩ් වෛරසය ඉවත් වී ඇති බව පසුගිය 16 වැනිදා තහවුරු වී තිබේ.

අනතුරුව මෙම වෛද්‍ය කණ්ඩායම ගම්පහ මහ රෝහලේ කායික රෝග විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතාව ද සම්බන්ධ කරගනිමින් මෙම ඖෂධය පිලිබඳව 02 වන පර්යේෂණය ආරම්භ කරනු ලැබීය.

එහිදී ද වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ රෝගීන් 50දෙනෙකු පර්යේෂණය සඳහා සම්බන්ධ කර ගැණුනු අතර වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව රෝගීන් 25දෙනෙකුට නව ඖෂධය ලබාදීමත් අනෙක් රෝගීන් 25 දෙනාට ඖෂධීය ගුණයන් නොපෙන්වන ආදේශකයක් ලබාදීමත් සිදුකර තිබේ.

දෙවන පර්යේෂණය සඳහා ද පී.සී.ආර් පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී දින 03 ත් 04ත් අතර වූ රෝගීන් සම්බන්ධ කරගනු ලැබීය.

ඔවුන්ට ද දින 03 ක් එලෙස අඛණ්ඩව ඖෂධය ලබාදීමෙන් අනතුරුව පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා පසුගිය 25වනදා එම රෝගීන්ගෙන් කොටසක් මහරගම අපේක්ෂා රෝහලටත් අනෙක් කොටස කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයනයටත් යොමුකර ඇති අතර මහරගම අපේක්ෂා රෝහලට යොමුකළ 31 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා මේ වනවිට වෛද්‍ය කණ්ඩායමට ලැබී තිබේ.

එම අපේක්ෂා රෝහලේ පී.සී.ආර් වාර්තාවලට අනුව නව ඖෂධය ලබාගත් රෝගීන් 16 දෙනෙකුගේ ශරීරවලින් කොවිඩ් වෛරසය ඉවත් වී ඇති අතර ආදේශකය ලබාදුන් රෝගීන් 15 දෙනෙකුගේ ශරීරයේ වෛරසය තවදුරටත් ඇති බව තහවුරු විය.

මේ අතර කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයනයට යොමුකළ රෝගීන් 19 දෙනාගේ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිතය.

ඒ අනුව පර්යේෂණ වට දෙකකදී සාර්ථකත්වයක් පෙන්වූ මෙම ඖෂධය සම්බන්ධයෙන් කෙරෙන 03 වන පර්යේෂණය රජයේ මැදිහත්වීමෙන් සිදුකිරීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වු ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,

“කොවිඩ් 19 රෝගය සඳහා හෙළ වෙදකම ඇසුරෙන් නිෂ්පාදිත ඖෂ්ධය පිළිබඳ අප යම් ආකාරයකට දැනුවත් වුණා. මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණාත්මකව සොයා බැලිය යුතුයි යන අදහසේ අපි සිටිනවා. ඒ වගේම මේ ඖෂධයේ ඵලදායිතාව පිළිබඳ නිශ්චිත වශයෙන්ම අදහසක් ලබා ගැනීම සඳහා ඉදිරි කාලයේ දී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.“

– adaderana

උණුසුම් පුවත්

රටෙන්ම වසංගතයේ බියකරු දත්ත සගවනවා.. චන්දිම ජීවන්දර, අනුරුද්ද පාදෙණිය කියයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර් මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා චෝදනා කරයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් ජනාධිපතිතුමාට හෝ නිවැරදි දත්ත ලබා නොදෙන බවත් රට ලොක්ඩවුන් කරගැනීමට නොහැකි එනිසා බවත් ඔවුන් චෝදනා කළහ. රූපවාහිනි වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Continue Reading

උණුසුම් පුවත්

ලෝකයම මවිත කරමින් චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්…

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන්නේ චීනයේ සයිනොෆාම් හා රුසියාවේ ස්පුට්නික් එන්නත් මෙරට නිෂ්පාදනය කිරීමට එම රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

මෙරට එන්නත් නිපදවීම සඳහා යෝජනා වී ඇති ස්ථානයක් නිරීක්ෂණය කිරීමට චීන සහ රුසියානු තානාපති කාර්යාලවලින් දැනටමත් එකඟතාවය පළකර ඇතැයිද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

Continue Reading

උණුසුම් පුවත්

රටපුරා දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට ලොක්ඩවුන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි…

කිසියම් ප්‍රදේශයක් හෝ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි හුදෙකලා කිරීමක් සිදුකළ හොත් ඒවායේ අත්‍යවශ්‍ය සේවා සැපයුම් හා අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ආර්ථික පුනර්ජීවන හා දරිද්රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සියළුම දිස්ත්‍රික්ක ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති එම උපදෙස් පත්‍රිකාව මෙසේය.

Continue Reading

Facebook

Advertisement

Updates

Uncategorized1 day ago

17 වෙනිදා සිට ප‍්‍රදේශ රැසක් හදිසියේම ලොක්ඩවුන්..

දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම සේවා වසම් 38ක් හුදකලා කිරීමට තීරණය කර ඇත.මෙම හුදකලා කිරීම් 17 වන සඳුදා පෙරවරු 4.00 සිට...

ප‍්‍රධාන පුවත්3 days ago

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලැයිස්තුව මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත. දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි...

ප‍්‍රධාන පුවත්3 days ago

නැගෙනහිර පලාතේ ලොක්කටත් කොවිඩ් හැදෙයි..

මේ වන විට ඇය සිය පෞද්ගලික වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇයගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර...

ප‍්‍රධාන පුවත්3 days ago

හැදුනුම්පතේ අවසාන අංකය මත පමණක් නිවසින් බැහැර වන්න.. අළුත්ම නීතිය මෙන්න

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ හෙට දිනයේ සිට නිවසකින් පිටවීමට අවසර ඇත්තේ...

ප‍්‍රධාන පුවත්3 days ago

ඇගළුම් සේවිකාවන් හදිසියේ ලෙඩවෙති.. 9%කට කොරෝනා..

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයන් 100 දෙනෙකුගෙන් (09) දින සිදු...

ප‍්‍රධාන පුවත්3 days ago

හෙට සිට රටටම ගමන් තහනම්…

හෙට (13) දින රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා රට පුරාම සංචාරණ සීමා පනවා ඇත. නමුත් එම...

උණුසුම් පුවත්3 days ago

රටෙන්ම වසංගතයේ බියකරු දත්ත සගවනවා.. චන්දිම ජීවන්දර, අනුරුද්ද පාදෙණිය කියයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම...

ප‍්‍රධාන පුවත්3 days ago

සියළු වෙළදසැල් රාත්‍රී 07ට වැහෙයි..

සබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා...

උණුසුම් පුවත්3 days ago

ලෝකයම මවිත කරමින් චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්…

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත...

ප‍්‍රධාන පුවත්3 days ago

ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරි වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News