Connect with us

උණුසුම් පුවත්

බන්දුලගේ යෝජනාවට අගමැති විරුද්ද වේ..

“කංසා” හා අනෙකුත් මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍වර්ධනය හා වෙළඳාම වැළැක්වීම පිළිබඳ පවත්නා යාන්ත්‍ර‍ණය ශක්තිමත් හා වේගවත් කිරීමට රජය කටයුතු කරන බවත්, එහි ඇති අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

පාර්ලිමේන්තුවේදී ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රශ්න ඇසීමේ අවස්ථාව යටතේ 07 දින පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අසනු ලැබූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේය.

“කංසා” භාවිතයේ කායජීවි මනෝ සමාජීය හා අනෙකුත් අහිතකර ප්‍ර‍තිවිපාකයන් පිළිබඳව පණිවිඩය ජනතාව වෙත තවදුරටත් ගෙන යාම සඳහා මත්ද්‍ර‍ව්‍ය ජාතික නිවාරණ වැඩසටහන ශක්තිමත් කර ඇති බව ද අගමැතිතුමා පැවසීය.

එමෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල හා විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ සිදු කරනු ලබන “කංසා” ප්‍ර‍වර්ධන කටයුතු මැඩලීම සඳහා ක්‍රියාමාර්ග හා විමර්ශන කටයුතු සිදු කරන අතර, නීතිපති උපදෙස් අනුව ඔවුනට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අසනු ලැබූ ප්‍රශ්න සඳහා වැඩිදුරටත් පිළිතුරු දුන් අග්‍රාමාත්‍යතුමා,

ගරු කථානායකතුමනි,

මත්පැන්/දුම්වැටි හා මත්ද්‍රව්‍ය අද වන විට මුළු මහත් ලෝකය පුරා ව්‍යාප්තව පවතින වසංගතයකි. කෙසේ වෙතත් මේ වන විට සෞඛ්‍යමය හේතූන් හා ආර්ථිකමය බලපෑම වටහා ගැනීමත් සමඟ වර්තමාන සමාජය දුම්වැටි භාවිතයෙන් ඈත් වෙමින් සිටීම සතුටට කාරණයකි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ඇතුළු පාර්ශ්වකරුවන්ගේ දිර්ඝ කාලීන ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙස අද වන විට දුම්වැටි භාවිතය අඩු වීම සමාජය තුළ දක්නට ලැබෙනවා.

නමුත්, දුම්වැටි අලෙවිය පහත වැටීම සම්බන්ධයෙන් සාක්ෂි පැවතුණ ද, ඒ සඳහා දේශීය වශයෙන් දුම්වැටි සඳහා විකල්ප නිෂ්පාදන සොයන බවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, “කංසා” ද ඒ සඳහා හොඳම විකල්පයක් ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කරුණු වාර්තා වී නොමැත.

ගරු කථානායකතුමනි

නමුත්, වර්තමානයේ දී අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරමින් “කංසා” සම්බන්ධ ධනාත්මක ආකල්ප සහ මිත්‍යා මත ඇති කරමින් සාමාන්‍ය ජනතාව වෙතට මේ වන විටත් විද්වත් වෘත්තිකයින් සහ විවිධ පුද්ගලයින් කටයුතු කරගෙන යන බව පෙනී යනවා.

මත්ද්‍ර‍ව්‍ය දුර්භාවිතය නිවාරණය කිරීමේ හා පාලනය කිරීමේ ජාතික ප්‍ර‍තිපත්තියට අනුකූලව හා රජයේ මත්ද්‍ර‍ව්‍ය පාලන ජාතික ක්‍රියාකාරී සැලසුම ක්‍රියාවට නැංවීම යටතේ “කංසා” නීතිගත කිරීමට කිසිඳු ආයතනයකට ඉඩ ප්‍ර‍ස්ථාවක් ලබා දී නොමැත.

විවිධ පුද්ගලයන් හා ආයතන වෛද්‍යමය කාර්යයන් සඳහා “කංසා” වගා කිරීමටත්, ආනයනය කිරීමටත් ඉල්ලා තිබෙනවා. එයට අමතරව, ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ද ඔවුනට අවශ්‍ය දේශීය ආයුර්වේද බෙහෙත් නිපදවීම සඳහා නිසි ප්‍ර‍මිතීන්ගෙන් යුත් “කංසා” ලබා ගැනීම සඳහා ඒවා වගා කිරීමට අවසර ඉල්ලා තිබෙනවා. එම නිසා, 1984 අංක 11 දරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල පනතේ 8 වන වගන්තිය ප්‍ර‍කාරව “කංසා” ශ්‍රී ලංකාව තුළ වගා කිරීම හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමට ඇති හැකියාව සහ එහි අහිතකර බලපෑම පිළිබඳව සොයා බැලීමට විද්වත් කමිටුවක් ස්ථාපිත කර ඇත.

“කංසා” භාවිතයේ කායජීවි මනෝ සමාජීය හා අනෙකුත් අහිතකර ප්‍ර‍තිවිපාකයන් පිළිබඳව පණිවිඩය ජනතාව වෙත තවදුරටත් ගෙන යාම සඳහා මත්ද්‍ර‍ව්‍ය ජාතික නිවාරණ වැඩසටහන ශක්තිමත් කර ඇති අතර, සමාජ මාධ්‍ය ජාලාවල හා විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ සිදු කරනු ලබන “කංසා” ප්‍ර‍වර්ධන කටයුතු මැඩලීම සඳහා ක්‍රියාමාර්ග, විමර්ශන කටයුතු සිදු කරන අතර, නීතිපති උපදෙස් අනුව ඔවුනට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද අපේක්ෂා කරනවා.

“කංසා” හා අනෙකුත් මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍වර්ධනය හා වෙළඳාම වැළැක්වීම පිළිබඳ පවත්නා යාන්ත්‍ර‍ණය ශක්තිමත් හා වේගවත් කිරීමට අප රජය විසින් කටයුතු කරගෙන යන අතර, එහි ඇති අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව ද සමාජය දැනුවත් කිරීමට කටයුතු කරගෙන යනවා.

මත්ද්‍ර‍ව්‍ය නිවාරණය සම්බන්ධ අධ්‍යාපනික වැඩසටහන් පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය අධ්‍යාපන ආයතන, වැඩබිම් ඇතුළු ඉලක්කගත සමාජයීය කණ්ඩායම් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් දීපව්‍යාප්තව සිදු කරමින් සිටින අතර, පාසල් ගුරුවරු හා ගුරු උපදේශකයන් සඳහා වන දැනුවත් කිරීම් මේ වන විට ආරම්භ කර තිබෙනව’ යැයි අග්‍රාමාත්‍යතුමා පිළිතුරු ලබා දුන්නේය.

– රොහාන් වැලිවිට

Click to comment

උණුසුම් පුවත්

දිල්ලි අගනුවර අඳුරු වේවිද? ඉන්දියාවේ තාප බලාගාර වල ගල් අඟුරු තොග ඇත්තේ තව දින 2කට!

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි තාප බලාගාරයේ ගල් අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනක් සඳහා පමණක් වන අතර එමගින් දිල්ලියට විදුලිය ලබා ගත හැක්කේ දිනක් හෝ දෙකක් පමණක් බව විදුලිබල ඇමති සත්යෙන්ද්රා ජයින් පසුගියදා පැවසුවා.. “රට පුරා ගල් අඟුරු බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයක් පවතී. දිල්ලියට විදුලිය ලබා දෙන බලාගාර වල ඉතිරිව ඇත්තේ එක් දිනකට සෑහෙන තොගයක් පමණි, ඉදිරිය සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු නැත” යනුවෙන් විදුලිබල ඇමතිවරයා පවසා ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා..

තවද ද ඉන්දියා එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පන්ජාබ් ප්‍රාන්ත බලශක්ති සංස්ථාව එහි තාප බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයකට මුහුණ පාමින් සිටින බවයි. එහි බලශක්ති උත්පාදනය අඩු කර ඇති බවයි ඔවුන් වාර්තා කර ඇත්තේ. පන්ජාබයේද බලාගාර වල ගල්අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනකට හෝ දෙකකට සෑහෙන තොග බවයි ඉන්දියා එක්ස්ප්‍රස් වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ.

ඉන්දියාව වැඩිපුරම ගල් අඟුරු ආනයනය කරන්නේ කැනඩාව, මොසැම්බික්, ඉන්දුනීසියාව සහ රුසියාව යන රටවල් වලිනි. ඉන්දියාව අගෝස්තු මාසයේ දී ගල් අඟුරු ටොන් මිලියන 9.5ක් පමණ ආනයනය කර තිබේ. ගෝලීය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් දැඩි ආර්ථික මෙන්ම සම්පත් හිඟයකටද මුහුණපා තිබේ. ලෝකයේ බලවත් රාජ්‍යක් මෙන්ම වැඩිම ජනගහනයක් සිටින දෙවන රට වන ඉන්දියාවටද මෙම සම්පත් හිඟය දැඩි ලෙස බලපෑම් කර තිබෙන බව මෙම විදුලි අර්බුදය තුළින් මනාව පෙනෙන්නට තිබේ.

Continue Reading

උණුසුම් පුවත්

ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. ඔවුන් ක‍්‍රීඩා කලේ වාර්තා වෙනුවෙන් – අර්ජුන

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ දෙවෙනි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

මහේල සංගක්කාර ක‍්‍රීඩා කරන කාලයේදී දෙවැනි පෙළක් නොහැදීම හේතුවෙන් අද තත්ත්වයට ක්‍රිකට් කඩා වැටී ඇතැයි ද ඔහු කියා සිටී.

ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කළේ නැති බවත් තමන්ගේ වාර්තාවන්ට පමණක් ක‍්‍රීඩා කළ බවත් රණතුංග මහතා පෙන්වා දෙයි.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ෆේල් වී ඇතැයිද පවසන ඔහු බාප්පා ජනාධිපති තාත්තා අග්‍රාමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතාට ක්‍රිකට් හදන්න නොහැකි නම් වෙනත් කිසිවකුට නො හැකි බවත් කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ලදී.

2024 දී පොදු අපේක්ෂකයා තමන් විය හැකි බවද පවසන ඔහු තමන් ඊළඟ ඉම්රාන් ඛාන් වේවි යයි සියලු දෙනා තමන්ට බිය වී සිටින බවද එහිදී කියා සිටියේය.

Continue Reading

උණුසුම් පුවත්

මුරුත්තෙට්ටු හිමිගේ ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් එසැණ විසඳුම්..

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණ විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගනී. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබාදීමට ද ජනාධිපතිතුමා එකඟතාව පළ කළේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම තීරණවලට එළැඹිණ.

01. හෙද සරසවිය ආරම්භ කිරීම.
02. යහපාලන රජය සමයේ 2017.12.07 හා 32/2017 මගින් අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම.
03. අත්හිටුවා ඇති iii ශ්‍රේණියෙන් ii ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා ii ශ්‍රේණියෙන් i ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම.
04. රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම.
05. දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම.

යන කරුණු 5 වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේය.

රුපියල් දස දහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 1/100 අමතර සේවා දීමනාව ලබන අය වැයෙන් ලබාදීමටත් ජනාධිපතිතුමා විසින් එකඟතාව පළ කෙරිණ.

ඒ අනුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ යෝජනා සියල්ලට ජනාධිපතිතුමාගේ විසඳුම් ලැබිණ.

රජය සෞඛ්‍ය අංශය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන අතර හෙද සේවාවට ඉහළ පිළිගැනීමක් ලබාදෙන බවත් හෙද වෘත්තිකයන්ට නිසි තැන ලබා දෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්2 months ago

දිල්ලි අගනුවර අඳුරු වේවිද? ඉන්දියාවේ තාප බලාගාර වල ගල් අඟුරු තොග ඇත්තේ තව දින 2කට!

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි තාප බලාගාරයේ ගල් අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනක් සඳහා පමණක් වන අතර එමගින් දිල්ලියට විදුලිය...

Uncategorized2 months ago

ඉන්ධන අවසන්! ලෙබනනයේ විදුලි සැපයුම බිඳ වැටේ..

ඉන්ධන හිඟයක් හේතුවෙන් ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙකක් පසුගිය සෙනසුරාදා දිනයේ වසා දමන ලද අතර ඒ හේතුවෙන් මේ වන විට...

Uncategorized5 months ago

ජ‘පුර සරසවියෙන් Voice Sri Lanka වේදිකාවට ආ මිදොරි..

මේ දවස්වල The Voice Sri Lanka වැඩසටහනේ කාගෙත් කතාබහට ලක්වෙන ඇය මිදොරි තාරුකා කරුණාරත්න. තමන්ටම අනන්‍ය වූ කට හඬකින් ගීත...

Uncategorized5 months ago

බැසිල් රාජපක්‍ෂ සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් ඊට සූදානම්..- විමල්

ඕනෑම පුද්ගලයෙක් සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් එම ගමන යාමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන්...

Uncategorized5 months ago

සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නෑ..- ජනපති

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්...

Uncategorized5 months ago

ප්‍රබල තානාතිපතිවරු රැසක් අද බැසිල් හමුවෙයි!

පසුගිය මහින්ද ආණ්ඩුවේ ද ජාත්‍යන්තරය කළමනාකරණය කළ බැසිල් රාජපක්ෂ මුදල් ඇමති බවට පත්වීමෙන් පසු ලෝකයේ ප්‍රභල රටවල තානාපතිවරුන් ඔහු හමුවීම...

Uncategorized5 months ago

දකුණු ආසියාවේ කොරෝනා පාලනය සාර්ථකම රට ශ්‍රී ලංකාවයි..

ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී කාලසීමාවකට අප එළැඹ ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. සංචාරක ක්ශ්‍රේෂ්ත්‍රයේ...

Uncategorized5 months ago

අධි තාක්ෂණික කේබල් මත පිහිටි නව කැලණි පාලම යා කෙරේ..

ශ්‍රී ලංකාවේ පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැලණි පාලමේ, කැලණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට්...

Uncategorized5 months ago

කොරෝනා මඩින්න සයිනොෆාම් මහ තොගයක්.. ලක්‍ෂ 20ක් කටුනායකට..

කොරෝනා මර්දනය සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක තොගයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට ගෙනැවිත් තිබේ....

Uncategorized5 months ago

සැප්තැම්බරයට පෙර ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට එන්නත් දෙන සැලැස්ම ජනපති හෙලි කරයි..

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි. කොවිඩ්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News

en_USEnglish