Connect with us

Off Road

කවුරු කොඩිය ඔසවා ගත්ත ද සෙන්පතියා සෙන්පතියාමය. සෙන්පතියා මරා දැමිය නොහැක්කේය. සෙන්පතියා අමරණීයය. – ප්‍රමිතගෙන් විමල්ට සැර පිළිතුරක් !

…ඉල්ලීම් නොඉල්ලිම්, වැරදීම් හා වරද්දවා ගැනීම්….

බුලත් කොළ හෙප්පුවත් පෙරළගෙනම බිම වැටී අලි අඩි වලට පෑගෙන තැනක චොදනාව ඔහුට පමණක් ම විය. නමුත් කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග තිබුණි. නමුත් ඔහු චොදනාව තනිවම බාරගත්තේය.

කොයිතරම් මුවහත් ආයුධ තිබුනත් ඔසවන්නේ කාට විරුද්ධව ද කොයි මොහොතේද යන්න කිසිවෙකුත් දැන සිටියේ නැත. සරලව සියල්ලොම අරගලය තුළ අනාථයන්ය. නමුත් ඔහු තනිවම අරගල සැලසුම් කළේය. ඔහු මුලින්ම කොඩිය නිර්මාණය කළේය. ඒ කුරහන් පාට පසුබිම් කර ගත් පිරුණු නෙලුම් පොහොට්ටුවයි. අනතුරුව ඔහු කඳවුර නිර්මාණය කළේය. 2018 පෙබරවාරියේදි අපි සෙන්පතියෙකු යටතේ රජෙක් නැතුවම පිටත පවුරට පහර දුන්නෙමු. 2019 නොවැම්බරයේදි අපි රජෙකු බිහිකර ගත්තෙමු. 2020 අගොස්තුවේදි අපි ඇතුල් නුවරට පහර දුන්නෙමු. සටන අවසන් විය. සභාවේ අසුන් පිරුණි. ඒත් එහි ඔහු නොවීය.

රෑනකට වැරදුණ තැන තනියෙකු නිවැරදි කළේය. කවුරු නොදන්නමුත් එය සෙබළු දන්නේය. ප්‍රධානීන්ගේ හෘද සාක්ෂිය දන්නේය. අද තනියා තනි කරන්නට යන්නේ නම් අපේ පරාජයද ආරම්භ වී හමාරය. ලියා තබා ගන්න. නමුත් අපට හෘද සාක්ෂියක් ඇත. බලයට හෝ පිදේනි වලට එය මරා දැමිය නොහැකිය.

ඔහු දුක් ගත්තේද වෙහෙසුනේද අපි වෙනු වෙනි. පොදුජන කඳවුර වෙනු වෙනි. අපි කිසිදිනක ඔහු තනිකලේ නැත. ඉදිරියටත් තනිකරන්නේද නැත. සියල්ල අහිමි කරගෙන අරගල කල ඔහු කිසිවක් රැස් කලේද නැත. නොතේරෙන අයෙකු ඇත්නම් මම කියමි. එවැන්නෙකු වැට්ටවීමට ද නොහැකිය. මන්ද ඔහුට අහිමි කිරීමට කිසිවක් නොමැති හෙයිනි.

කවුරු කොඩිය ඔසවා ගත්ත ද සෙන්පතියා සෙන්පතියාමය. සෙන්පතියා මරා දැමිය නොහැක්කේය. සෙන්පතියා අමරණීයය. සෙන්පතියා බැසිල් ය. කතාව එපමණකි.

මම,
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්.

Click to comment

Off Road

සුරාබදු කප්පම් කරුවෙක් යාපනයයෙන්

යාපනය කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කයට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් සුරාබදු ලෙස ක්‍රියා කරන ප්‍රභාත් ජයවික්‍රම යන අය යාපනය දිස්ත්‍රිකයේ සුරාසැල් හා රෙස්ටුරන්ට් වලින් මසකට රුපියල් පනස්දහසක් බැගිනි හා යාපනය අර්ධද්වීපයේට ඇතුල් වන සෑම බෝතලයකින්ම රුපියල් 10 බැගින් කප්පම් ගනිමින් සිටින බවත්. එසේ නොගෙවන පුගලයන්ට හා සුරාසැල් හිමියන්ගේ බලපත්‍ර අහෝසි කරන බවට තර්ජනය කර ඇති බව වාර්තා වේ.

Continue Reading

Off Road

ද්විත්ව පුරවැසි භාවය වගන්තිය ඇතුළුව 20 ට ඉදිරිපත් කළ සියළුම සංශෝධන 2/3 න් සම්මත වෙනවා. හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

විමල් වීරවංශ ප්‍රමුඛ ජාතිකවාදී කණ්ඩායම බැසිල් රාජපක්ෂට මිසක් 20 ට විරැද්ධ නෑ. ඔවුන්ගේ සැබෑ ප්‍රශ්නය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිත් අගමැති වෙන එක, ජනාධිපති අපේක්ෂකයා වෙන එක වැලැක්වීම මිසක්, 20 සංශෝධනයේ අහිතකර වගන්ති 30 කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර ගැනීම නොවේ යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

සෞභාග්‍ය යේ ආණ්ඩුව අද ආණ්ඩුපක්ෂයේත්, විපක්ෂයේත් භුමිකා දෙකම රඟපානවා. මේ ආණ්ඩුව හදපු බලවේග අද විපක්ෂයේ භුමිකාව නිරූපනය කරන්න, පෙත්සම් අත්සන් කරනවා. පුවත්පත් සාකච්ඡා තියෙනවා. කුමන්ත්‍රණ කරනවා. වොයිස් කට් දෙනවා. විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට තියෙන්නේ ජනාධිපතිවරයා අතේ බලය ගොනුවීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. බැසිල් රාජපක්ෂ පිළිබඳ ප්‍රශ්නයක් යැයි තෙන්නකෝන් පැවසූවේ සාහසික වියරුව පරදවමු ජනතා ව්‍යාපාරය නාරාහේන්පිට පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී ය.

අවසනාවකට ලංකාවේ දේශපාලන අනාගතය තීරණය වන්නේ ප්‍රතිපත්ති මත නොවෙයි මෙවැනි පුද්ගලික කාරණා මතයි. 17, 18, 19, 20 ව්‍යවස්ථා සංශෝධන හතරම ඡන්දය දෙන මන්ත්‍රීවරු 23 ක් ඉන්නවා. දේශපාලන අවස්ථාවාදය මිසක් ප්‍රතිපත්තියක් නැති කම තමයි ප්‍රශ්නය.

20 වන සංශෝධනය පිළිබඳ විරෝධය ජනාධිපතිවරයා අත බලය ගොනුවීම පිළිබඳ ප්‍රශ්නයක්. අපිට තියෙන්නේ ඊලඟට රටේ අගමැති, ජනාධිපති බිළිබඳ ප්‍රශ්ණයක් නෙවෙයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 4 – 5 ක මහජන නියෝජිතයෝ 20 ට පක්ෂව ඡන්දය දෙනවා. ආණ්ඩුව 20 ට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව 150 ට වැඩිය මන්ත්‍රීවරු 155 කට වැඩිය සුදානම් කරගෙන ඉන්න බව පැහැදිවම පේනවා.

මම ප්‍රාර්ථනා කරනවා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඡන්දය අවසන් වෙන කොට බදුල්ල, රත්නපුර, මඩකලපුව දිස්ත්‍රික්කවල විපක්ෂයට එකම මන්ත්‍රිවරයෙක්වත් ඉතිරිවේවා කියලා යැයැ ද කීර්ති තෙන්නකෝන් පැවසීය.

20 ට නීතිපති හරහා ගෙනාව සංශෝධන ඇස්බැන්දුමක්. හරක් මරන්නේ නෑ කියලා, හරක් රවට්ටපු ආණ්ඩුවක් මේක. ඒ වගේම පහුගිය සති දෙකේ 20 ට විරුද්ධ වුණු පිරිසක් අද, එයට පක්ෂයි කියනවා. මේක පැහැදිලි ඩීල් එකක්. ඉතාම පැහැදිලි ඩීල් යුගයකට රට නැවත පැමිණිලා තියෙනවා. මේ ඩීල් එකේ ප්‍රතිඑලය තමයි ද්විත්ව පුරවැසි භාවය ඇතුළු සියළු සංශෝධන 2/3න් සම්මත කර ගැනීම.

20 සම්මත වෙලා දින දෙකකට පස්සේ ඇමරිකාවේ පොම්පියෝ ලංකාවට එනවා. ඒ කියන්නේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනවා කියන එකයි. මේ ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුමට විරුද්ධ වුණේ බොරු ඇමරිකන් විරෝධයක් දක්වලා, මිනිස්සුන්ගේ ඡන්ද ටික ගන්න විතරයි.

20 හරහා ආණ්ඩුව තමන්ට පාලනය කළ හැකි බොරු විපක්ෂයක් නිර්මාණය කර ගන්නට උත්සහ කරනවා. එකේ විපක්ෂ නායකයා විමල් වීරවංශ යි. මේ රටේ මිනිස්සු කවරුත් මේ බොරු අවස්ථාවදී විපක්ෂය රැවටෙන්නේ නෑ යැයි ද හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් පැවසීය.

Continue Reading

Off Road

කුලියාපිටිය රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක්.. ICU හා තවත් වාට්ටුවක් වසා දමයි..

කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොරෝනා ආසාදිත බව හෙළිවී තිබේ.

ඒ හේතුවෙන් එම දැඩි සත්කාර ඒකකය සහ රෝහලේ තවත් වාර්තාවක් වසා දමා තිබේ.

ඇයට සමීපව කටයුතු කළ වෛද්‍වරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ තිස් දෙකක් නිරෝධායන යොමු කර තිබේ.

ඇය එම ප‍්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගී වූ බවට තොරතුරු ඇතැයි ද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

එම සාදයේ දී ඇය ආසාදිතයන් කිහිපදෙනකු මුණගැසුනු බවට තොරතුරු ඇති නිසා සිදුකරන ලද පරීක්ෂාවෙන් ඇයද ආසාදිත බව හෙලි වූයේ යයි ඔහු පැවසීය.

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්2 days ago

අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..

මීට පෙර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකළ ඖෂධ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කර එලිදැක්වීමේ වැඩසටහන යටතේ නිමොඩපීන් (Nimodipine) ඖෂධය...

උණුසුම් පුවත්4 days ago

බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි

බ්‍රිතාන්‍ය තුළ පැතිර යමින් තිබෙන නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් පනවා තිබූ තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට...

උණුසුම් පුවත්4 days ago

ඉන්දියාවට ත‍්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..

කොළඹ වරායේ සිට කොලොන්නාව නිමාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වෙත දිවෙන ඉන්ධන නල පද්ධතිය පිහිටි භූමියේ අනවසරයෙන් වසර...

උණුසුම් පුවත්4 days ago

එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 13 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 422 දක්වා...

උණුසුම් පුවත්5 days ago

ඉන්දියාවට බදුදී තිබු ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි නුදුරේදීම ශ්‍රී ලංකාව සතුවනවා

ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්ධන ටැංකි නුදුරු දිනකදීම ශ්‍රී ලංකාව සතුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා. කොලොන්නාවේ අද පැවති...

උණුසුම් පුවත්5 days ago

මේක ඉන්දියාවේ ප්‍රාන්තයක් නෙමෙයි!

ඉන්දියාවට ශ්‍රී  ලංකාවේ දේශපාලන පක්ෂ පිහිටුවීමේ කිසිදු බලයක් නොමැති බවත් ශ්‍රී  ලංකාව යනු ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් නොවන බවත් මහාචාර්ය මැදගොඩ...

උණුසුම් පුවත්5 days ago

වසර 4කින් කිරිපිටි ආනයනය නවත්වනවා – නවසීලන්ත අගමැති ආවත් ආයේ හැරෙන්නේ නෑ!

දිනකට ඇමරිකානු ඩොලර් මිලියනයක කිරි පිටි ආනයනය කෙරෙන බවත් ඉදිරි වසර හතර ඇතුළත මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමෙන් අනතුරුව කිරි පිටි...

උණුසුම් පුවත්7 days ago

නව ප්‍රභේදය නිසා රට ලොක් ඩවුන් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ – කොවිඩ් රාජ්‍ය ඇමති

කොවිඩ් නව ප්‍රභේදය සහිත ආසාදිතයින් හඳුනාගෙන තිබුණද රට ලෝක් ඩවුන් කිරීමේ කිසිම අවශ්‍යතාවක් මතු වී නැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා,...

උණුසුම් පුවත්7 days ago

විමල් වීරවංශලා සමග ප‍්‍රබල දේශපේ‍්‍රමී විපක්‍ෂයක් හදන්න සූදානම්..

මෙරට විශාල ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වීමේ සූදානමක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පවසයි. විමල් වීරවංශ ඇමතිවරයා...

උණුසුම් පුවත්1 week ago

ප්‍රජා අයිතිය රැකගන්න හිටපු ජනපති මෛත්‍රී අනුරාධපුරේ ඥානක්කා හමුවීමට යයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජා අයිතිය වසර 07කට අහෝසි කිරීමට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News