Connect with us

Off Road

දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙන ගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් රටට අවශ්‍යයි..

දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙන ගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට අවශ්‍ය බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ ගම පරිශ්‍රයේ පැවති ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා මේ රටේ අනාගතයට බලපාන බව පැවසූ අග්‍රාමාත්‍යතුමා “අපි අධ්‍යාපනයට ජාතික ආදායමෙන් කොයිතරම් කොටසක් වෙන් කරත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ නිදහසේ නෙමෙයි නම්” යැයි ද ප්‍රකාශ කළේය.

සියලු දේවල් යළි ගොඩනගන යුගයක්, නැවත එළඹී ඇති බවත්, ගේ පිටිපස්සේ වැවෙන කහ පැළයේ සිට ඔබ පාසල් යනවිට අදින නිල ඇඳුම් රෙද්ද දක්වා අපේ අතින්ම නිෂ්පාදනය කරන රටක් හදන්න පුළුවන් යුගයක් එළඹ ඇති බවත්, අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

2020 – ලෝක ළමා දිනයට සමඟාමීව සමරු මුද්දරයක් හා මුල් දින කවරය එළි දැක්වීම ද මෙහිදී සිදු විය.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා විසින් ලෝක ළමා දිනයට සමඟාමීව එළිදැක් වූ සමරු කලාපය ගරු අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්වූයේය.

මහජන බැංකුව පරිසර හිතකාමීව මැටියෙන් නිර්මාණය කළ ඉතිරි කිරීම් කැට බෙදා දීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමා අතින් දරුවන් තිදෙනෙකුට ලබාදීම ද මෙහිදී සිදු විය.

අග්‍රාමාත්‍යතුමා මෙසේ ද පැවසීය,

ලෝක ළමා දිනයට සමගාමීව දරුවන් වෙනුවෙන් මේ වගේ උත්සවයක් පැවැත්වීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. විශේෂයෙන් දරුවන් වෙනුවෙන් බිත්තිවලින් වටවුණු ශාලාවක දේශනයක් පවත්වනවාට වඩා අපේකම මතක් වෙන විදිහට අපේ ගමේ මේ උත්සවය පවත්වන එක ගැන මම ඉතාමත් සතුටුයි.

ඒ වගේම මේ දිනය අපේ දරුවන්ගේ සෞන්දර්ය හැකියාවන් එළිදක්වමින් පවත්වන්න ඇමතිතුමන් උත්සහ ගැනීම ඉතාම කාලෝචිතයි කියලා මම හිතනවා.

මේ දරුවන් අතරින් සියලුම ජාතීන්ට, සියලුම ආගම්වලට අයත් දරුවන් ඉන්න බව මට පේනවා. ඒක තමයි මම මේ රටේ වැඩියෙන්ම දකින්න කැමති දර්ශනය. ඒ වගේම සියලු ජාතීන් ආගම්වලට අයිති දරුවන් ඒකරාශී කර ගැනීම ගැනත් මම ස්තූතිවන්ත වෙනවා.

ආදරණීය දුවේ, පුතේ,

2005 දී මීට අවුරුදු 15 කට කලින් මම ජනතාව අමතලා කිව්වා අපි එදා මුහුණ දෙන ප්‍රශ්න අනාගත පරපුරට භාර දෙන්නේ නැති රටක් හදනවා කියලා. 2005 දී ඉපදිලත් නැති දරුවෝ අද මේ සභාවේ ඉන්න පුළුවන්. ඒ දරුවන්ට එදා තිබූ ඉතිහාසය ගැන මේ මොහොතේ මම මතක් කරන්න ඕනි.

ආදරණීය දුවේ, පුතේ,

එදා මේ රටේ යුද්ධයක් තිබුණා. අද වගේ නිදහසේ ගමන් බිමන් යන්න බෑ. කොයි මොහොතේ බෝම්බයක් පුපුරලා මැරිලා වැටෙයිද කියන්න බැරි රටක් තිබුණා. කිලෝමීටර් හතරෙන් පහට හැම තැනම චෙක් පොයින්ට් තිබුණා. බස් එකෙන් බැහැලා කිහිප පොලක පරීක්ෂාවට ලක් වෙලා තමයි ගමනක් යන්න උනේ. හැම ගමකම යුද්ධයේ මළ ගෙයක් තිබුණා. උතුරු නැගෙනහිර පළාත්වල ලක්ෂ ගණන් බිම් බෝම්බ වළලලා තිබුණා. ඒ වෙලාවේ බොහොමයක් දෙනෙකුට කකුල් අතපය අහිමි වුණා. ගාලු පාරේ නිතරම තුවාල ලබපු අය රොහල්වලට ගේන ඇම්බියුලන්ස් එහා මෙහා ගියා.

ඒ විතරක් නෙමෙයි එදා දහස් ගණන් දරුවෝ උපන්නේ අනාථ නිවාසවල. ඉස්කෝලේ ගියේ යුද්ධයෙන් අනාථ වුණ අය ඉන්න කූඩාරම්වල ඉදලා. ඒ වගේ රටක 2005 දී අපි ජාතිය අමතලා මුලින්ම කිව්වා අපි මුහුණ දෙන ප්‍රශ්න අනාගතයට භාර දෙන්නේ නෑ කියලා.

අද ඒ අනාගතය උදා වෙලා තියෙනවා. එදා පරපුර මුහුණ දුන් ප්‍රශ්න අද මා ඉදිරියේ ඉන්න දරුවන්ට මුහුණ දෙන්න වෙලා නෑ. එදා විදුලිය තිබුණේ රටෙන් කොටසකට. කාපට් කරපු පාරවල් මේ රටේ තිබ්බේ අතලොස්සයි. පරිගණක සාක්ෂරතාව තිබුණේ ජනගහනයෙන් සීයට පහකට විතරයි. ඒවා නිසා ඇති වූ ප්‍රශ්න අද මේ පරපුරට මුහුණ දෙන්නේ නැති රටක් අපි හැදුවා.

කොවිඩ් – 19 වසංගතය ආපු වෙලාවේ මේ රටේ ලක්ෂ ගණන් දරුවන්ට පරිගණක සාක්ෂරතාවය භාවිතා කරලා ඉස්කෝල වැඩ කරන්න පුළුවන් උනේ අපි එදා නවීන තාක්ෂණය රටේ දියුණු කළ නිසයි. නැණසල මධ්‍යස්ථාන පිහිටුවා රටේම දරුවන්ට පරිගණක තාක්ෂණය පුරුදු කරන්න අපි එදා වැඩ කළා. ඈත පළාත්වල දූ දරුවෝ විශ්ව විද්‍යාලයට අයදුම් කරන්නේ මේ නැණසල හරහා බව අපි දන්නවා.

ඒ නිසා දුවේ, පුතේ, මම කියනවා අද අපි යම් ප්‍රශ්නයකට මුහුණ දෙනවානම් ඒ ප්‍රශ්නවලටත් අනාගතයේ මුහුණ දෙන්න වෙන්නේ නැති රටක් අපි හදනවා කියලා.

මිත්‍රවරුණි,

අපි කුඩා කාලයේ ඉදලම දරුවන්ව බෙදනවා. දරුවන්ට බෙදෙන්න, බෙදිලා ජීවත් වෙන්න මඟ පාදා දෙනවා. අද සිංහල දරුවෝ සිංහල ඉස්කෝලවල, මුස්ලිම් දරුවෝ මුස්ලිම් ඉස්කෝලවල, හින්දු දරුවන්ට වෙනම ඉස්කෝල. කුඩා කාලයේ ඉදන්ම දරුවන්ව වෙන් වෙන්ව තියලා උගන්වලා අපි ඒ ගොල්ලො ලොකු මහත් උනාම කියනවා එකතු වෙයල්ලා කියලා.

අධ්‍යාපනයේදී බෙදිලා වෙන්වෙලා ඉගෙනගත් අය වැඩිහිටියෝ උනාට පස්සේ එකතු වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය අද අපේ ජාතිය හමුවේ කියනවා. ජාතිය, ආගම හැටියට විතරක් නෙමෙයි මේ දරුවන් ඉස්කෝල හැටියටත් පොඩි කාලෙම බෙදනවා. ජාතික පාසල්වල දරුවෝ, සුපිරි පාසල්වල දරුවෝ, පළාත් සභා පාසල්වල දරුවෝ, ජාත්‍යන්තර පාසල්වල දරුවෝ කියලා දරුවෝ බෙදනවා. පොඩි කාලෙම බෙදිලා වෙන්වෙලා පන්ති හැටියට ජීවත් වෙන්නයි අපේ දරුවන්ට උගන්වන්නේ.

එක නීතියක් එක රටක් ඕනිනම් බාලම කාලයේ සිට මේ බෙදීම අවසාන කරන්න ඕනි කියලා මම විශ්වාස කරනවා.

අද මේ දරුවන්ගෙන් ඇහුවොත් දරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද කියලා දරුවෝ කියයි ඉගෙන ගැනීම කියලා. දරුවන්ගෙන් ඇහුවොත් ඔබට තියෙන ලොකුම බර මොකක්ද කියලා දරුවෝ කියයි විභාගවල බර කියලා. අපි අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ අරමුණින් ගොඩ නැගිලි දහස් ගණන් හැදුවත්, ඒවා වායු සමීකරණය කළත්, පොත්පත්, ඇදුම්, සපත්තු, ටැබ් දුන්නත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ සතුටින් නෙමෙයි නම්.

අපි අධ්‍යාපනයට ජාතික ආදායමෙන් කොයිතරම් කොටසක් වෙන් කරත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ නිදහසේ නෙමෙයි නම්. ඒ නිසා අධ්‍යාපනයට මුදල් වෙන් කරනවාට වඩා දරුවන්ට නිදහසේ සතුටින් බරක් නැතුව ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට ඕනි. ඒ ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා මේ රටේ අනාගතයට බලපාන බව මම කියන්න ඕනි.

අපි දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් රටක් නැවත තමන්ගෙ ඉලක්ක ජය ගන්න පුළුවන් රටක් හදලා භාර දෙන්න ඕනි.

ආදරණීය දුවේ, පුතේ,

අපිට අපි උපන් රට ගැන ලොකු වගකීමක් තියෙනවා. මේ දුවලා පුතාලා මතක තියා ගන්න ඕනි අපි මේ පය ගහලා ඉන්න රට ආරක්ෂා කර ගන්න වසර දහස් ගණනක් තිස්සේ ලක්ෂ කෝටි ගණන් ජනතාව, ජීවිත පූජා කරලා තියෙන බව. යටත් නැති රටක් හදන්න අපේ මුතුන් මිත්තෝ අපිරිමිත කැප කිරීම් කළ බව අපි මතක තියා ගන්න ඕනි.

දහස් ගණන් වැව් බැදලා ඒවායේ දියවර අරන් මුතුන් මිත්තෝ අපි වෙනුවෙන් ඒ මහා නිර්මාණ ඉතුරු කළ බව මතක තියා ගන්න ඕනි. ඒ විතරක් නෙමෙයි. අපේ භික්ෂූන් වහන්සේලා ලෝකයේ ශ්‍රේෂ්ඨ ධර්මය ථේරවාදී බුදු දහම වණ පොත් කරලා ආරක්ෂා කරගෙන ගෙනල්ලා ලෝකෙට දෙන්න, රැක ගත්ත බව අපි මතක තියා ගන්න ඕනි. මගේ ඉදිරියේ ඉන්න දුවලා පුතාලා වගකීමක් තියෙනවා මේ දේවල්වලට යමක් එකතු කරන්න.

අද අපි කවුරුත් හිතනවා රුවන්වැලිසෑය බැදපු යුගයේ අපි ජීවත් උනානම් අපිටත් ඒවාට දායක වෙන්න පුළුවන් කියලා.

කැප්පෙටිපොළ නිලමේතුමා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටන් කළ යුගයේ අපිත් හිටියානම් අපිත් ඒ සටනට යනවා නේද කියලා අපි අද හිතනවා.

ආදරණීය දුවේ, පුතේ

අපි එහෙම යුගයක් මේ රටේ ගොඩනගන්න ඕනි. අනාගත පරපුර ආපස්සට හැරිලා හිතන කොට අද කාලේ ජීවත් උනානම් කොයිතරම් හොඳ ද කියලා හිතෙන රටක් හදන්න අපි කැප වෙන්න ඕනි.

අද අපේ සියලු දේවල් යළි ගොඩනගන යුගයක්, ඔබගේ ගේ පිටිපස්සේ වැවෙන කහ පැළයේ ඉදන් ඔබ පාසල් යනකොට අදින නිල ඇදුම් රෙද්ද දක්වා අපේ අතින්ම නිෂ්පාදනය කරන රටක් හදන්න පුළුවන් යුගයක් එළඹිලා තියෙනවා.

ඒ මහා යෝධ කාර්යයට දායක වෙන්න හිතට ගත්තොත් තව අවුරුදු සිය ගාණකට පස්සේ උපදින පරපුර කියයි මේ යුගයේ උපන්නා නම් හොදයි කියලා. ඒ නිසා අපේ මහා ජාතික කවියෙකු වූ එස්. මහින්ද හාමුදුරුවෝ කිව්ව කවියකින් මා මගේ කතාව අවසන් කරනවා.

තමන් ලැබූ දිවි පිවෙතේ – කොටසක් රට සමය වෙතේ

පුද නොකළොත් එයින් පුතේ – මෙලොවට කිසි පළක් නැතේ

ඔබට සුභ අනාගතයක්! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙනේ විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය හා අමාත්‍ය ජී. එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, සුසිල් ප්‍රේමජයන්ත, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශ ලේකම් කේ.එම්.එස්.ඩී. ජයසේකර, මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීන්, දෙමාපියන්, දූ දරුවන් රැසක් එක්ව සිටියහ.

– රොහාන් වැලිවිට

Off Road

දරුවන් දහදෙනෙකු බිහි කළායැයි කියමින් ලෝකෙම රැවටූ කාන්තාවගේ ඇත්ත කතාව

පහුගිය දිනවල අපේ රටේ මෙන්ම ලෝකයේම වැඩිපුර කතා බහට ලක්වුණු පුවතක් තමයි දකුණු අප්‍රිකාවේ මවක් දරුවන් දහදෙනෙකු එකවර බිහි කරපු පුවත. ලෝක වාර්තාවක් තැබූ බවට විදෙස් මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තාව නිවැරදි නොවන බව දැන් තහවුරු වී තිබෙනවා. කෙසේ නමුත් මේ පුවත අපේ රටෙත් රූපවාහිනී නාලිකා, පුවත්පත් වල මෙන්ම සමාජ මාධ්‍ය තුලත් අතිශයින් කතා බහට ලක්වුණා. බොහෝ දෙනෙක් ඇයට සුබ පතලා තියනවත් අපිට දැකගන්න ලැබුණා. නමුත් මේ පිළිබඳව දැන් හරි අපූරු කතවක් තමයි අහන්න ලැබෙන්නේ. පහුගිය සතියේ හත් වෙනදා එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කලේ 37 හැවරදී ගොසියාම් තමාරා සිතොල් මේ කාන්තාව ප්‍රිටෝරියා අගනුවර පිහිටි බිකෝ ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකින් ළදරුවන් දහ දෙනෙකු ප්‍රසූත කල බවයි.

නමුත් දරුවන්ගේ පියා ලෙස හදුන්වා ගත් ටෙබෝගෝ නැමැත්තා මේ සිද්දියට ප්‍රසිද්ධිය ලබා දීමෙන් පසු ඔහු ගැන වැඩිදුර තොරතුරු ඇසූ මාධ්‍ය වේදීන් විමතියට පත් කරමින් ඔහු දන්වා ඇත්තේ තමා තවම දරුවන් දැක නැති බවත් මව තමන් සමඟ අමනාප වී දරුවන් සමඟ සැගවී සිටිනා බවයි. නමුත් දරුවන් උපත ලද බව කියන ප්‍රිටෝරියා රෝහල මෙවැනි දරු උපතක් සිදූ නොවූ බව දන්වා තිබෙනවා. එමෙන්ම එම පෙදෙසට අයත් ප්‍රාන්ත පාලක නිවේදනයක් නිකුත් කරමින් මේ සිද්දියට දින දෙකකට පසු දන්වා තිබුනේ ඔවුන් අඟනුවර සියලුම රෝහල් වලින් මේ ආකාර ප්‍රසූතියක් සිදුවුණාද යන්න සොයා බැලූ නමුත් එවැන්නක් සිදු නොවී ඇති බවයි. මේ දක්වා ගිනස් වාර්තාවක් ලෙස පැවති එකවර දරුවන් නම දෙනෙකු බිහිකර මාලි රාජ්‍යයේ මව අබිබවා දකුණු අප්‍රිකාවට කීර්තියක් අත්කර දුන්නේ යැයි කියමින් මේ පිළිබඳව විවිධ වාර්තා ජාත්‍යන්තර මාධ්‍යවල පවා පල වුණා.

දකුණු අප්‍රිකානු පුවත් වල දරුවන්ගේ පියා යැයි කියා ගත් පුද්ගලයාගේ ඡායාරූප සහිතව පෙනී සිටිමින් තමන් රැකියා විරහිත අයෙකු යැයි පවසා මුදල් ආදර ලබා දීමට දුරකථන අංක පවා ප්‍රසිද්ධ කර තිබුණා. මේ අතර දරුවන්ගේ මව ලෙසට ප්‍රකට වුනු ගොසියාම් සිතොල් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමින් දන්වා ඇත්තේ තමන්ට දරුවන් ලැබී ඇතැයි කිවූ සියලුම කතා අසත්‍ය බවයි. මේ සියල්ල තමාගේ පෙම්වතාගේ කෝටිපතියකු වීමේ වුමනාවෙන් ගොතන ලද කතා බවයි. පෙර විවාහයකින් නිවුන් දියණියන් සිටින ගොසියාම් පැවසුවේ තමන්ව රවටා දරුවන් ලැබෙන්නට සිටින බවක් රඟපාන්නට පෙම්වතා ඉගැන්වූ බවත් පුවත්පත් සම්මුඛ සාකච්චා වලට පවා මාධ්‍යවේදීන් ගේනවා ගත් බවයි. කෙසේ වෙතත් මෙම රංගනය මෙතරම් බරපතල එකක් වනු ඇතැයි තමාට අවබෝධ වුයේ පසුව බවයි ඇය පවසන්නේ.

Continue Reading

Off Road

“අනේ පුතේ ලුණු පැකට් එකක්වත් ගෙනාවනම් මට මේකට ඉහන් කන්න තිබ්බා” කන්න ඉල්ලූ මවට හාල් මිටක් දී ලක්ෂපති පුතා මාරු වෙයි.

උයා පිහා ගන්න  අම්මා අඩුම කුඩුම නැතිව ඉන්නා  අම්මා බවට අම්මා කළ දැනුම්දීමෙන් පසු වෙසක් පොහෝදා නවීන රියකින් පැමිණ නාඩු හාල් කිලෝ පහක පැකට්ටුවක්  අම්මා පමණක් දුන්  අම්මා පුතුගෙන් ලු‍ණු පැකට්  අම්මා එකක්වත් නොගෙනාවේ  අම්මා ඇයිදැයි විමසූ මවක ගැන අපට අසන්නට ලැබිණි.

වසර හැත්තෑව අම්මා ඉක්ම වූ මාතාවකි. අම්මා පදිංචිය ජාඇළට  අම්මා නුදුරු ගම්  අම්මා පෙදෙසකය. අම්මා   ජීවත් වුණේ හුදෙකලාවය.  අම්මා දුර බැහැර  අම්මා පදිංචි දරුවන්ට  අම්මා මේ මව ගැන  අම්මා නිතර සොයා බැලීමේ  අම්මා අවස්ථාව ලැබෙන්නේ  අම්මා ද නැත. ඇගේ නිවෙසට ආසන්නයෙන්  අම්මා වෙසෙන පුතා  අම්මා උපකාරක පන්තිවලින්  අම්මා නමගිය චරිතයකි. එහෙත්  අම්මා ඇය දිවිය ගෙවන්නේ  අම්මා දැඩි අපහසුතා මැදය.


දුර  අම්මා බැහැර සිටින  අම්මා දරුවන් ඉඳහිට  අම්මා ආගියත් ළඟම  අම්මා ඉන්නා පුතු  අම්මා නම් අම්මා බලන්නට  අම්මා එන නොඑන ගානය. කොරෝනා  අම්මා සංචරණ සීමා නිසා  අම්මා දුර බැහැර  අම්මා සිටින  අම්මා දරුවන්ට  අම්මා අම්මාගේ  අම්මා අවශ්‍යතා  අම්මා සම්පූර්ණ කරන්නට පැමිණීමට  අම්මා ලැබුණේ ද  අම්මා නැත. මේ  අම්මා නිසා මවගේ  අම්මා එදිනෙදා වේල  අම්මා පිරිමහ ගැනීම  අම්මා මහත් ගැටලුවක්  අම්මා විය. අසල්වාසීන්ට  අම්මා කරදර කරන්නට  අම්මා ද බැරිය. අම්මා  අම්මා සැතැපුම් තුන අම්මා   හතරක් සමීපයේ  අම්මා සිටින එකම පුතුට  අම්මා දුරකතන ඇමතුමක්  අම්මා දුන්නේ වෙනත්  අම්මා කළ හැකි දෙයක්  අම්මා නොවූ නිසාය. 


“පුතේ මට  අම්මා කෑමට අඩුම කුඩුම  අම්මා ටිකක්වත් නැහැ. නංගිලාට  අම්මා එන්න විදියකුත් නැහැනේ.” මව අම්මා පුතාට තම දුක කීවාය. අම්මා පුතුගෙන් “හ්ම්” යන වදනවත් පිට  අම්මා නොවිණි. වෙසක්දා  අම්මා දහවල මවගේ  අම්මා නිවෙස ඉදිරිපිට ලක්ෂ  අම්මා හැට හැත්තෑවක්  අම්මා වටිනා නවීන රියක් අම්මා නතර කෙරිණි. එයින්  අම්මා බැස ආවේ පුතුය.  අම්මා නාඩු සහල් කිලෝ අම්මා පහක පැකට්ටුවක්  අම්මා ඔහු අත විය. මිදුලේ  අම්මා සිටම හාල්  අම්මා කවරය අම්මාට  අම්මා දී පුතා ආපසු හැරුණේය. 


“අනේ පුතේ  අම්මා ලු‍ණු පැකට්  අම්මා එකක්වත්  අම්මා ගෙනෙන්න තිබුණනේ. අම්මා එහෙම නම් මට  අම්මා බත් උයාගෙන ලු‍ණු ඉහගෙනවත්  අම්මා කන්න තිබුණා” යි  අම්මා ඇය කියද්දී කිසිත්  අම්මා නොඇසුණා සේ පුතු රියට ගොඩවූයේය. (උපුටා ගැනීමක්)

Continue Reading

Off Road

චන්දිමාල්ට තවත් ප්‍රශ්ණයක්. හදිසියේම කෙසෙල්වත්ත පොලිසියට කැඳවයි.

රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ නැවත වරක් පොලිසිය වෙත කැදවා තිබෙනවා.මේ වන විටත් ඔහු කෙසෙල්වත්ත පොලිසියේ ප්‍රකාශක ලබා දෙමින් සිටිනවා.මේ අවස්ථාව සඳහා ඔහුගේ රියදුරු ද කෙසෙල්වත්ත පොලිසිය වෙත කැඳවා තිබෙනවා. නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් උපන් දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් චන්දිමාල් සහ පියුමි හංසමාලි අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පෙරේදා දින නඩුව අවසානයේ ඇප ලබා ඔවුන් අධිකරණය අසලටම සුඛෝපභෝගී රථය ගෙන්වා ගෙන හැරවිය නොහැකි ස්ථානයකින් රථය හැරවීම සම්බන්ධයෙන් මෙම කැදවීම කර තිබෙනවා.කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී මෙම රථ වාහන වැරැද්ද සිදුව තිබුණා.එදින මෙම නඩුව වීඩියෝ තාක්ෂණයෙන් පැවැති අතර නඩුව අවසානයේ චන්දිමාල්ගේ සුඛෝපභෝගී රථයේ පියුමි හංසමාලිද ගොස් තිබුණා.

Continue Reading

Facebook

Advertisement

Updates

Off Road5 hours ago

දරුවන් දහදෙනෙකු බිහි කළායැයි කියමින් ලෝකෙම රැවටූ කාන්තාවගේ ඇත්ත කතාව

පහුගිය දිනවල අපේ රටේ මෙන්ම ලෝකයේම වැඩිපුර කතා බහට ලක්වුණු පුවතක් තමයි දකුණු අප්‍රිකාවේ මවක් දරුවන් දහදෙනෙකු එකවර බිහි කරපු...

ප‍්‍රධාන පුවත්8 hours ago

සදුදා සංචරණ සීමා ඉවතට.. Breaking News !

ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කෙරේ. එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල්...

ප‍්‍රධාන පුවත්11 hours ago

දෙහිවල සත්තු වත්තේ හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකු මිය යයි.. සිංහයෙකුට කොරෝනා..

දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින සිංහයෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙලිවී තිබේ. දින කිහිපයක් තිස්සේ උගුරේ වේදනාවක් සහ කැස්සකින් මෙම සිංහයා...

Uncategorized14 hours ago

උඩුවේ හිමියන්ගේ මෑණියන් සිහිසුන්වී නවලෝක රෝහලට.. හිමියන්ගෙන් පිණිවුඩයක්..

ප්‍රසිද්ධ ධර්ම කථික පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ මෑණියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් උන්වහන්සේ...

ප‍්‍රධාන පුවත්1 day ago

රනිල් එන්න කලින් වැඩ පෙන්නයි… සජිත්ගේ නගරාධිපතිවරු 04ක් එලවයි

එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය අවසන් කර සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දැරීම හේතුවෙන් නගර සභා කිහිපයක නගරාධිපතිවරුන් ධූරවලින් ඉවත් කිරීමට...

උණුසුම් පුවත්1 day ago

ගෑස් සිලින්ඩර් සගවන පාරිභෝගිකයින් ගැන වහාම කියන්න.. හදිසි ඇමතුම් අංකයකුත්

ගෑස් සිලින්ඩර් සඟවා තබාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන ති‌බේ නම් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියට දැනුම් ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ සදහා...

ප‍්‍රධාන පුවත්1 day ago

චන්නගේ කෝටි 20 නිවසේ කතාවට අසේල වැලිකඩ ? කෝටි 50 වන්දි ගෙවන්න වෙයි..

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඇතුල් කෝට්ටේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 200ක නිවසක් මිලදීගෙන ඇති බවත්, චන්න ජයසුමන, SPC සභාපති විශේෂඥ වෛද්‍ය...

උණුසුම් පුවත්2 days ago

සියලුම ආර්ථික මධ්‍යස්ථාන දින දෙකකට විවෘත කරයි…

තොග වෙළදාම් කටයුතු සඳහා දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (17) සහ හෙට (18) දෙදින තුළ විවෘත ව පවතී. ජංගම වෙළඳුන්ට...

ප‍්‍රධාන පුවත්2 days ago

මත්පැන් ඔන්ලයින් ක්‍රමය අවලංගුයි…

අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත. මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී...

ප‍්‍රධාන පුවත්3 days ago

මන්ත‍්‍රීවරුනට වාහන ගෙන්වීම අත්හිටුවයි.. මුදල් අමාත්‍යංශය තහවුරු කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මිල දී ගැනීමට නියමිතව තිබු වාහන ආනයනය සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News

en_USEnglish