Connect with us

ප‍්‍රධාන පුවත්

දෙවැනි රැල්ලේ සුලමුල හෙලිවේ.. යුකේ‍්‍රනයත් පැටලේ.. බුද්ධි අංශ වාර්තාව ජනපතිට..

– අරුණ පුවත්පතිනි..

මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී තිබේ.

මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදාය. එම පිරිසේ එකොළොස්දෙනකු සිට ඇති අතර ඔවුන් සීදුවේ පිහිටි තරු හෝටලයක ස්වයං නිරෝධායනයට ලක් වී ඇත. ගුවන් යානාවල එන කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය වෙද්දී හෝටල් කාර්ය මණ්ඩලයද නිරෝධානය විය යුතුය.

ගුවන් කාර්ය මණ්ඩලයේ නිරෝධානය වූ යුක්ක්‍රේන් ජාතිකයකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා වී අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා සෙසු ගුවන් කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත.

හෝටල් කාර්ය මණ්ඩලයේ හැට දෙනාගෙන් දහඅට දෙනකු දිනපතා නිවෙස්වලට ගොස් සේවයට පැමිණි අය වෙති. එම 18 දෙනා සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නිවෙස්වල සිට සේවයට වාර්තා කර ඇත. හෝටල් කාර්ය මණ්ඩලයද දින දාහතරක් නිරෝධායනය කළ යුතු වුවත් හෝටල් පරිපාලනය ​කොවිඩ් නීති නොතකා සේවකයන් පිරිසකට නිවෙස්වලට යෑමට ඉඩ සලසා ඇත.

නිවෙස්වලට දිනපතා ගිය පිරිසෙන් පස්දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඉන් තිදෙනක් සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා සේවය කළ අය වෙති. හෝටලයේ කෝකියා හා ලොන්ඩරි භාර නිලධාරියාද එම පිරිසට අයත්ය.

‘‘මෙම පිරිස පරීක්ෂා කිරීමේ දී මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් වයිරසයේ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් එම වයිරසයේ තිබෙන බව තහවුරු වුණා. කලින් මෙම වයිරසය ශරීරගතව තිබූ සියයට 15ත් 18ත් අතර ප්‍රමාණයක්. නමුත් මේ අයගේ සියයට 29ත් 31ත් අතර ප්‍රමාණයක් වුණා. මේක අලුත් තත්ත්වයක්. බ්‍රැන්ඩික්ස් එකෙන් හමුවූ පළමු රෝගීන්ගෙන් වයිරසය ලෝඩ් එක 29ත් 31ත් අතර තිබුණා. එමෙන්ම පෙර කී හෝටලයේ සේවකයන් බ්‍රැන්ඩික්ස් සේවකයන් සමග සම්බන්ධ වීමෙන් මෙම වයිරසය ආසාදනය වූ බවට විමර්ශනවලින් තහවුරු වුණා.’’ යැයි මේ සම්බන්ධව විමර්ශන පැවැත්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු තහවුරු කළහ.

එමෙන්ම යුක්ක්‍රේන් කාර්යමණ්ඩලයෙන් වයිරසය ආසාදනය වූ හෝටල් සේවකයකු හලාවත සිට දිනපතා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ සීදුවට පැමිණ ඇතැයිද හෙළි වී තිබේ.

බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියාට සැප්තැම්බර් 21 වැනි දා රෝග ලක්ෂණ පහළ වී ඇත. එම කාන්තාවට සැප්තැම්බර් 16 වැනිදා වන විටවත් රෝගය ආසාදනය වී තිබෙන්නට ඇතැයි සැක කෙරේ. ඔක්තෝබර් 05 වැනිදා බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිතයා වාර්තා විය.

දෙවැනි රැල්ලක් නිර්මාණය වූ මෙම කොවිඩ් වයිරසය පැතිරයන ප්‍රමාණය කලින් වතාවට වඩා දෙතුන් සැරයක් බව අනාවරණය වී තිබේ.

දෙවැනි රැල්ල ආරම්භ වූ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ බව ඉන්දියාවේ විශාඛාපට්නම් සිට මත්තල ගුවන් තොටුපොළ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා පැමිණි මගින් 48ක කාර්ය මණ්ඩලයකින් බව මුලදී සඳහන් විය. එහෙත් මෙම පිරිස විශාඛාපට්නම්හි බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් වූ අතර ඔවුන් දෙවැනි රැල්ල ව්‍යාප්ත වන විටත් දකුණේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි බව පසුව තහවුරු විය.

– aruna

Click to comment

ප‍්‍රධාන පුවත්

V8 රථයක් ඥාණසාර හිමිට කොහෙන්ද.. හඬපට සාක්‍ෂි මෙන්න…

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජූලි 05 දින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ එය පක්ෂයට නැවත ලබා දිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති. ඒ සඳහා රතන හිමියන් පොරොන්දු වු බවත් එය පක්ෂය සමග ඇතිකරගත් එකඟතාවයක් බවත්් ඥානසාර හිමියෝ පවසති. උන්වහන්සේ මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

තමන්ට ජීප් රථයක් මිලට ගැනීමට මුදල් දුන්නේ ඇමෙරිකාවේ සිටින ව්‍යාපාරිකයෙක් බවද පැවසූ ඥානසාර යනු ඒ සඳහා සාක්ෂි ලෙස හඬ පට ද ඉදිරිපත් කරන ලදී. රතන හිමියන් විසින් එම වාහනය ලබා දුන් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන උන්වහන්සේ රතන හිමියන් විසින් තමන් වහන්සේට ප්ලේන්ටියක් වත් ලබා දී නැතැයිද කියා සිටිති.

Continue Reading

ප‍්‍රධාන පුවත්

පෙම්වතා හැර ගිය දුකට 14 හැවිරිදි දැරියක් නිවසේ උඩුමහලෙන් පනී

තම පෙම්වතා තමා සමඟ පැවැති ආදර සම්බන්ධතාව හිටි හැටියේ නතර කිරීමත් නිසා දැඩි ශෝකයෙන් සිටි 14 හැවිරිදි දැරිවියක් නිවසේ උඩුමහෙලෙන් බිමට පැන තිබෙනවා. බොරැල්ලේ ප්‍රදේශයේ පදිංචි 9 වසරෙහි ඉගෙනුම ලබන දැරිවියක් මෙලෙස සියදිවි හානි කරගැනීමේ අරමුණින් උඩුමහලෙන් පැන ඇති ඇය ඉන් බරපතළ තුවාල ලබා තිබෙනවා.

ඊයේ උදෑසන මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර නිවැසියන් වහාම ඇයව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කර තිබෙනවා.

මුස්ලිම් දැරිවියක වන ඇය මෙම ක්‍රියාව කොට් ඇත්තේ සියදිවි හානි කර ගැනීමේ අරමුණින් බවද් වාර්තා වෙනවා. ඇය ඇයගේම වයසේ සිසුවෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නගා ගෙන තිබෙනවා.ඒ ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේය.

කොරෝනා කාලයේම ඇය සිය පෙම්වතා සමඟ ජංගම දුරකථනය හරහා ප්‍රේම සම්බන්ධතාව පවත්වා ඇති අතර ඉකුත් සතියේ එම පෙම්වතා හිටි හැටියේ ප්‍රේම සම්බන්ධතාවය අත්හිටුවා තිබෙනවා. මේ නිසා දුකෙන් සිටි දැරිය මෙලෙස උඩු මහළෙන් බිමට පැන සියදිවි හානි කර ගැනීමට උත්සහ ගෙන තිබෙනවා.

Continue Reading

ප‍්‍රධාන පුවත්

තත්වය භයාණයකයි.. හුළගිනුත් බෝවෙන ප්‍රබේදයක් ලංකාවට ඇවිත් !

වාතය හරහා බෝවීම සිදු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇති කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් මෙරටට ඇතුළු වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

එනිසා මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම විටම මුව ආවරණ පැළඳ සිටින ලෙසත්, නව ප‍්‍රභේදය ආසාදිත වූවන් ආසාදිතයන්ට රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම වැඩි බවත්, තරුණ ප්‍රජාවටද රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවත් ඇය සඳහන් කළාය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවාය.

Continue Reading

Facebook

Advertisement

Updates

Uncategorized14 hours ago

තවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..

අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් දැඩි සංචාරණ සීමා කියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි. දැනට...

ප‍්‍රධාන පුවත්2 days ago

V8 රථයක් ඥාණසාර හිමිට කොහෙන්ද.. හඬපට සාක්‍ෂි මෙන්න…

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජූලි 05 දින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ එය පක්ෂයට නැවත ලබා දිය යුතු...

ප‍්‍රධාන පුවත්2 days ago

පෙම්වතා හැර ගිය දුකට 14 හැවිරිදි දැරියක් නිවසේ උඩුමහලෙන් පනී

තම පෙම්වතා තමා සමඟ පැවැති ආදර සම්බන්ධතාව හිටි හැටියේ නතර කිරීමත් නිසා දැඩි ශෝකයෙන් සිටි 14 හැවිරිදි දැරිවියක් නිවසේ උඩුමහෙලෙන්...

උණුසුම් පුවත්2 days ago

උදය ගම්මන් පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

සිංගප්පුරුවේ ආයතන කිහිපයක් මගින් වැඩි මිලට බොරතෙල් හා පිරිපහදු කරන ලද තෙල් ලබාගැනීම උදෙසා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක්  සම්බන්දව  විශේෂ විමර්ශණ...

Uncategorized2 days ago

ගමමන්පිලට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි නියෝග කෙරේ…

ජන ජීවිතය ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව තිබෙන අවස්ථාවක ඉන්ධන මිල ඉහල දමා ඔවුන් තවත් පීඩාවට පත් කිරීම සම්න්ධයෙන් විෂයභාර අමාත්‍ය...

Uncategorized3 days ago

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අලුත උපන් සිගිති මිණිබිරිය මෙන්න..

අපේ රටේ ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආදරණීය එකම පුතු මනෝජ් රාජපක්ෂ මහතාගේ ආදරණීය බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ මහත්මිය දියණියක් බිහි...

ප‍්‍රධාන පුවත්3 days ago

තත්වය භයාණයකයි.. හුළගිනුත් බෝවෙන ප්‍රබේදයක් ලංකාවට ඇවිත් !

වාතය හරහා බෝවීම සිදු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇති කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් මෙරටට ඇතුළු වී...

ප‍්‍රධාන පුවත්3 days ago

වෛද්‍යවරයෙක් බිරියන් 05කට.. වෛද්‍යවරියක් සැමියන් 06කට කොරෝනා එන්නත් ගහලා.. කොලඹ ජාතික රෝහලේදී හසුවෙයි..

එක් වෛද්‍යවරයකුගේ බිරින්දෑවරුන් පස්දෙනෙක් තවත් වෛද්‍යවරියෙකු ස්වාමිපුරුෂයන් හය දෙදෙකුටත් කොරෝනා එන්නත් ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි....

Uncategorized4 days ago

සංචරණ සීමා ඉවත් කරන දිනය මෙන්න..

දැනට පනවා ඇති සංචරණ සීමාවන් එළඹෙන 14 වැනි දා අලුයම 04.00ට ඉවත් කිරීමට ගත් තීරණය මෙතෙක් කිසිදු වෙනසක් නැති බව...

ප‍්‍රධාන පුවත්4 days ago

මවයි දියණියයි මහළු සල්ලාලයින්ට විකුණු ජාවාරම්කරු අහුවෙයි – මව විකුණා ඇත්තේ ලක්ෂ 21කට (PHOTOS)

අන්තර්ජාලයේ දැන්වීම් පළ කර වයස අවුරුදු 15ක දැරියක් සහ ඇගේ මව මුදලට විකුණු පුද්ගලයෙකු ගල්කිස්ස මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News