Uncategorized
ආණ්ඩුවේ පරම සිංහල බෞද්ද සුජාතභාවය දැන් අහෝසියි.. මහා සංඝයා නොතකා 20 සම්මත කලේ අන්තවාදීන් සමගයි..

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම ගත් ආකාරයක් සමග වත්මන් ආණ්ඩුවේ පරම සිංහල බෞද්ධ සුජාත භාවය අහෝසි වී ගිය බව හෙළ බොදු සවිය සංවිධානය සඳහන් කරයි.
ඒ බව සදහන් කරමින් එම සංවිධානය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
20 සම්මත කරගැනීමෙන් පසු ආණ්ඩුවේ සිංහල බෞද්ධ සුජාභාවය නැති වුනා
2015 දි 19 වන අණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝදනය මන්ත්‍රිවරුන් 2015 කින් සම්මත වු අතර ඊට විරෝධි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුයේ මන්ත්‍රින්156කින්ය. මෙම ආණ්ඩුවේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පරම සිංහල බෞද්ධ සුජාත භාවය අහෝසි කර ගත්තේය. මෙම ආණ්ඩුව බලයට පත් කිරිමට වැඩ කරන ලද්දේ කුඩා සිංහල සංවිධාන හා මෙරට භික්ෂුන් වහන්සේලාය.එම භික්ෂුන් වහන්සේලා දානයේ දි, පාංශුකුළයේ දි ධර්ම දේශනයේ දි අනුශාසනා කලේ පැවති යහපාලන ආණ්ඩුව සුළු ජාතින්ට වරප්ප්‍රසාද, වරදාන දෙන බැවින් ගෝඨාභය ජනාධිපති තුමා ඇතුළු වත්මන් ආණ්ඩුවක් පත් කර ගන්නා ලෙසය. ඒ මගින් සිංහල බෞද්ධයන්ට තැන ලබා දෙන රටක් බිහිකර ගැනීමට හැකි වන බවයි.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යයි සැක කිසිම කෙනෙක් සමග මෙම ආණ්ඩුවේ බලධාරින් සම්බන්ධ නොවන බවට සහතිකයක් 69 නව ලක්ෂයක් ජන්දය දුන් ජනතාවට ජන්දයට පෙර කියා සිටිහ.
20වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ රටේ ශාසනික හා සමාජ මෙහෙවරෙ විවිධාකරයෙන් කැප වි සිටින භික්ෂුන් වහන්සේලාගේ 20 වන සංශෝධනයට දැඩි විරෝධයක් එක් කළේය. එය තඹ දොවිතුවකට මාහිම් කලේ නැත.
ගරු ජනාධිපති තුමා රුවන්වැලි සෑරුදුන් අභියසදීත්, රාජාසන කතාවේ දිත් තමා කෙරහි විශ්වාසය තබා රටේ නාකත්වයට පත්කල මහා සංඝරත්නයට ද, සිංහල බෞද්ධ ජනතාවට ද අනුයෝගිව හා අනුගතව ක්‍රියා කරන බවට දෙවරක් ම මෙරටේ ජනතාවට ප්‍රතිඥා දුන්නේය. එසේම මෙරට පිළිගත් භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටුවා ගත්තහ. එම උප දේශක සභාව කැදවිමක් හෝ 20 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සංශෝධනය සම්බන්ධායෙන් අනුශාසනක් ලබාගෙන නොමැත.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට හා අනපනත් සමත කර ගැනිම උදෙසා සුළු ජාතික මන්ත්‍රින්ට විවිධ රජයේ වරක්ප්‍රසාද තනතුර තානාන්තර ලබා දෙන අයුරු ඉදිරියේ දි බලාගත හැක.එසේම බලගතු අධිකරණ වැනි ආමත්‍යංශයක් ලබා දි මුස්ලීම් මන්ත්‍රිවරුන් සම්බන්ධ කරගනිමින් ඇත. එබැවින් අදවන විට සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තු එකින් එක බිද හෙළමින් ඇත.
ජන්දයට පෙර මෙම ආණ්ඩුවේ බොහෝ අය කියා සිටියේ මුස්ලිම් මන්ත්‍රිවරුන් කිසි දිනක අනපත් සම්මත කරගැනීමට යොදා නොගන්නා බවයි. යොදා ගන්නා දවසට තමන් මෙම අණ්ඩුව සමග එක විනාඩියක් ගත නොකරන බව දැඩි ස්වරයෙන් කියා සිටිහ. එබැවින් මෙම ආණ්ඩුව ද සිංහල බෞද්ධ ජනතාවගේ ඒ අහිංසක බලාපොරොතු බිද දමා සුළු ජාතින්ගේ අනුහසින් ඉදිරියට යමින් ඇත.
බුදගල ජිනවංස හිමි
සභාපති
Uncategorized
තවත් කොරෝනා මරණ 03ක්!

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.
Uncategorized
බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

වැඩ සමග යළි ගමට දකුණු පලාත් සංවර්ධන වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.
හිටපු අමාත්‍ය ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී අද මෙම උත්සවය පැවැත්වින. ඒ සඳහා පළාත් වල සියලු මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
එම වැඩසටහන් මාලාවක් රට පුරා පළාත් මට්ටමෙන් මේ සතිය තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනය වයඹ පළාතේද, අනිද්දා උතුරුමැද, ඊට පසු මධ්‍යම ඇතුළු සෙසු පළාත්වල ද මෙම කටයුත්ත සිදු කෙරේ.
2021 අයවැය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දිරිද්රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.
Uncategorized
සතොස ගැන බොරු කියූ අනුරට වහාම පිළිතුරු.. මාධ්‍ය නිවේදනයක්!

ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විසින් සතොස සභාපතිවරයාට චෝදනා නගමින් පෙරේදා (04 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණා.
එහිදී මන්ත්‍රිවරයාගේ චෝදනාව වූයේ සතොස සභාපති සීනි මෙට්‍රික් ටොන් 5000ක් ඔහුගේ ඉහළ පෙළේ අයෙකුගේ මිත්‍රයෙක් ගෙන් තීරු බදු ඉවත් කළ විගසම මිලදී ගත් බවයි.
මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් එහි සත්‍ය කරුණු අණාවරණය කරමින් ලංකා සතොස ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්..


-
උණුසුම් පුවත්2 weeks ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..
-
උණුසුම් පුවත්2 weeks ago
අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..
-
උණුසුම් පුවත්2 weeks ago
එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි