Uncategorized
20 සම්මත වීමෙන් ජනතා බලාපොරොත්තු ඉටුවුනා..

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකේ බහුතරය ඡන්දයෙන් සම්මත වීමෙන් විපක්ෂයට යන එන මං අහිමි වූ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් විපක්ෂය ප්රමුඛ දේශද්‍රෝහී බලවේග තුන්වන වරටත් අන්ත පරාජයකට පත් වූ බවයි. පසුගිය පළාත් පාලන මැතිවරණය ජනාධිපතිවරණය හා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පැවති ඡන්ද විමසීම මෙම අවස්ථා තුන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා ආණ්ඩුවේ ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පළාත් පාලන නියෝජිතයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සදහන් කලේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය.
‘‘20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බහුතර ඡන්දයෙන් ජයග්‍රහණය කිරීම මේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තු ඉටුවීමක්. පහුගිය නොවැම්බරයේදි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාව මේ රටට ආදරය කරන ජනතාව 69 ලක්ෂයක් ඡන්ද දීලා පත් කර ගත්තට19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව හරහා ඔහුගේ අත පහ ගැටගහලයි තිබුනේ. අඩුගානේ මුදල් පනතක් වත් අපිට පාර්ලිමේන්තුවේදි සම්මත කර ගන්න බැරි උනා ඒ නිසා තමයි අපි පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයකට ගියේ. ඡන්දයේ දී අපි මේ රටේ ජනතාවට කිවේ ගෝඨාභය මහත්තයාට ආණ්ඩුව කරන්න තුනෙන් දෙකක් ලබා දෙන්න කියලා. ඒ වගේ ම අපි කිව්වා අපි මුලින්ම කරන්නේ 19 අහෝසි කරන එක කියලා. හරියටම ජනතාව අපිට තුනෙන් දෙක දුන්නා. අපි ඒ ජන වරමට අනුව 19 අහෝසි කිරීමට 20 ගෙනාවා. අපේ අරමුණ තමයි නව අන්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් රටට ගෙනඒම ඒ සදහා ජනාධිපතිතුමා කමිටුවක් පත් කර තිබෙනවා. ඉදිරිප මාස කිහිපය තුල අපිට රටට නව ව්‍යාවස්ථාවක් හදුන්වා දීමට හැකියාවක් ලැබෙනවා.
අපේ ආණ්ඩුවේ විවිධ මත දරණ දේශපාලන පක්ෂ ඉන්නවා. 20 සම්බන්ධයෙන් ඒ අය අතරත් විවිධ මත තිබුනා. 20 න් ආණ්ඩුවේ සමගියට කිසිම ප්‍රශ්නයක් වුනේ නැහැ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීතුමා කරපු දේට මම එකග නෑ. 19 අසාර්ථකයි කිවේ එතුමාමයි. අපේ පක්ෂයෙන් තරග කලානම් සාමුගිකව වැඩ කිරීමේ වගකීමක් ඔහුටත් තිබෙනවා. මෛත්‍රී පසුගිය ජනාධිපතිවරණයේදිත් සහාය දුන්නේ ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට නෙවෙයි. විපක්ෂය මහාලොකු පම්පොරි ගැහුවාට සජිත්ට තමන්ගේ මන්ත්රීතුමාවත් රැකගන්න බෑ කියාල අද රටටම ඔප්පු වෙලා ඉවරයි. පම්පෝරි ගැහැව්වට විපක්ෂයට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා ජනතාව දන්නවා. ඒ නිසා විපක්ෂයේ කථා වලට ජනතාව රැවටෙන්නේ නෑ.
දැන් පවතින කොරෝනා තත්වය පාලනය කිරීම සදහා රජය හැකි උපරිමයෙන් කටයුතු කරනවා මෙය ලෝකයටම පොදු තත්වයක් අනික් රටවලට සාපෙක්ෂව අපි අපේ රටේ කොරෝනා පාලනය කිරීමට සමත්ව තිබෙනවා. ලෝකේ මොන රටේද කොරෝනා ආසාධිතයින්ගේ සමීපතමයන් නිරෝධායනය කරන්නේ මේ නිරෝධායන වැඩ සටහන ලෝකයට හදුන්වා දුන්නේ අපි ඒ නිසා කොරෝනා තුන්වන රැල්ල පාලනයට ආණ්ඩුව ගත හැකි, ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. විපක්ෂය කරන්නේ රජයට එරෙහිව ඇගිල්ල දිගු කිරීම පමණයි. අපේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ එක්ව මේ සදහා ප්‍රායෝගික කටයුතු කරමින් තිබෙනවා.
– ප්‍රදීප් අනුර කුමාර
Uncategorized
තවත් කොරෝනා මරණ 03ක්!

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.
Uncategorized
බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

වැඩ සමග යළි ගමට දකුණු පලාත් සංවර්ධන වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.
හිටපු අමාත්‍ය ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී අද මෙම උත්සවය පැවැත්වින. ඒ සඳහා පළාත් වල සියලු මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
එම වැඩසටහන් මාලාවක් රට පුරා පළාත් මට්ටමෙන් මේ සතිය තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනය වයඹ පළාතේද, අනිද්දා උතුරුමැද, ඊට පසු මධ්‍යම ඇතුළු සෙසු පළාත්වල ද මෙම කටයුත්ත සිදු කෙරේ.
2021 අයවැය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දිරිද්රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.
Uncategorized
සතොස ගැන බොරු කියූ අනුරට වහාම පිළිතුරු.. මාධ්‍ය නිවේදනයක්!

ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විසින් සතොස සභාපතිවරයාට චෝදනා නගමින් පෙරේදා (04 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණා.
එහිදී මන්ත්‍රිවරයාගේ චෝදනාව වූයේ සතොස සභාපති සීනි මෙට්‍රික් ටොන් 5000ක් ඔහුගේ ඉහළ පෙළේ අයෙකුගේ මිත්‍රයෙක් ගෙන් තීරු බදු ඉවත් කළ විගසම මිලදී ගත් බවයි.
මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් එහි සත්‍ය කරුණු අණාවරණය කරමින් ලංකා සතොස ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්..


-
උණුසුම් පුවත්2 weeks ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..
-
උණුසුම් පුවත්2 weeks ago
අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..
-
උණුසුම් පුවත්2 weeks ago
එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි