Uncategorized
මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි…

ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.
මිහිඳු මහා රහතන්වහන්සේ පිරිනිවන් පෑ දවස සිහිගන්වන 2280 වැනි මිහිඳු පුර අටවක පොහොය 23 යෙදී තිබිණ. එය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 24 පස්වරුවේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නාහිමියන් ප්රමුඛ මහා මෙව්නා භාවනා අසපු සංචිතයේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ වැඩ ආරම්භ කරනු ලැබීය.
මිහින්තලා පුද බිමට පැමිණි ජනාධිපතිතුමා ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබා ගත්තේය. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ හා මිහිඳු මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ශෛලමය කරඬුව ක්‍රි.පු 03 වන සියවසට අයත් බව සැලකේ. බැතිමතුන්ගේ වන්දනාමාන පහසුවට සුදුසු පරිදි ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මන්දිරය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළහි එක් අදියරකි.
මිහිඳු මහරහතන් වහන්සේගේ පළමු පාදස්පර්ශය සිදුවූ ස්ථානය සේ සැලකෙන “චන්ද්‍රකාන්ති පාෂණය” පිහිටි සේල චෛත්‍ය මළුවේ ඉදිකෙරුණු මිහිඳු පිළිරුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ.
ක්‍රි.පූ 200-210 අතර කාලයේ රජ කළ දෙවනපෑතිස්ස රජතුමාගේ බාල සොහොයුරු උපතිස්ස රජු විසින් මිහිඳු මහ රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිධන් කොට මිහිඳු මහා සෑය ඉදිකළ බව මහා වංශයේ සඳහන් වේ. මෙරට ඇති සෑ රදුන් අතරින් පැරණිතම චෙත්‍යයක් ලෙස මිහිඳු මහා සෑය සලකනු ලැබේ. දීර්ඝ කාලයක සිට නටඹුන්ව ඇති මිහිඳු මහා සෑය පෞරාණිකත්වය ආරක්ෂා වන අයුරින් ප්‍රතිසංස්කරණය අද ආරම්භ විය. එහි ප්‍රතිසංස්කරණ ලබන පොසොන් පොහොයට පෙර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
මිහිඳු මහ රහතන් වහන්සේ භාවනානුයෝගීව වැඩ හිදි බවට විශ්වාස කෙරෙන මිහිඳු ගුහාව හෙවත් මිහිඳු ලෙණ පිහිටි ස්ථානයට ළඟාවීමට ඇති මාර්ගයේ ශෛලමය පිය ගැට පෙළ ඉදිකිරීම ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සිදු කෙරේ. ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව ශ්‍රම දායකත්වයෙන් ඊට සහාය වෙති.
මිහිඳු මහා සෑය වැඳ ආශිර්වාද ගත් ජනාධිපතිතුමා සෑ රදුන් අභියස පැවති ආගමික උත්සවයට සහභාගී විය. එහිදී අනුශාසනා කළ ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි, ජපානය ඇතුළු අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොළ විපස්සී හිමි සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණවංශ පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි නිදහස් පරිසරයක් සහිත සංවර්ධිත රටක් ගොඩනැගීමට ජනාධිපතිතුමාට සහාය විය යුතු බව සඳහන් කළහ.
ශ්‍රේෂ්ඨ නායකයෙක් රට භාරගෙන ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ සියලු මතවාද, මතභේද අතහැර ජාති, ආගම්, පක්ෂ භේදයෙන් තොරව රට ගොඩනැගීමට සක්‍රීය ව දායක විය යුතු බව අවධාරණය කළහ.
තායිවානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෝදාගම චන්දිම හිමි ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරු හා ජනතා නියෝජිතයන්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු හා ආරක්ෂක ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
Uncategorized
තවත් කොරෝනා මරණ 03ක්!

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.
Uncategorized
බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

වැඩ සමග යළි ගමට දකුණු පලාත් සංවර්ධන වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.
හිටපු අමාත්‍ය ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී අද මෙම උත්සවය පැවැත්වින. ඒ සඳහා පළාත් වල සියලු මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
එම වැඩසටහන් මාලාවක් රට පුරා පළාත් මට්ටමෙන් මේ සතිය තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනය වයඹ පළාතේද, අනිද්දා උතුරුමැද, ඊට පසු මධ්‍යම ඇතුළු සෙසු පළාත්වල ද මෙම කටයුත්ත සිදු කෙරේ.
2021 අයවැය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දිරිද්රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.
Uncategorized
සතොස ගැන බොරු කියූ අනුරට වහාම පිළිතුරු.. මාධ්‍ය නිවේදනයක්!

ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විසින් සතොස සභාපතිවරයාට චෝදනා නගමින් පෙරේදා (04 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණා.
එහිදී මන්ත්‍රිවරයාගේ චෝදනාව වූයේ සතොස සභාපති සීනි මෙට්‍රික් ටොන් 5000ක් ඔහුගේ ඉහළ පෙළේ අයෙකුගේ මිත්‍රයෙක් ගෙන් තීරු බදු ඉවත් කළ විගසම මිලදී ගත් බවයි.
මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් එහි සත්‍ය කරුණු අණාවරණය කරමින් ලංකා සතොස ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්..


-
උණුසුම් පුවත්1 week ago
ප්‍රජා අයිතිය රැකගන්න හිටපු ජනපති මෛත්‍රී අනුරාධපුරේ ඥානක්කා හමුවීමට යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
මේ වෙලාවේ නම් ආණ්ඩු බලය අල්ලන්න හිතන්නවත් එපා – රනිල්ගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට උපදෙස්..
-
උණුසුම් පුවත්2 weeks ago
බටහිර ජැටියට ඉන්දියාව කැමති වේ.. අදානි සමාගම ගිවිසුමට සූදානම්…
-
උණුසුම් පුවත්2 weeks ago
විමල්ලා, ගම්මන්පිලලාට තනියෙන් ඡන්දෙ ඉල්ලන්න බැහැනෙ. අන්තිමට අපි ළඟට එන්නම වෙනවා – ප්‍රසන්න
-
උණුසුම් පුවත්1 week ago
විමල් වීරවංශලා සමග ප්‍රබල දේශපේ‍්‍රමී විපක්ෂයක් හදන්න සූදානම්..
-
උණුසුම් පුවත්1 week ago
වසර 4කින් කිරිපිටි ආනයනය නවත්වනවා – නවසීලන්ත අගමැති ආවත් ආයේ හැරෙන්නේ නෑ!
-
උණුසුම් පුවත්1 week ago
නව ප්‍රභේදය නිසා රට ලොක් ඩවුන් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ – කොවිඩ් රාජ්‍ය ඇමති
-
උණුසුම් පුවත්6 days ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..