Uncategorized
හොරබඩු තොගයක් මිලට ගැනීමට ආ මන්ත්‍රී අත්අඩංගුවට

වාලම්පුරියක් ඇතුළු ඉපැරණි මුදල් කාසි , ඉපැරණි ඉලෙක්ට්‍රොනික් උපකරණ,ඉපැරණි පිලිම මිල දි ගැනිමට පැමිණියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිතාවකපුර ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු ඇතුළු තවත් තිදෙනෙක් හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් ප්‍රදේශයට පැමිණ එම භාණ්ඩ මිල දි ගැනිමට පිරිසක් සමග සාකච්ඡා කර ඇති බවට ලද තොරතුරක් මත හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් 21 දින රාත්‍රි 8.30 ට පමණ හැටන් පැති විදියේ දි සැකකරුවන් සහ ඔහුන් පැමිණි කුඩා වැන් රථය පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඔහුන්ගේ ජංගම දුරකතණයේ වට්ස්ඇප් සමාජ මාධ්‍යය හරහා එම ඉපැරණි භාණ්ඩ වල ඡායාරුප හුවමාරු වි ඇති බවත් , එම භාණ්ඩ සදහා විශාල වටිනාකමක් ඇති බවට එම සැකකරුවන්ගේ දුරකථන වල වට්ස්ඇප් සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාර වි ඇති බවයි හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තොරතුරු වසන් කරන බවත් , එම සැකකරුවන් අව්ස්සාවේල්ල , හපුතලේ , ඕහිය, වටවල යන ප්‍රදේශවල පදිංචි 25 , 26 , 27, 48 යන වයස් කාණ්ඩවල පසුවන අය බව හැටන් පොලිසිය පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
Uncategorized
තවත් කොරෝනා මරණ 03ක්!

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.
Uncategorized
බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

වැඩ සමග යළි ගමට දකුණු පලාත් සංවර්ධන වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.
හිටපු අමාත්‍ය ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී අද මෙම උත්සවය පැවැත්වින. ඒ සඳහා පළාත් වල සියලු මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
එම වැඩසටහන් මාලාවක් රට පුරා පළාත් මට්ටමෙන් මේ සතිය තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනය වයඹ පළාතේද, අනිද්දා උතුරුමැද, ඊට පසු මධ්‍යම ඇතුළු සෙසු පළාත්වල ද මෙම කටයුත්ත සිදු කෙරේ.
2021 අයවැය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දිරිද්රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.
Uncategorized
සතොස ගැන බොරු කියූ අනුරට වහාම පිළිතුරු.. මාධ්‍ය නිවේදනයක්!

ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විසින් සතොස සභාපතිවරයාට චෝදනා නගමින් පෙරේදා (04 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණා.
එහිදී මන්ත්‍රිවරයාගේ චෝදනාව වූයේ සතොස සභාපති සීනි මෙට්‍රික් ටොන් 5000ක් ඔහුගේ ඉහළ පෙළේ අයෙකුගේ මිත්‍රයෙක් ගෙන් තීරු බදු ඉවත් කළ විගසම මිලදී ගත් බවයි.
මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් එහි සත්‍ය කරුණු අණාවරණය කරමින් ලංකා සතොස ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්..


-
උණුසුම් පුවත්2 weeks ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..
-
උණුසුම් පුවත්2 weeks ago
අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..
-
උණුසුම් පුවත්2 weeks ago
එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි