Uncategorized
දකුණු ආසියාවේ කොරෝනා පාලනය සාර්ථකම රට ශ්‍රී ලංකාවයි..

ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී කාලසීමාවකට අප එළැඹ ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සංචාරක ක්ශ්‍රේෂ්ත්‍රයේ නියුතු ලක්ෂ 5කට අධික පිරිසකට එන්නත්කරණය කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් සේවක සේවිකාවන් 500 දෙනෙකු, සංචාරක මාර්ගෝපදේශකයින්, සංචාරක රියැදුරන් සහ සෆාරි රියදුරන් 150 ඇතුළුව දහසක පමණ පිරිසකට සයිනොෆාම් එන්නත ලබාදීම ස්ථාන හතරක දී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට එක් වූ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී කාලසීමාවකට අප එළඹ ඇති බවයි.
‘කොරෝනා වසංගතය නිසා වැහුණ රට නැවත විවෘත කර ආර්ථික, සමාජීය ස්ථාවරත්වය සකස් කරන වැඩ පිළිවෙල ආරම්භ කරලා තියෙනවා. එහිදී ප්‍රමුඛතම කාර්ය වන්නේ සහ ලෝකය ම විශ්වාස කරනු ලබන කාර්යය වන්නේ එන්නත්කරන වැඩපිළිවෙළ තුළ රට විවෘත කිරීමට හැකි වන බවයි. දකුණු ආසියානු කලාපයේ මේ වසංගතය පාලනය කර සාර්ථකම රට ශ්‍රී ලංකාවයි.
ඒ වගේම බුබුළු ක්‍රමය හරහා සංචාරක ව්‍යාපාරය දකුණු ආසියාතික රටක් විදියට ප්‍රථමයෙන්ම ආරම්භ කළේ අපි. පසුගිය වසරේ එල්. පී. එල් තරගාවලිය ජෛව බුබුළු ක්‍රමය යටතේ ආරම්භ කලා. අපෙන් ලැබූ ආභාෂය මතයි පසුව දකුණු ආසියාතික රටවල් ජෛව බුබුළු ක්‍රමය හරහා ක්‍රීඩා තරග පවත්වන්න කටයුතු කළේ.”
ක්‍රමක්‍රමයෙන් ලෝකය සංචාරකයින්ට විවෘත වෙන අවස්තාවේදී ඊට සූදානමක් හැටියට ලෙස එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථව ක්‍රියාත්මක කිරීමට ආන්ඩුවට හැකි වීම සතුටට කාරනයක් බව මෙහිදී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
” මේ රට සංචාරකයින්ට සුරක්ෂිත රටක් බවට ලෝකය පිළිගන්නා ආකාරයෙන් අප කටයුතු කළ යුතුයි. සංචාරකයින් ලංකාවට පැමිණීම තුළින් අපේ රටේ ජීවත්වන ජනතාවට ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්නත් අවශ්‍යයි. ඉදිරි සති කිහිපය තුළ සංචාරක ක්ෂේත්රයේ නියැලෙන සියළු දෙනාටම සහ ඒ අයගේ පවුල්වල අයටත් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අද අපි ආරම්භ කරලා තියෙනවා. අවුරුදු 30ට වැඩි සියලුම පුරවැසියන්ට එන්නත ලබාදීම දීම රජයේ අරමුණයි.වසර අවසාන වන වන විට මේ රටේ ජනගහණයෙන් සියයට හැටකට එන්නත් ලබාදීමට කටයුතු කරනවා. එවිට රටක් හැටියට අපට සුරක්ෂිතභාවයත් ජනතාව තුළ ඇති කිරීමට හැකියාව ලැබෙනවා.මේ රට වසංගතයෙන් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාම තමයි ජනාධිපතිවරයා ගේත් අග්‍රාමාත්‍යවරයාගේත් සමස්ත රජයත් අරමුණ වන්නේ.
සංචාරක ක්ෂේත්රයට සහන ලබාදීමට කටයුතු කරමින් උපරිමය එකසිය පනහකට පමණ සහභාගිත්වයෙන් හෝටල් වල විවාහ උත්සව පැවැත්වීමට දැන් අවස්ථාව ලබා දීලා තියෙනවා.
– ප්‍රදීප් අනුර කුමාර
Uncategorized
ඉන්ධන අවසන්! ලෙබනනයේ විදුලි සැපයුම බිඳ වැටේ..

ඉන්ධන හිඟයක් හේතුවෙන් ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙකක් පසුගිය සෙනසුරාදා දිනයේ වසා දමන ලද අතර ඒ හේතුවෙන් මේ වන විට ලෙබනනයේ විදුලි සැපයුම මුළුමනින්ම පාහෝ බිඳ වැටී තිබෙන බව CNN වෙබ් අඩවිය වාර්තා කරනවා.
එරට බලධාරීන් ලෙබනනයේ අත්‍යවශ්‍ය සේවා සඳහා ඇති සංචිත වලින් ඉන්ධන ලබා දී නිෂ්පාදන මධ්‍යස්ථාන වලට විදුලිය අර්ධ වශයෙන් ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටින බව ලෙබනනයේ රාජ්‍ය එන්එන්ඒ NNA ප්රවෘත්ති සේවය වාර්තා කර තිබෙනවා.
Uncategorized
ජ‘පුර සරසවියෙන් Voice Sri Lanka වේදිකාවට ආ මිදොරි..

මේ දවස්වල The Voice Sri Lanka වැඩසටහනේ කාගෙත් කතාබහට ලක්වෙන ඇය මිදොරි තාරුකා කරුණාරත්න. තමන්ටම අනන්‍ය වූ කට හඬකින් ගීත ගායනා කරන ඇය වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, කළමනාකරණ පීථයේ, ව්‍යාපාර සංඛ්‍යානය පිළිබඳ විශේෂ උපාධියක් හදාරණ අවසන් වසරේ සිසුවියක්.
ඉගෙනීමට වගේම ගායනයටත් ක්‍රීඩාවටත් එක ලෙස දස්කම් පෙන්වන ඈ කුඩා කල අධ්‍යාපනය ලබා ඇත්තේ කොලොන්නාව බාලිකා ජාතික පාසලෙන් වන අතර එම පාසලේදී ක්‍රීඩාවෙන් දැක් වූ දක්ෂතාවය මත ඇයට කොළඹ, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දොරටු විවර වනවා.
ඇයගේ පාසල් දිවිය තුළ ශ්‍රී ලංකා පාසල් කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරන තිබෙන අතරේ වසර තුනක් පුරාවට ත්‍රෝබෝල් ක්‍රීඩාවෙන් සමස්ත ලංකා පාසල් ශූරතාවය දිනාගත් සිරිමාවෝ කණ්ඩායමේ නායිකාව වශයෙන්ද කටයුතු කර තිබෙනවා. 2015 Milo කුසලාන පාසල් ක්‍රීඩා උළෙලේ දී දැල්පන්දු අංශයෙන්ද, 2015, 16 වසර වල ත්‍රෝබෝල් ක්‍රීඩාවෙන් ද Milo වර්ණ සහ ජාතික වර්ණ ලබාගැනීමට ද ඇය සමත්ව තිබෙනවා.
ඊට අමතරව ඇය 2015 වසරේ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟාවලියේ දී විදේශ නාට්‍ය අංශයෙන් හොඳම සංගීත අධ්‍යක්ෂක, හොඳම රංග රංගභූමි පරිපාලනය සහ රංගන කුසලතාව යන සම්මාන වලට ද ඇයට හිමිකම් කීමට හැකියාව ලැබී අතර ඇය ඇතුළු නාට්‍ය කණ්ඩායම ප්‍රථම ස්ථානය හිමිකර ගන්නට සමත් වී තිබෙනවා.
විශ්වවිද්‍යාල කටයුතුවලට අමතරව The Voice Sri Lanka වැඩසටහනට සහභාගී වන මිදොරිට එම වැඩසටහන ඔස්සේ ජාත්‍යන්තරය ජය ගැනීමට හැකියාව ලැබේවා යයි ප්‍රාර් ථනා කරනවා..
Uncategorized
බැසිල් රාජපක්ෂ සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් ඊට සූදානම්..- විමල්

ඕනෑම පුද්ගලයෙක් සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් එම ගමන යාමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකිදැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
වීරවංශ මහතා කහටගහ මිනිරන් පතල නිරීක්ෂණ චාරිකාවකට ගිය අවස්ථාවේදී මෙසේ මාධ්‍යයට ප්‍රතිචාර දැක්විය.
https://www.facebook.com/574747679309723/videos/970299123808877