Off Road
ජනපතිගෙන් පලාත් සභාවලට රතු එලි.. බලතල දුන්නොත් වෙන විපත කෙලින්ම කියයි..

කොවිඩ් 19 වසංගතය අපට උගන්වන වැදගත් පාඩමක් වන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව සනාථ කිරීම යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.
ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් පාලනය පළාත් සභාවලට පවරා තිබුණද සෞඛ්‍ය අර්බුදයකදි පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි රෝහල් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ කළමනාකාරිත්වය යටතේ දිවයින පුරා පවතී. සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට මුළුමනින් පවරා තිබුණේ නම් කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාව බොහෝ සෙයින් වෙනස් වන්නට තිබිණැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
ඇතැම් කාර්යයන් විෂයයෙහි මධ්‍යම ආණ්ඩුවේ වගකීම පවත්වාගැනීමේ වැදගත්කම මෑතකාලීන අත්දැකීම්වලින් තහවුරු වූ බවත්, අධ්‍යාපනය එසේ හඳුනාගත හැකි තවත් ක්ෂේත්රයක් බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි.
ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මේ අදහස් පළ කළේ කැලණිය බොල්ලෑගල, මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී අද (05) ආරම්භ වූ “යහපත් සීමාවාසිකයා” දෙදින වැඩුමුළුවේ ආරාධිත දේශනය කරමිනි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධාන කළ වැඩමුළුවට සීමාවාසික පුහුණුවට තෝරාගනු ලැබ සිටින ආධුනික වෛද්‍යවරු 680ක් සහභාගී වෙති. අද ආරම්භ වූයේ මෙවැනි වැඩසටහන් මාලාවක 08 වැන්නයි. එහිදී සියයකට අධික මහාචාර්යවරු සහ විශේෂඥ වෛද්‍යවරු දේශන කරති.
ජනාධිපතිතුමා සිය කථාව ආරම්භ කරමින් කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ රජයේ විවිධ අංශ ගත් තීරණාත්මක හා කඩිනම් පියවර සහ අපේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විශිෂ්ඨ ප්රයත්නය නිසා බව සඳහන් කළේය. මේ ව්‍යායාමයට දායක වූ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයනට එතුමා කෘතඥතාව සහ උපහාරය පුද කළේය.
“ලෝකයේ ඇතැම් සංවර්ධිත රටවල් පවා සාර්ථක ලෙස වසංගතයට ප්‍රතිචාර දැක්වීමට සමත් වූයේ නැහැ. ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වීම සහ සර්වජන සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියක් නොතිබීම ඊට ප්‍රධාන හේතුවක්. පෙර සූදානමක් නොතිබීමත්, ප්‍රමාණවත් තරම් පරීක්ෂණ නොකිරීමත් ඊට බලපෑවා. ප්‍රතිඵලය ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමයි. කොවිඩ් ආසාදිත බවට සැක කෙරෙන එක් රෝගියෙකු හෝ අප ආපසු හරවා යැවූයේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් වැනි අන්තර්ජාතික සංවිධාන සේම බොහෝ රටවල් අප අත්කරගත් සාර්ථකත්වය ගැන ප්‍රශංසා කළා. සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද ශ්‍රි ලංකාවට මේ ප්‍රගතිය හිමිකර ගැනීමට හැකි වූයේ අපේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය නිසා බව මම ප්‍රකාශ කරන්නේ ආඩම්බරයෙන්” ජනාධිපතිතුමා පැවසීය.
කොවිඩ් 19 වසංගතය කළමනාකරණය අතින් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය අපේ මහජන සෞඛ්‍ය සේවාවේ ශක්තිමත්භාවයට සහ කාර්යක්ෂමතාවට ප්‍රබල සාක්ෂියකි. එසේ තිබියදී අපේ රට වැසියන් බොහෝ දෙනෙක් බාහිර සෞඛ්‍ය සේවා සොයා යන්නේ මන්ද යන්න තමාට ප්රහේළිකාවකැයි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කීය.
රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ගැන සැකයක් නැත. රජය උත්පාදනය කරන අරමුදල් මහජන සෞඛ්‍ය සේවා අභිවෘද්ධිය පිණිස වැය කරන නිර්මාණශීලි ප්රවේශයකට කාලය එළැඹ තිබේ. එවැනි ක්‍රියාදාමයක අවසාන ප්‍රතිලාභය පුරවැසියාට බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
මසකට පෙර පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව රජයට දුන් ජනවරම සිහිපත් කළ ජනාධිපතිතුමා ජනතාව සංවර්ධන පිපාසයෙන් පසුවන බවත්, නිදහසට හේතු දැක්වීම්වලින් වෙහෙසට පත්ව සිටින බවත් පැවසීය. “ නිරෝගී ජනගහණයක් සිටීම සංවර්ධනයේ මුලික කුළුණු වලින් එකක්. නිශ්චිත මහජන සෞඛ්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීම රජයේ වගකීමයි. මගේ ධූර කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටිනවා”, ජනාධිපතිතුමා කියා සිටියේය.
වෛද්‍යවරයෙකු හමුවීම සඳහා බොහෝ දුර ගමන් කිරීමට සිදුව ඇති ගම්බද ජනයා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා සක්‍රීය ප්‍රායෝගික දෘෂ්ටියකින් බලා ගැටළු විසඳීමට හැකි බව පෙන්වා දුන්නේය. නව සංකල්ප හඳුන්වාදීමට දැන් කාලය පැමිණ තිබේ. සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නැති ගම්මානවල සුවසේවා සැලසීමට දායකවීමට මහජන සෞඛ්‍ය හෙදියනට පිළිවන. ග්‍රාමීය බෙහෙත් ශාලා නැවත පණ ගැන්වීම තවත් විසඳුමකි.
“යහපත් සීමාවාසිකයා” වැඩමුළුවට එක්ව සිටින තරුණ වෛද්‍ය උපාධිධාරීන් විශේෂයෙන් ආමන්ත්‍රණය කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වෛද්‍ය ක්ෂේත්රය පුද්ගලයෙකුට පිවිසීමට හැකි උතුම් වෘත්තීන්ගෙන් එකක් ලෙස හැඳින්වීය.
“ රෝගීන්ගේ ජිවිතය කෙරෙහි වෛද්‍යවරයාට ඇත්තේ විශාල වගකීමක්. පුද්ගලයෙකුගේ ජීවිතය හෝ මරණය තීරණය වන්නේ ඔබ එළැඹෙන නිගමනය අනුව. ඔබේ වගකීම සුළුකොට තැකීමට පිළිවන්කමක් නැහැ”, ජනාධිපතිතුමා කීය.
දේශනය අවසන් කරමින් “ආරෝග්‍යා පරමාලාභා” යන බුද්ධ වචනය සිහිපත් කළ ජනාධිපතිතුමා සෞඛ්‍ය සේවාවේ ඉහළම ප්රමිතීන් සාක්ෂාත් කර ගනිමින් සහෝදර ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කැප වන්නැයි ආධුනික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.
සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සහ සෞඛ්‍ය නිලධාරීහූ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්රමුඛ සංගමයේ සාමාජිකයෝ සහ සෞඛ්‍ය පර්යේෂණ සහ නවෝත්පාදන සංගමයේ නිලධාරීහූ ඇතුළු පිරිසක් වැඩමුළුවේ සමාරම්භයට එක්ව සිටියහ.
වැඩමුළුවට සහභාගී වූ රාජපක්ෂ මැතිතුමා නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ කැළණිය මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමිපාණන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.
උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුරුවක් තිළිණ කළහ.
ජනාධිපතිතුමා මානෙල්වත්ත විහාරයේ බුද්ධ ශ්‍රාවිකා අධ්‍යයන ආයතනයේ මෙහෙණින්වහන්සේ, ආයතන කාර්ය මණ්ඩලය සහ ධර්මචක්ර ළමා පදනමේ දැරියන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.
– ජනාධිපති මාධ්‍ය අංශය
Off Road
සුරාබදු කප්පම් කරුවෙක් යාපනයයෙන්

යාපනය කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කයට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් සුරාබදු ලෙස ක්‍රියා කරන ප්‍රභාත් ජයවික්‍රම යන අය යාපනය දිස්ත්‍රිකයේ සුරාසැල් හා රෙස්ටුරන්ට් වලින් මසකට රුපියල් පනස්දහසක් බැගිනි හා යාපනය අර්ධද්වීපයේට ඇතුල් වන සෑම බෝතලයකින්ම රුපියල් 10 බැගින් කප්පම් ගනිමින් සිටින බවත්. එසේ නොගෙවන පුගලයන්ට හා සුරාසැල් හිමියන්ගේ බලපත්‍ර අහෝසි කරන බවට තර්ජනය කර ඇති බව වාර්තා වේ.
Off Road
ද්විත්ව පුරවැසි භාවය වගන්තිය ඇතුළුව 20 ට ඉදිරිපත් කළ සියළුම සංශෝධන 2/3 න් සම්මත වෙනවා. හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

විමල් වීරවංශ ප්රමුඛ ජාතිකවාදී කණ්ඩායම බැසිල් රාජපක්ෂට මිසක් 20 ට විරැද්ධ නෑ. ඔවුන්ගේ සැබෑ ප්රශ්නය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිත් අගමැති වෙන එක, ජනාධිපති අපේක්ෂකයා වෙන එක වැලැක්වීම මිසක්, 20 සංශෝධනයේ අහිතකර වගන්ති 30 කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර ගැනීම නොවේ යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
සෞභාග්‍ය යේ ආණ්ඩුව අද ආණ්ඩුපක්ෂයේත්, විපක්ෂයේත් භුමිකා දෙකම රඟපානවා. මේ ආණ්ඩුව හදපු බලවේග අද විපක්ෂයේ භුමිකාව නිරූපනය කරන්න, පෙත්සම් අත්සන් කරනවා. පුවත්පත් සාකච්ඡා තියෙනවා. කුමන්ත්‍රණ කරනවා. වොයිස් කට් දෙනවා. විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට තියෙන්නේ ජනාධිපතිවරයා අතේ බලය ගොනුවීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. බැසිල් රාජපක්ෂ පිළිබඳ ප්‍රශ්නයක් යැයි තෙන්නකෝන් පැවසූවේ සාහසික වියරුව පරදවමු ජනතා ව්‍යාපාරය නාරාහේන්පිට පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී ය.
අවසනාවකට ලංකාවේ දේශපාලන අනාගතය තීරණය වන්නේ ප්‍රතිපත්ති මත නොවෙයි මෙවැනි පුද්ගලික කාරණා මතයි. 17, 18, 19, 20 ව්‍යවස්ථා සංශෝධන හතරම ඡන්දය දෙන මන්ත්‍රීවරු 23 ක් ඉන්නවා. දේශපාලන අවස්ථාවාදය මිසක් ප්‍රතිපත්තියක් නැති කම තමයි ප්රශ්නය.
20 වන සංශෝධනය පිළිබඳ විරෝධය ජනාධිපතිවරයා අත බලය ගොනුවීම පිළිබඳ ප්‍රශ්නයක්. අපිට තියෙන්නේ ඊලඟට රටේ අගමැති, ජනාධිපති බිළිබඳ ප්‍රශ්ණයක් නෙවෙයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 4 – 5 ක මහජන නියෝජිතයෝ 20 ට පක්ෂව ඡන්දය දෙනවා. ආණ්ඩුව 20 ට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව 150 ට වැඩිය මන්ත්‍රීවරු 155 කට වැඩිය සුදානම් කරගෙන ඉන්න බව පැහැදිවම පේනවා.
මම ප්‍රාර්ථනා කරනවා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඡන්දය අවසන් වෙන කොට බදුල්ල, රත්නපුර, මඩකලපුව දිස්ත්‍රික්කවල විපක්ෂයට එකම මන්ත්‍රිවරයෙක්වත් ඉතිරිවේවා කියලා යැයැ ද කීර්ති තෙන්නකෝන් පැවසීය.
20 ට නීතිපති හරහා ගෙනාව සංශෝධන ඇස්බැන්දුමක්. හරක් මරන්නේ නෑ කියලා, හරක් රවට්ටපු ආණ්ඩුවක් මේක. ඒ වගේම පහුගිය සති දෙකේ 20 ට විරුද්ධ වුණු පිරිසක් අද, එයට පක්ෂයි කියනවා. මේක පැහැදිලි ඩීල් එකක්. ඉතාම පැහැදිලි ඩීල් යුගයකට රට නැවත පැමිණිලා තියෙනවා. මේ ඩීල් එකේ ප්‍රතිඑලය තමයි ද්විත්ව පුරවැසි භාවය ඇතුළු සියළු සංශෝධන 2/3න් සම්මත කර ගැනීම.
20 සම්මත වෙලා දින දෙකකට පස්සේ ඇමරිකාවේ පොම්පියෝ ලංකාවට එනවා. ඒ කියන්නේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනවා කියන එකයි. මේ ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුමට විරුද්ධ වුණේ බොරු ඇමරිකන් විරෝධයක් දක්වලා, මිනිස්සුන්ගේ ඡන්ද ටික ගන්න විතරයි.
20 හරහා ආණ්ඩුව තමන්ට පාලනය කළ හැකි බොරු විපක්ෂයක් නිර්මාණය කර ගන්නට උත්සහ කරනවා. එකේ විපක්ෂ නායකයා විමල් වීරවංශ යි. මේ රටේ මිනිස්සු කවරුත් මේ බොරු අවස්ථාවදී විපක්ෂය රැවටෙන්නේ නෑ යැයි ද හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් පැවසීය.
Off Road
කුලියාපිටිය රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක්.. ICU හා තවත් වාට්ටුවක් වසා දමයි..

කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොරෝනා ආසාදිත බව හෙළිවී තිබේ.
ඒ හේතුවෙන් එම දැඩි සත්කාර ඒකකය සහ රෝහලේ තවත් වාර්තාවක් වසා දමා තිබේ.
ඇයට සමීපව කටයුතු කළ වෛද්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ තිස් දෙකක් නිරෝධායන යොමු කර තිබේ.
ඇය එම ප්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගී වූ බවට තොරතුරු ඇතැයි ද රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කරයි.
එම සාදයේ දී ඇය ආසාදිතයන් කිහිපදෙනකු මුණගැසුනු බවට තොරතුරු ඇති නිසා සිදුකරන ලද පරීක්ෂාවෙන් ඇයද ආසාදිත බව හෙලි වූයේ යයි ඔහු පැවසීය.
-
උණුසුම් පුවත්2 weeks ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..
-
උණුසුම් පුවත්2 weeks ago
අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..
-
උණුසුම් පුවත්2 weeks ago
එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි